හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මස්සිනා වූ තුසිත රණවක ගේ දෙනියාය නාතගල වත්තේ නිවස සදහා මග නැගුම සම්පත් යොදා ගැනීම වාර්තා කළ දයා වෙත්තසිංහ, ශාලික විමලසේන හා රවීන්ද්‍ර පුෂ්පකුමාර යන මාධ්‍යවේදීන් පිලිබදව තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය .
රාජපක්ෂ පවුල විසින් මහජන දේපල අයථා පරිහරණය කිරීම ඒ යුගයේම හෙළි කළ ඔවුන් එම ඡායාරූප හා තොරතුරු රැගෙන එන අවස්ථාවේ පොලිස් අත්අඩංගුවට ගන්නා ලදී පසුව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක සැකකරුවන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ දින 7ක් රදවාතබා ගන්නා ලදී .පසුව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන් ඉදිරිපත් කල අතර ඒ පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුළුවීම චෝදනාව මතය . මෙම නඩුවට අදාල තීන්දුව මොරවක මහේස්ත්‍රත් අධිකරණයේදී හෙට ප්‍රකාශයට පත් වීමට නියමිතය .