මෙරට හිටපු ටෙස්ට් ක්රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මේ දිනවල පොලිසිය විසින් සිදුකෙරෙන පහරදීම් ගැන සටහනක් තබා තිබේ. සිය ට්වීට් ගිණුමෙහි සටහනක් තබන සනත් ජයසූරිය කියන්නේ පොලිසිය මතක තබා ගතයුතු වන්නේ ඔවුන්ගේ රාජකාරිය මේ රටේ දුක් විඳින අහිංසක ජනතාව ආරක්ෂා කිරීම බවයි. ඒ සඳහා පොලිසිය සාධාරණව කටයුතු කළයුතු බව ඔහු පවසයි.
එසේ නොමැතිව පොලිසිය සිටින්නේ ප්රචණ්ඩකාරී නොවන විරෝධතා මැඩපැවැත්වීමට නොවන බව ඔහු සඳහන් කරයි. අපි සියලුදෙනාම කූඩුවක සිටින බව මතක තබා ගන්නා ලෙස පොලිසියට පෙන්වා දෙන සනත් පවසන්නේ මුළු තත්වයම ඕනෑම වේලාවක පුපුරා යා හැකි බවයි.
…ගමගේ…