topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටේම ආන්දෝලනයකට ලක්වුණු සයිටම් ආයතනය ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි ?

select-ii

රටේම ආන්දෝලනයකට ලක්වුණු සයිටම් ආයතනය ගැන ආණ්ඩුව මුනිවත රකින්නේ ඇයි ? යනුවෙන්

ජ.වි.පෙ. නායක අනුර දිසානායක  ප්‍රශ්නකර  සිටියි .ඔහු මෙසේ  පැවසුවේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි .වැඩි දුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. නායක අනුර දිසානායක
සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයාට වෙඩි තැබීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරු විවිධ ප‍්‍රකාශ කරමින් තිබෙනවා. රාජිත සේනාරත්න ඇමතිවරයා සහ මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප‍්‍රකාශවල තිබුණේ මේ තත්වය සුළුවෙන් තැකිය නොහැකි බවත් එය වර්ධනය වුවහොත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දක්වා මෙම කි‍්‍රයාවන් ගමන් කළ හැකි බවත්ය. එම ප‍්‍රකාශවලින් කියවුණේ සයිටම් ආයතනයට එරෙහි කණ්ඩායම් වෙත මෙම වෙඩි තැබීමේ කි‍්‍රයාවේ වගකීම පවරන බවකුයි.
සයිටම් ආයතනයට එරෙහිව විශාල අරගලයක් දියත් කොට තිබෙන ශිෂ්‍ය සංගම් ඇතුළු බහුජන ව්‍යාපාරවලට එම වෙඩි තැබීමේ වගකීම පැවරීමට ආණ්ඩුව කටයුතු කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ඉතිහාසයත් එවැනි එකක්. තමන්ට එරෙහිව කටයුතු කරන විවිධ කණ්ඩායම් වෙත මර්දනය දියත් කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අතීතයේදීත් මෙවැනිම කි‍්‍රයාවන් සිදුකර තිබෙනවා. එයට හොඳම උදාහරණයක් තමයි 1983 කළු ජූලිය. එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ ඇමතිවරුන්, මන්තී‍්‍රවරුන්, පාතාල කණ්ඩායම් සමඟ ආණ්ඩුව කළු ජූලිය දියත් කළා. එම සිදුවීමට මුවාවී ජේ.ආර්. ජයවර්ධන දේශපාලන පක්‍ෂ තහනම් කිරීමට කටයුතු කළා. මෙම වෙඩි තැබීම මගින්ම ප‍්‍රකාශ වන්නේ එවැනි දෙයක්. එනිසා අපි ආණ්ඩුවට බල කරනවා මෙම සිදුවීම යට යන්න නොදී මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් සිදුකොට මෙයට සම්බන්ධ වූවන් හෙළිදරව් කළ යුතුයි කියලා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට හෙළිදරව් නොකරන තාක්කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වළක්වන්න බැහැ. මොකද, ආණ්ඩුවේ රැුකවරණය ලබන හස්තයක් නොමැති නම් මෙය හෙළිදරව් කළ යුතුයි. අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, තාජුඞීන් ඝාතනය වැනි ක‍්‍රියාවල වගඋත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැුකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා.
මෙම සයිටම් ආයතනය ඉතාම වංචනික ආයතනයක්. එහි ඉතිහාසය ගත්තාම ආයතනය පිහිටුවීම වෛද්‍ය පීඨය ආරම්භ කිරීම, රුසියාවේ විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ යැයි ප‍්‍රකාශ කිරීම යන සිදුවීම්වලදී ඉතාම තක්කඩි වංචාවලින් පිරිලා තිබෙනවා. තාජුඞීන් ඝාතනයට සම්බන්ධ ඇටකටු සයිටම් රෝහලේ තිබිලා හමුවුණා. ඒ තරම් තක්කඩි අමන කි‍්‍රයාවලට සම්බන්ධ ආයතනයක් තමයි සයිටම් කියන්නේ. එවැනි ඉතිහාසයක් තිබෙන ආයතනයක් විසින් මෙම වෙඩි තැබීමේ කි‍්‍රයාව නොකළා යැයි හිතන්නට පුළුවන්කමකුත් නැහැ. එම නිසා මෙම වෙඩි තැබීම වෙන දිසාවන්වලට යොමු නොකර ඒ සම්බන්ධව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතුයි.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදීමෙන් පසු සයිටම් විරෝධය ප‍්‍රබල වී තිබෙනවා. එම ප‍්‍රබල විරෝධය වෙන අතකට යොමු කිරීමට සයිටම් ආයතනය මෙවැනි කි‍්‍රයා සිදුකරනවා කියලත් සැක කරන්න පුුළුවන්කම තිබෙනවා. මෙම කි‍්‍රයාව සමීර සේනාරත්න හා සම්බන්ධ පෞද්ගලික දෙයක්ද නැතිනම් කුමන්ත‍්‍රණකරුවන් පිරිසක් විසින් කරන ලද්දක්ද නැත්නම් සයිටම් විරෝධය නිසා සිදුකළ දෙයක්ද යන්න නිශ්චිතව තහවුරු කරගත යුතු වෙනවා. අපි පාර්ලිමේන්තුවේදීත් අගමැතිවරයාට කිව්වා මේ පිළිබඳව කඩිනම් පරීක්‍ෂණයක් සිදුකරන්න කියලා. මෙවැනි විගඩම් නාටකවලින් සයිටම් ආයතනයට තිබෙන විරෝධය යටපත් කරන්න පුළුවන්කමක් නැහැ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව විශාල විරෝධතාවයක් දියත් කරමින් තිබෙනවා. එම අරගලයට අප පක්‍ෂයක් ලෙස අපගේ අවංක සහයෝගීත්වය පළ කරනවා. සයිටම් විරෝධී අරගලයට අපි හැකි උපරිම ශක්තිය යොදා මැදිහත් වෙනවා. අද අප අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවත් සමග සාකච්ඡුා කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණයේ සංකේතය බවට පත්වෙලා තිබෙන මෙම සයිටම් ආයතනය අහෝසි කරන තුරු මේ සටනට අපේ ප‍්‍රබල සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අප පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ඉදිරියේදී වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරනවා. අපේ රටේ අධ්‍යාපනයත්, වෛද්‍ය අධ්‍යාපනයත්, සෞඛ්‍යයටත් මේ ආණ්ඩුව සිදුකරන අහිතකර බලපෑම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. මේ මාසය පුරා දැවැන්ත විරෝධතා කි‍්‍රයාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනය අනතුරේ දමන, නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට උත්සාහ කරන මෙම කළු ආයතනය අහෝසි කළ යුතුයි.
මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා රටේ ජනාධිපතිවරයා, හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සයිටම් ආයතනයට ළමුන් ඇතුලත් කිරීමට විරෝධය පළකරමින් තමන් විසින් ලබාදුන් නිර්දේශ, තීරණ නැවත මතක් නොකර සිටීමේ අරමුණ මොකක්ද? ජනාධිපතිවරයා වහාම මෙම ශිෂ්‍ය මර්දනය පිළිබඳව, සයිටම් ආයතනය පිළිබඳව රටට ප‍්‍රකාශයක් කළ යුතුුයි. නිහඬ ගොළු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ, තමන්ගේ අතිජාත මිත‍්‍රයා ආරක්‍ෂා කරන්නද? ලොතරැුයි මිල වැඩිවූ අවස්ථාවේදී ඔහු ඒ පිළිබඳ ප‍්‍රකාශයක් කළා. ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු නාවික හමුදාපතිවරු අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ වෙලාවේ ජනාධිපතිවරයා එයට මැදිහත් වී ප‍්‍රකාශයක් කළා. එෆ්.සී.අයි.ඞී. ආයතනයට හමුදා නිලධාරීන් කැඳවන විට ප‍්‍රකාශයක් කළා. එවැනි සියලූම සිදුවීම්වලදී අදහස් දක්වන ජනාධිපතිවරයා ඔහු හමුවීමට එන උද්ඝෝෂණවලට පහර දෙන්නේ තමන්ගේ අතිජාත මිත‍්‍රයා වන රාජිත සේනාරත්න ආරක්‍ෂා කිරීමටද?
අපේ රටේ අගමැතිවරයාත් සියලූම සිදුවීම්වලදී හොරගල් අහුලනවා වගේ මෙම ප‍්‍රශ්නයේදී තමන්ගේ සහචර කණ්ඩායම් කරළියට ගෙන එමින් ඉන්නවා. ඔහු නිශ්චිත අදහසක් රටට කියනවා වෙනුවට හොරගල් අහුලනවා. ගොළුවා කසාය බිව්වා වගේ ඉන්න ආණ්ඩුවේ මෙම ප‍්‍රතිපත්තිය වහාම වෙනස් කළ යුතුව තිබෙනවා. වෛද්‍යවරයෙක් එම වෘත්තියේ ලියාපදිංචි කරන වෛද්‍ය සභාව මෙම සයිටම් ආයතනය ප‍්‍රතික්‍ෂේප කොට තිබෙනවා. දෙමාපිය සංගම්, වෘත්තීය සමිති, රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු මුළු ජනතාවක් සයිටම් ආයතනයට එරෙහිව කතා කරනවා. පසුගිය කාලය පුරාවටම මාධ්‍යවේදීන් මේ පිළිබඳව කොතරම් ප‍්‍රවෘත්ති වාර්තා කළාද?. මුළු සමාජයේම ආන්දෝලනයට ලක්වූ මෙම ආයතනය පිළිබඳව අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් මුනිවත රකිනවා. ආණ්ඩුව මෙම සයිටම් ආයතනය ගැන තමන්ගේ ස්ථාවරය රටට ප‍්‍රකාශ කළ යුතුයි. කිරිඇල්ලගේ ප‍්‍රකාශ, තමන්ගේ උත්සාහය ඵල දැරීම නිසා උද්‍යෝගයෙන් කතා කරන එස්.බී.ගේ ප‍්‍රකාශ, සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න රාජිතගේ ප‍්‍රකාශ නොව ආණ්ඩුවේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුව මෙම නීති විරෝධී සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි. ආණ්ඩුව ඉතා ඉක්මණින් මෙම ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් විය යුතුයි. එසේ නොමැති නම් ශිෂ්‍ය ව්‍යාපාර, වෛද්‍ය සංගම්, බහුජන සංවිධාන සමඟ එක්ව සයිටම් අහෝසි කරන අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
මුලින්ම සයිටම් ආයතනය වංචා කළා කියලා එයට එරෙහිව සටන් කළේ සයිටම් ආයතනයේ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ දෙමව්පියනුයි. තමන්ට සිදුවුණු අසාධාරණය කියන්න දෙමාපිය සංගමය ගැමුණු විජේරත්න, අපේ පක්‍ෂය හමුවුණා. එනිසා මෙම වංචනික ආයතනයක් බව ප‍්‍රකාශ කළේ ඔවුන්මයි. එසේ තිබියදී එම ආයතනයට සිසුන් බඳවා ගැනීම නතර කළේ නැහැ. අපිට ගැටලූව තිබෙන්නේ සයිටම් ආයතනය සමඟ පමණක් නොවෙයි. රජයේ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ සඳහා පමණක් මේ ආණ්ඩුව ඉඩ පහසුකම් තිබියදී පසුගිය වසරේ ළමුන් 698ක් බඳවා ගත්තේ නැහැ. ජ/පුර, කොළඹ, රුහුණ යන විශ්වවිද්‍යාල තුනේ පමණක් ආචාර්යවරු හිඟය 310ක්. මේ ආණ්ඩු ආචාර්යවරු නැති විශ්වවිද්‍යාල හදලා තිබෙනවා. උසස් පෙළ විභාගයෙන් පසු සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නට වසර එකහමාරක් බලාගෙන ඉන්නවා. මුළු ලෝකයේම ශිෂ්‍යයන් පෙනී සිටින ලන්ඩන් උසස් පෙළ ප‍්‍රතිඵල සති තුනකින් ලබාදීමට කටයුතු කරනවා. විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සියල්ල මේ ආණ්ඩුව විසින් කඩා වට්ටලා තිබෙනවා. අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියකර හැරීමත් විශාල ගැටලූවක්. කාලයක් මේ ආණ්ඩුව අපේ රටේ කැසිනෝ දාන්න ඉඩ දුන්නා. තවත් වරක රාජ්‍ය ආයතන සමාගම්වලට පාලනය කරන්න ඉඩ දෙනවා. දැන් අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල දමන්න ඉඩ දීලා. එනිසා මෙම අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සටනක් දියත් කළ යුතුයි. දැනටත් අපේ රටේ වෛද්‍ය පීඨ 04ක් ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒවා ආරම්භ කරන්නට මේ ආණ්ඩු කිසිදු පියවරක් ගන්නේ නැහැ.
සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න වෛද්‍යවරයෙක් නොවෙයි ඔහු රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙක්. ඔහුගේ වාහනයේ වෛද්‍ය ලාංඡුනය ප‍්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා ගැටලූවක් තිබෙනවා. මෙම සයිටම් ආයතනයේ අයිතිකරු, ප‍්‍රධාන මහාචාර්යවරයා, විධායක නිලධාරියා වංචනිකයින් ලෙස කටයුතු කරනවා. නඩු තීන්දුවලට අදාළ ඇටකටු ගබඩා කර තිබෙනවා. එනිසා මෙය ඉතාම වංචනික ආයතනයක්.
නලින්ද ජයතිස්ස සහෝදරයා අදහස් දක්වමින්…
එස්. බී දිසානායක ඇමතිවරයා පෙනී සිටින්නේ සයිටම් ආයතනය වෙනුවෙන්. ඔහු කොතරම් ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද කියතොත් සයිටම් ආයතනයේ අයිතිකරු එස්.බී.ද කියලා අපිට හිතෙනවා. සයිටම් ආයතනයට මිලියන 600ක් ලබාදීමටත් මුල් වුණේ එස්.බී. දිසානායකයි. එස්.බී දිසානායක කියන රජයේ විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරු 08 දෙනෙක් සයිටම් ආයතනයට එකඟ වුණා යැයි කියන ලියවිල්ල වෙන කවුරුවත් දැකලා නැහැ. නමුත් අපි ළඟ තිබෙනවා පීඨාධිපතිවරු 08 දෙනා මෙයට විරුද්ධයි කියලා ප‍්‍රකාශ කරපු ලියවිල්ල. එනිසා එස්.බී.දිසානායක තැන තැන කියන බේගල් ඔහුටම ඔප්පු කරන්න බැරිවෙලා තිබෙනවා. සයිටම් ආයතනය නිසා විදේශ විනිමය ඉතුරු කරනවා යැයි මොවුන් කියන නිසාම අපි පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් ඇහුවා, කොතරම් මුදලක් රටට ඉතිරි වෙනවාද කියලා. නමුත් එම ප‍්‍රශ්නයට උත්තර දෙන්න එස්.බී.ට උත්තර තිබුණේ නැහැ. එනිසා එස්.බී මෙම ප‍්‍රකාශ සිදුකරන්නේ තොරතුරු, වාර්තා ළඟ තබාගෙන නෙවෙයි.
මහින්ද රාජපක්‍ෂ අවස්ථාවාදියෙක් කියන එකට එක් උදාහරණයක් තමයි මෙම ඔහුගේ සයිටම් විරෝධය. 2008 වර්ෂයේ ඔහුගේ ආණ්ඩුව යටතේ තමයි, මෙම ආයතනය ආරම්භ කළේ. බී. ඕ.අයි. ආයතනයටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් බොරු කරලා තමයි සයිටම් ආයතයනය පවත්වාගෙන ගියේ. මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමති එස්.බී. කිව්වා වෛද්‍ය සභාව අහෝසි කරලා හරි සයිටම් ආයතනයට ලියාපදිංචිය දෙනවා කියලා. ඒ ආණ්ඩුවේ නායකයා විදිහට මහින්ද රාජපක්‍ෂ ශිෂ්‍යයන්ට සයිටම් ආයතනයේ ශිෂ්‍යත්ව ප‍්‍රදානය කළා. ඔහු වෙනුවෙන් ගීත ගායනා කරපු, අධ්‍යාපන සුදුසුකම් නැති තරුණියකට සයිටම් ආයතනයට ඇතුල් වෙන්න ඉඩ හදලා දුන්නා. එනිසා ඔහු අද කරන ප‍්‍රකාශ විහිළුවක්. සයිටම් විරෝධය හෑල්ලූ කරන්න තමයි ඔහු මෙවැනි ප‍්‍රකාශ කරන්නේ.
එක වැරැුද්දක් විසින් තව වැරැුද්දක් නිවැරදි වෙන්නේ නැහැ. කොතලාවල විද්‍යා පීඨයේත් ගැටලූවක් තිබෙනවා. එය අයිති රජයටයි. රටට අවශ්‍ය වෛද්‍යවරු බිහිකරන්න කොතලාවල විද්‍යා පීඨය භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා ඉසෙඞ් අගය මත වෛද්‍ය සිසුන් ඇතුළත් කරගන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

select-i        select-iii

 

 

Leave A Reply

Your email address will not be published.