ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් උතුරාවල ධම්මරතන හිමි පත්ව ඇත .
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ (22) පැවැත්වීණි.
මෙම මහා සභා රැස්වීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ,එහිදී නව සභාපතිවරයෙකු තෝරා ගැනීම සිදු විය.
අනෙකුත් හිටපු නිලධාරි මණ්ඩලය ඒ අයුරින්ම පත්විය .පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්ය උතුරාවල ධම්මරතන හිමි ඒකත් ඡන්දයෙන් පත් විය.