topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සීතල දඩයම නතර නොකළොත් තත්වය දරුණු වේවි.

මාස ගණනාවක් තිස්සේ අපේ රටේ විශාල ආර්ථික ව්‍යසනයක් තිබෙනවා. ජනතාව එයින් බරපතළ පීඩනයකට ලක්වී සිටිනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් දිගුවෙමින් තිබෙන අතර, බස් ධාවනය අඩපණ වී තිබෙනවා. පෝලිම්වල සිටින ජනතාව මැරී වැටෙනවා. රෝහල්වල ඖෂධ නැතිව රෝගීන් මිය යනවා. මුළු රටම විශාල ව්‍යාසනයකට පත්වෙලා. මේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරනවා වෙනුවට අයිතිවාසිකම් ඉල්ලන ජනතාවට, ක්‍රියාකාරිකයින්ට, උද්ඝෝෂකයින් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ආණ්ඩුව විසින් ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ව්‍යසනයට විසඳුම් දීමයි. නමුත් ආණ්ඩුව කරමින් ඉන්නේ සටනේ නායකයන්, ක්‍රියාකාරකයින් මර්දනය කිරීමට සීතල දඩයමක් පටන්ගෙන තිබීමයි.

අලුතින් අගමැතිකම ගත්ත රනිල් වික්‍රමසිංහත්, ගෝඨාභය රාජපක්ෂත් එකතු වෙලා උද්ඝෝෂණයේ නායකයන් සහ ක්‍රියාකාරකයන් ඉලක්ක කරගත් සීතල දඩයමක් දියත් කර තිබෙනවා. ජනතාවගේ අවධානය වෙන පැත්තක තිබෙද්දී අධිකරණවලට බොරු චෝදනා ඉදිරිපත් කර, අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගෙන බියවද්දන්න ක්‍රියාකරමින් ඉන්නවා. ගෝඨා-රනිල් ආණ්ඩුව දියත්කර තිබෙන මේ සීතල දඩයම වහාම නතර කරන ලෙස අපි අවධාරණය කරනවා. මේ සීතල දඩයම නතර නොකළොත් බරපතළ විරෝධයන්ට මුහුණ දෙන්න ආණ්ඩුවට සිදුවේවි. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජගත් මනුවර්ණ, ලහිරු, රතිඳු, වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි වගේ ක්‍රියාකාරකයින් සහ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඇතිව නව දෙනෙක් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. පසුගිය නවවැනිදායින් පසුව විවිධ චෝදනා ඉදිරිපත් කරමින් අරගලයේ නායකයන්ට විවිධ අවස්ථාවල චෝදනා ඉදිරිපත් කර, දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළා. භික්ෂූන් වහන්සේලා පසුගිය දවස්වල අත්අඩංගුවට ගත්තා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකයින් මේ විදිහට අත්අඩංගුවට ගත්තා. මේක ඉතා බරපතළ කාරණයක්. අපේ රටේ උද්ඝෝෂණය කරන්න ව්‍යවස්ථාවෙන් අවසර තිබෙනවා.

උද්ඝෝෂණවලින් සති ගණනකට පස්සේ බොරු පැමිණිලි දාලා නායකයන් දඩයම් කිරීම කරගෙන යනවා. උද්ඝෝෂකයන් අක්‍රීය කරන්න අධිකරණයේ අවසරය මත අත්අඩංගුවට ගන්නවා. අලුතින්ම අත්අඩංගුවට ගන්න යන එරංග ගුණසේකර, ජගත් මනුවර්ණ ඇතුළු කණ්ඩායම සම්බන්ධ ක්‍රියාමාර්ගය වහාම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. අපේ රටේ අපරාධ කරලා තිබෙන්නේ අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝග ලබා සිටින මේ පිරිස නොවෙයි. ඔවුන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න සටනේ හිටපු අය. මේ අය මර්දනය කරන්න උත්සාහ කරන්නේ ඇත්ත අපරාධකාරයන් ආරක්ෂා කරන්නයි. රටේ ආර්ථිකය මරා දමා ජනතාවගේ සාමාන්‍ය ජීවිතය විනාශ කළ ඇත්ත අපරාධකරුවන් ඉන්නේ ආණ්ඩුවේයි. ජනාධිපති එයින් එක් අයෙක්. අපේ රටේ කෘෂිකර්මාන්තය නැත්තටම නැති කළේ ඔහු. මිනිස්සු කුසගින්නේ මැරෙන්න පාර කැපුවේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රායෝගික නැති ‘කාබනික ප්‍රතිපත්තියයි’. ඊට වගකියන්න ඕනෑ ගෝඨාභය රාජපක්ෂයි.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර, රටේ ණය කන්දරාවක් ගොඩගසා, තෙල් ගේන්න ඩොලර් නැති තත්වයට පත්කර, මහජන මුදල් හොරකම් කර, රනිල්, මහින්ද, ගෝඨාභය යන අයගේ ආණ්ඩු මේ අපරාධය කළා. ඔවුන් තාමත් රජ පුටුවල ඉන්නවා. ඇමතිකම් දරනවා. මේ විනාශය තවමත් සිදුකරමින් විනාශයට එරෙහි වන්නන් දඩයම් කිරීම බරපතළ කාරණයක්. ඔවුන් උත්සාහ කරන්නේ ජනතා හඬට ඇහුම්කන් දී සිංහාසනයෙන් බැස යන්න නොවෙයි. බලහත්කාරයෙන් බලයේ සිටිමින් ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණය කරන අය දඩයම් කරමින් ඔවුන්ට එල්ලවන පීඩනය අඩුකරන්න උත්සාහ කරනවා. රට විනාශකාරී මාවතේ ගමන් කරවමින් සිටිනවා. මේ නිසා ජනතාව තෙල් පෝලිම්වල මිය යන තත්වයක් තිබෙන්නේ. සර්පයන් දෂ්ඨ කිරීමෙන් දරුවන් මිය යනවා. ඔවුන්ගේ මියයාම් ස්වභාවික මරණ නොවෙයි. මනුෂ්‍ය ඝාතනයි. සර්පයෝ දෂ්ඨ කළාම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය එන්නත් නැතිවීම අනියම් මිනී මැරුමක්. තෙල් පෝලිම්වල සිදුවෙන මරණත් ඒ වගේ. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණාම කිසිදු අයිතියක් නැති අගමැතිකම රනිල් වික්‍රමසිංහ බාර ගත්තා. ජනතාවගේ ගැටලුවලට සහන ලබාදීම, ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම වගේ දේවල් කරන බව අගමැතිකම භාරගත් හැටියේම කීවා. එහෙම කියපු රනිල් ආවාට පස්සේ අග-මුල සොයන්න බැරිතරම් දිග තෙල් පෝලිම් හැදිලා තිබෙනවා. ජනතාව දවස් හතර-පහ මේ පෝලිම්වල ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මොනවා හරි විසඳුමක් දේවි කියලා ටික දෙනෙක් හරි හිතාගෙන හිටියා නම් ඒ සිතුවිල්ල ඉටුකළාද කියලා අපි ප්‍රශ්න කරනවා. රට අර්බුදයේ ගිල්වලා රාජපක්ෂවරුන්ට තිබුණු ජනතා විරෝධය රනිල් වික්‍රමසිංහ අඩුකරලා දුන්නා පමණයි.

ජනතාවගේ සාධාරණ අරගලය පාවාදීමේ ද්‍රෝහීකම කරලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහයි. රට විනාශ කළාට අමතරව ඔහු මේ ද්‍රෝහීකමත් කර තිබෙනවා. ඔහු රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා වෙලා අරගලකරුවන් මර්දනය කරමින් ඉන්නවා. ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ ගෙනයන මේ ක්‍රියාමාර්ගය වහාම නතර කළ යුතුයි. උද්ඝෝෂකයන් තොරාගෙන නම් ලැයිස්තු හදලා බොරු පැමිණිලි දාලා අත්අඩංගුවට අරගෙන මර්දනය කිරීමට ගෙනයන උත්සාහය පරද්දන්න අපි ලැහැස්තියි. රනිල් වික්‍රමසිංහට සහ ගෝඨාභයට අපි අනතුරු අඟවන්නේ මේ දැවැන්ත අරගලය මර්දනයෙන් නවත්වන්න බැහැ කියන එකයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට මර්දනයට මුහුණ දෙන්න අපි සූදානම්. ලක්ෂ ගණන් ජනතාව සහභාගි වන උද්ඝෝෂණ දියත් කරන්න අපි සූදානම්. උද්ඝෝෂණ කළ කවුරුවත් ඇමතිකම්, තනතුරු, වරප්‍රසාද, කොන්ත්‍රාත් ඉල්ලුවේ නැහැ. ඒ ගොල්ලෝ මුලින්ම ඉල්ලුවේ පොහොර ටික, ගෑස් ටික, තෙල් ටික දෙන්න කියලා. උද්ඝෝෂණ රට පුරාම ඇතිවුණේ එයට කන් නොදුන් නිසයි. ඒ උද්ඝෝෂණවලින් රාජපක්ෂලා ආරක්ෂා කරන්න ආව රනිල් දැන් ජනතාව මර්දනය කරනවා. අපි ජනතාවට කියන්නේ පෝලිම්වල දුක් විඳින තත්වය නිමාකරන්න මේ අරගලය ජයග්‍රහණය කිරීම සඳහා එක්වන ලෙසයි. ජන පීඩක, ජන ඝාතක ආණ්ඩුව බලයේ ඉන්න තුරු මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න බැහැ. පීඩාව තව තවත් වැඩිවෙනවා. පීඩාවට එරෙහිව සටන් කරන්නන් තනිකරලා මර්දනය කරන්න උත්සාහ කරනවා.

මේ තත්වයට රටක් ලෙස මුහුණ දෙන්න අපි ලැහැස්තියි. දේශපාලන පක්ෂ ලෙස රටක් ලෙස ජනතාවක් ලෙස මුහුණ දෙන්න ලැහැස්තියි. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වෙන්නේ දැවැන්ත උද්ඝෝෂණවලට මුහුණ දෙන්නයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී, අනීතික, පීඩක, මර්දනකාරී ප්‍රයත්නයන් පරාජය කරන්න අපි ලැහැස්තියි. මේ ආණ්ඩුව රට ගොඩගන්න අය නොවෙයි. ඔවුන් මේ විනාශයේ වගඋත්තරකරුවන්. ඔවුන්ගෙන් විසඳුම් ඉල්ලන එකේ තේරුමක් නැහැ. ණයට කාලා ඩොලර් අහිමිකරගෙන මේ රට වැට්ටුවා. සුදු අලි ව්‍යාපෘති දියත් කළා. විදෙස් වත්කම් හින්දුවා. වංචා, දූෂණ, ණය ගැනීම් සහ රටේ සම්පත් විකිණීම දිගටම කළා. දැන් කරම්න් ඉන්නෙත් දිගටම ණය ගැනීමයි. සල්ලි විදිහට ණය නොලැබෙන නිසා භාණ්ඩ ණයට ගන්නවා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක තෙල් ගන්න ණයක් මුලින් ගත්තා. දැන් ආයෙත් තෙල් ගන්න ඩොලර් මිලියන 500ක් ගන්න උත්සාහ කරනවා. මේ වෙනුවෙන් ඉන්දියාව ඇපයක්  ඉල්ලනවා. ඇපයට දෙන්නේ රටෙන් කොටසක්. රට විකුණමින් ණය ගන්න එකයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඉන්දියාවෙන් ණයට ගේන්න යන යූරියා තත්වයෙන් බාලයි කියලා දැන් හෙළිවී තිබෙනවා. මේ නිසා කෘෂිකර්මාන්තය තවත් විනාශ වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන බව කියමින් බදු වැඩි කර, අමාත්‍යාංශවල වියදම් කපා හැර ජනතාව මත තවදුරටත් පීඩාව එල්ල කරනවා.

මේ ආණ්ඩුවත් එහි සංයුතියත් මේ විදිහටම තිබෙද්දී ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. ජනතාව ඉන්නේ ආණ්ඩුව එක්ක තරහින්. ඒ නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන්න තිබෙන මුදල් පවා එවන්නේ නැහැ. මේ නිසා වාහන පාරවල් අයිනේ නවත්වා පයින් යන්න සිදුවී, බඩගින්නේ ඉන්න වෙලා තිබෙනවා. අලුත උපදින දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. වැඩිහිටියන් සෞඛ්‍ය ප්‍රශ්නවලින් පෙළෙනවා. මේ ආණ්ඩුව පවතින දවසක් පාසා ප්‍රශ්න උග්‍රකෙරෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී ලෙස පලවා හැරීමේ දැවැන්ත සටනක් නිර්මාණය කරන්න ඕනෑ. මේ බව දන්නා ආණ්ඩුව විරෝධතාකරුවන් සහ නායකයන් සොයා ගොස් අත්අඩංගුවට ගැනීමේ සීතල දඩයමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පිං අගමැතිට ජනතාව බයවද්දන්න බැහැ. අපි කවුරුත් කරන්නේ ජනතාව සහ රට වෙනුවෙන් සාධාරණ, යුක්තිගරුක, ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී සටනක්. එවැනි සටනක් මර්දනකාරිත්වයෙන් යටපත් කරන්න බැහැ. ඒ නිසා මේ අයට බිය වෙන්න එපා කියලා අපි ජනතාවට කියනවා. ඒගොල්ලන්ගේ සිංහාසන අහිමි වෙනවා. ඒ  නිසා වහාම සංවිධානය වෙමු. එකතු වෙමු. අත්වැල් බැඳගමු කියලා ජනතාවට කියනවා. අපේ රට මේ විපතින් මුදවා ගැනීම සඳහා නව ජනවරමක් සහිත පාලනයක් බිහිකර ගැනීමෙ වෙනුවෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි පෝලිම්වල සිටියත් රට වෙනුවෙන් කරන සටන අඩාල කර නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ගැටුම් ඇති නොකර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපිව මේ තත්වයට පත් කළ පාලක කල්ලිය පලවා හැරීම සඳහා සියලු ශක්තීන් එකතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ සීතල දඩයම වහාම නතර කර, ජන හඬට ඇහුම්කන් දී ඉවත්වී යන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

Leave A Reply

Your email address will not be published.