topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෑම ආගමික ස්ථානයක්ම විධිමත් සැලසුමකට අනුව දියුණු කිරීමට කටයුතු කරනවා.

_H3A1896

 

  • ඓතිහාසික මහනුවර නගරය හා මධ්‍යම පළාත විශේෂ මහනගර සංවර්ධන සැලසුමක් යටතේ සංවර්ධනය කරනවා – ආයෝජනය රුපියල් දශ ලක්‍ෂ පහලොස් දාහයි.
  • රටේ ඒකීය භාවය හා සම්බුද්ධ ශාසනයට හෝ සෙසු ආගම් ඇදහීමට තිබෙන අයිතිය අහිමි කරන ව්‍යවස්ථා සංශෝධන සිදු කරන්නේ නැහැ.
  • මහනුවර, අනුරාධපුරය පමණක් නෙමෙයි යාපනයත් උපාය මාර්ගික නගරයක් හැටියට ගොඩනගනවා…

– ඇමති පාඨලී චම්පික රණවක

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ ශ‍්‍රී දළඳා මාලිගා පරිශ‍්‍රයේ ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර දළඳා මාළිගාවට උරුමකොට පූජා කිරීමේ අවස්ථාවට අද දින (25) එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපි අද මේ ලබාදුන්න අවිහිංසාවාදී ආදර්ශය උතුරේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය විරාභිවාදනයට නංවන පිරිස් ආදර්ශයට ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අය මේ මගින් පාඩමක් ඉගෙන ගනියි  සහනශීලීත්වය කියන එක පිළිබඳව. වෛර කිරීමෙන්, ක්‍රෝධ කිරීමෙන්, අනෙක් ජනයා භේද බින්න කිරීමෙන් නෙමෙයි, ඒ අදාල ස්ථාන භෞතිකවත්, ඒ වගේම බිඳ වැටුණු හදවත් අධ්‍යාත්මිකවත් ගොඩනැංවීමට මෙය උපස්තම්භක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ දළදා මාලිගයෙන් ආලෝකමත් වන මේ මහනුවර නගරය සහ අවට නගර  සියල්ලම ඉදිරි කාලයේදී විධිත් සංවර්ධන සැලැස්මක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය දශලක්‍ෂ පහලොස් දහසක් ආයෝජනය කරලා තිබෙනවා මේ මහනුවර නගරයේ අනාගතය වෙනුවෙන්. විශේෂයෙන්ම මෙහි ජලාපවහන පද්ධතිය, මලාපවහන පද්ධතිය දියුණු කිරීමට. ඒ වගේම මේ ලංකාවේ ප‍්‍රථම බහුවිධ ප‍්‍රවාහන මධයස්ථානය ගෙන එන්නට මේ ඉදිරි කාලයේ දී කටයුතු කරනවා. ඒ අනුව තව අවුරුදු 4ක් පමණ යන විට මේ දළඳා මාලිගා පරිශ‍්‍රය පමණක් නෙමෙයි මේ නගරයත් අලූත්ම නගරයක් සැබෑ මහනුවරක් බවට ගොඩනැගෙන්නට කටයුතු යෙදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මහනුවර, අනුරාධපුරය පමණක් නෙමෙයි අපි යාපනයත් උපාය මාර්ගික නගරයක් හැටියට ගොඩනගන්න කටයුතු කරනවා. අපි උතුරු පළාත් සභාවට බලය දුන්නත් ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා වෙනුවට අපට තවමත් ඇහෙන්නේ දේශපාලන අදෝනා හා වෛරී ප‍්‍රකාශ පමණයි. ඒ නිසා අපෙනුත් ආදර්ශයක් ඒ ප‍්‍රදේශවලට ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ල පිළිබඳව කියනවා නම්, 2015 වසරේ අපි ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 20000 ක් ලාභ ලබන තැනක් බවට පත් කළා. කාලෙකට ඉස්සරවෙලා විදුලිබල මණ්ඩලය ජනතාවගේ සල්ලි කන, ඞීසල් මාෆියාව, ගල් අගුරු මාෆියාව නොයෙක් ආකාරයේ කල්ලි කණ්ඩායම් විසින් සාරය උරාබොන තැනක් බවට පත්වෙලා තිබුණා. අනෙක් රටේ ලොකුම ආයතනය ඛණිජ තෙල් සංස්ථාව, ඔය ආයතනයෙත් හිතවතුන්ට ටෙන්ඩර් දෙන එක වලක්වලා විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අපි හඳුන්වලා දුන්නා. මම ඔය තීරණය ගත්ත දවසෙම රුපියල් බිලියන 550 ක් ඛණිජ තෙල් සංස්ථාවට ඉතිරි උනා. ඒවා දරා ගන්න බැරි සමහර අය මොන මොන ප‍්‍රකාශ කළත් රටට බරක් වෙලා තිබුණු මෙම රාජ්‍ය ආයතන දෙක ගලවාගන්න  අපට පුළුවන් උනා. ඒ නිසා ඒ රාජ්‍ය ආයතන දෙකේ අධ්‍යක්‍ෂ මණ්ඩලවලින් මම ඉල්ලා හිටියා මේ දළඳා වහන්සේට අපෙන් ඉටුවිය යුතු වගකීමක්, යුතුකමක් තිබෙනව එය ඉටු කරමු කියලා. ඒ අධ්‍යක්‍ෂක මණ්ඩල නොපිරිහෙලා එයට දායක උනා. ඒ සඳහා උර දීපූ එම ආයතනවල සියළු සේවකකාරකාදීන්ට අපේ ස්තූතිය පුද කරන්න  ඕනේ.

ඉදිරිකාලයේදී අපේ රටේ වැදගත් සෑම ස්ථානයක්ම මේ දළඳා වහන්සේ වැඩ සිටින, මේ දළඳා මාළිගයේ පමණක් නෙමෙයි අටමස්ථානය, කතරගම කිරිවෙහෙර ආශ‍්‍රිත ප‍්‍රදේශය ඇතුළු මේ සෑම ආගමික ස්ථානයක්ම විධිමත් නාගරික සැලැස්මකට අනුව දියුණු තියුණු කිරීමට අපි කටයුතු කරනවා. අපට තාමත් මතකයි අර සුනාමිය පැමිණිච්ච අවස්ථාවේ උතුරු හා නැගෙනහිර දෙපලාතේ මුහුදු තීරය එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට පවරා දීම සඳහා එවකට පැවතිච්ච ආණ්ඩුවෙන් කරපු වෙලාවේ, අද බොහෝ ජාති පේ‍්‍රමීන් යැයි කියන අය පසුපසට ගිහිල්ලා සැගවිලා හිටපු වෙලාවේ ජීවිත පරිත්‍යාගයෙන් මේ මහමලූවේ උපවාසයක් කරලා මහානායක ස්වාමීන්වහන්සේලා හතර නමම කැඳවලා ඒ ව්‍යායාම ආපසු හැරවූයේ අපේ  ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ. එසේ නොවෙන්න අපට පසුව ත‍්‍රස්තවාදයෙන් ඒ ප‍්‍රදේශ මුදාගන්න බැරිවෙන්න තිබුණා. අපි දැක්කා ත‍්‍රස්තවාදය පරාජය වීමෙන් පස්සෙ ඒ ප‍්‍රදේශවල කොයිතරම් නාවුක බලයක් ඒ අය ගොඩනගාගෙන තිබුණද කියලා. ඒ ප‍්‍රදේශ නිල වශයෙන්ම භාර දුන්නා නම් කොයිතරම් ව්‍යසනයක් මේ රටට වෙනවද කියන එක පැහැදිලියි. එය වැලැක්වූයේ අපේ ස්වාමීන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්. උන් වහන්සේට අපේ පිංපෙත් ලබාදෙනවා.

ඒ වගේම අද නව ව්‍යවස්ථාව ගැන හුග දෙනෙක් කතා කරනවා. නමුත් එවැනි ව්‍යවස්ථාවක කෙටුම්පතක්වත් තවම හදලා නැහැ. මහාසම්මුතියෙන් මිසක් එවැනි ව්‍යවස්ථාවක් ඉටු වෙන්නෙත් නැහැ. අද අපි අපේ මහානායක ස්වාමීන් වහන්සේලාටත් ප‍්‍රකාශ කළා, රාජ්‍යයේ ඒකීය භාවය වගේම, සම්බුද්ධ ශාසනය ලබාදීලා තිබෙන ප‍්‍රමුඛස්ථානය සහ සෙසු ආගම් ඇදහීමට තිබෙන ඒ අයිතිය ඇතුළු ආගමික නිදහස සහිත ස්ථාවර රටක් මිස අස්ථාවර රටක් දෙසට කිසි සේත්ම ව්‍යවස්ථා සංශෝධන සිදුවෙන්නේ නැහැ.  1995 දී එහෙම දෙයක් තිබුණේ නැහැ. අද දේශමාමකයි කියාගෙන පපුවට අතගහගෙන ඉන්න අය සියළු දෙනාම එකතුවෙලා රට බෙදන ප්‍රෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒ ව්‍යවස්ථාවට එදා දායක උනා මහින්ද රාජපක්ෂ මහත්මයා, ජී.එල්.පීරිස් මහත්තයා, සරත් සිල්වා මහත්තයා. මේ ඔක්කොම ඒ ප්‍රෙඩරල් ව්‍යවස්ථාව චන්ද්‍රිකා මැතිණියට හදල දීපූ අය. එදා ඒ ව්‍යවස්ථාව පරාජය කලේ අපේ හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවෝ කළ පරිත්‍යාගශීලි උපවාසය. ඒකට දස දහස් ගණන් ජනයා සහභාගී වුණා. මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළුව. අවසානයේ පාර්ලිමේන්තුවේ එකම නියෝජනයක්වත් නැතිව පරාජය කරන්න අපට හැකිවුණා. ඒ සැබෑ බලවේගයන් තාමත් ජීවමානයි.

සෑම ජන කණ්ඩායමකටම තමන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කර ගනිමින්  එම සංස්කෘතික උරුමයන් පෙරට ගෙනයන්න අපෙත් ඇප උපකාර ලැබෙන බව ප‍්‍රකාශ කරමින්, මේ දළඳා වහන්සේගේ සරණ තිබෙන තෙක් මේ රට යටත් කර ගැනීමට කිසිවෙකුට නොහැකි බව ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කරමින්, ඒ විශ්වාසය අපේ හදවත්තුළ සදාකල්හිම පවතින බව ප‍්‍රකාශ කරමින් මේ සැලසුම් කර ඇති දේවල් ඉදිරියට කරගෙන යාමට අපේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවායි’ පැවසූහ.

_H3A1864

 

Leave A Reply

Your email address will not be published.