topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමගි ජන බලවේගයට ගිවිසුමට විරුද්ධ වෙන්න තරම් කොන්දක් නෑ. ඔවුනුත් ආණ්ඩුවේ නාට්‍යයේම නළුවෝ විතරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම පිළිබඳව දින තුනක පාර්ලිමේන්තු සංවාදයක් පැවැත්වූවා. මේ සංවාදයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හැසිරුණු ආකාරයත් සමගි ජන බලවේගයේ ක්‍රියාකලාපයත් මේ රටේ ජනතාවගේ විශේෂයෙන් සැලකිල්ලට ලක්කවිය යුතුයි. එම ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදකර අනුමැතිය ලබාගත් පසුවයි අත්සන් කිරීම කළ යුත්තේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති හෝ අගමැති වෙන්න කලින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිගෙන් දිගින් දිගටම අයි.එම්.එෆ්. පූර්ව කොන්දේසි වාර්තාව ඉල්ලා සිටියා. එදා බැසිල් රාජපක්ෂ මූල්‍ය අරමුදල එක්ක ඇතිකරගත් එකඟතාවලටම අද රනිල් වික්‍රමසිංහ අත්සන් කර තිබෙනවා. අවසානයේදී රනිල් වික්‍රමසිංහ බැසිල්ව කරේ තබාගෙන ගිහින්. මේ ගිවිසුම ගැන විවාදය ආරම්භ කළේ රනිල් වික්‍රමවසිංහ. නමුත් මතුවූ කරුණුවලට පිළිතුරු දෙන්නවත් ඔහු ඉදිරිපත් නොවී රටට වගකිවයුතු නායකයෙක් නොවන බව තහවුරුකර තිබෙනවා. විවාදය සම්බන්ධ පිළිතුරු කතාව කළේ රංජිත් සියඹලාපිටිය.

කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කරන න්‍යායෙන් සියඹලා පිටිය කතා කළේ. ඇන්.එම්. පෙරේරා, ෆීලික්ස් ඩයස් පවා මූල්‍ය අරමුදලෙන් ණය ගත් බව කිව්වා. වමේ නායකයින් පවා අයි.එම්.එෆ්. එකට ගිය බව තහවරු කරන්න උත්සාහ කළා. නමුත් ඔහු ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා අර්ථසාධක අරමුදලට, බැංකුවල තැන්පත්කරුවන්ට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි කළේ නැහැ. බැංකුවලට සහ ඊ.පී.එෆ්. අරමුදල්වලට තිබෙන අනතුර ගැන විපක්ෂයෙන් අනුර සහෝදරයා පැහැදිලිව කරුණු මතුකළත් ඒවාට උත්තර දුන්නේ නැහැ. 2023 අවුරුද්දේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුලින්ම දේශීය ණයවලින් පටන් ගත යුතු බවට එකඟවී තිබෙනවා. ඒ හැර රට ගොඩනඟන්න විදේශ ආයෝජන ගෙන ඒමට කිසිම සැලැස්මක් ඉදිරිපත් කළේ නැහැ. මේ නිසා අවසානයේ සිදුවුණේ දවස් තුනක පාර්ලිමේන්තු විවාදයට වැය වුණු වියදමත් ණය බරට එකතුවීම විතරයි.

ආණ්ඩු පක්ෂය ඒ විදියට හැසිරෙනකොට සමගි ජන බලවේගය මේ ගිවිසුමට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකර මඟහැරියා. මෙතන තිබෙන්නේ පක්ෂද නැත්ද කියන එක විතරයි. අතරමැද තැනක් නැහැ. මේ ගිවිසුම හරහා ඇතිකරන්න යන වෙනස්කම්වලින් රටට, ආරථිකයට, ජන සමාජයට සිද්ධ වෙන විනාශය සමගි ජන බලවේගයෙන් අනුමත කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහට ඕන වුණේ පාර්ලිමේන්තුවෙන් අනුමත කළා කියන සීල් එක ගහගන්න විතරයි. ඒකට විරුද්ධ වෙන්නවත් කොන්දක් සමගි ජන බලවේගයට තිබුණේ නැහැ. මේ කවුරුත් කරන්නේ එකම නාට්‍යයේ රඟපාන එක බව ජනතාව තේරුම් ගන්න ඕනෑ.

මේ ගිවිසුම අත්සන් කළ පසු රටේ ණය ප්‍රශ්නය විසඳී සෞභාග්‍යය උදාවෙන බව පසුගිය මාර්තු මාසයේ කීවා. මේක ණයක් බව නොකියා හැංගුවා. රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරගෙන මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කළ යුතු බව රාජපක්ෂ කඳවුරේ බොහෝ දෙනෙක් හඬගෑවා. මේ ණය අරගෙන මාර්තු, අප්‍රේල් මාසවල රජයේ සේවකයන්ගේ පඩි ගෙවන බවත්, ඉන්දියාවේ ණය වාරිකයක් ගෙවූ බවත්, ප්‍රචාරය කර තිබුණා. මේ ණය එක්කම ගෙන එන දූෂණ විරොධී පනතෙන් ලෝක හොරුන්ට පවා දඬුවම් කළ හැකි බව ප්‍රචාරය කළා. මේකට විරුද්ධ වෙන අය මර්දනය කරන්න ප්‍රතිත්‍රස්ත පනත ගේන්න උත්සාහ කළා. අවසානයේ රනිල් වික්‍රමසිංහ කියන්නේ මූල්‍ය අරමුදල බවත් මුල්‍ය අරමුදල කියන්නේ රනිල් වික්‍රමසිංහ බවත් කියන්න උත්සාහ කළා. ඡන්ද පවත්වා රනිල් වික්‍රමසිංහට රිදවා අයි.එම්.එෆ්. ණය නැති නොකරගත යුතු බවට මතයක් හැදුවා. ඒ නිසා ඡන්ද කල් දැමීම සාධාරණීකරණය කරන්නත් මේ ගිවිසුම යොදා ගත්තා.

දේශීය ණය කපා හැරිය යුතු බව එදා කීවේ නැහැ. දේශීය ණය කපා හැරීමෙන් විතරයි විදේශීය ණය කපා ගත හැක්කේ කියන දේවල් හෙළි කළේ නැහැ. එදා මේ සියල්ල හංගා ප්‍රචාරය කළේ රට ගොඩගන්න ණය ගත හැක්කේ රනිල්ගේ ආණ්ඩුව තියාගැනීමෙන් පමණක් බවයි. අපි මේ කරුණු අවධාරණය කරන්නේ දැන් හෙළිවෙමින් තිබෙන දේශීය ණය කපා හැරීමේ සාකච්ඡාවට අදාළ පසුබිම නිවැරදිව තේරුම් ගන්නයි. මේ වෙනුවෙන් පූර්ව සූදානම් කිරීමක් හැටියට වැට් බද්ද, උපයන ගෙවීම් බද්ද, විදුලි බිල, පොලී අනුපාත විශාල වශයෙන් වැඩි කළා. අපනයන ආදායම් 11%කින් කඩා වැට්ටුවා. අවසානයේදී ඩොලර් බිලියන 11කින් අපේ ආර්ථිකය හකුළලා තිබෙන්නේ. ආර්ථිකය හකුළලා විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ගුවන් තොටුපළ, හිල්ටන් හෝටලය වගේ දේවල් විකුණන්න හිත හදාගත යුතු බවට කරුණු ප්‍රචාරය කළා. මහ බැංකුව ශක්තිමත් කරන්න පනතක් ගෙන එන බව කීවා. මහ බැංකුව ජනතා පරමාධිපත්‍යයේ බලයේ සීමාවෙන් ඉවත් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. එදා නොකියා අද ක්‍රියාත්මක කරන්න යන්නේ මේවගේ දේවල්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට බොහෝ දේවල් කැපකරන්න සිදුවෙනවා. පවතින උද්ධමනය නිසා දැනටමත් ජනතාව ප්‍රතිව්‍යුහගත වෙලා ඉන්නේ. මුදලේ අගය අඩුවෙලා ජනතාව ගත්ත ණයත් වැඩක් නැති තත්වයට පත්වී තිබෙනවා. පාලකයෝ තමන්ගේ පැත්තෙන් ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනෑ. ජනතාවට රැකියා නැහැ, බෙහෙත් ටික නැහැ, ව්‍යාපාර කඩා වැටිලා, බොහෝ අර්බුදයන්ට මුහුණ දෙමින් සිටිනවා. පසුගිය දවස් තුනක විවාදයේදී මේ ප්‍රශ්න ගැන දශමයක්වත් අවධානය යොමු කළේ නැහැ. ලබාදී තිබෙන ඉලක්ක සම්පූර්ණ කර ගන්නේ කොහොමද කියලා කතා කළේ නැහැ. මේ අවුරුද්දට ඩොලර් මිලියන 663ක ණය වාරික දෙකක් ලබා ගන්න රජය ඩොලර් මිලියන 6636ක දළ මූල්‍ය සම්පාදනයක් සිදුකර ගන්න හැටි හෙළිකළේ නැහැ. මේ අවුරුද්දේ ඉතිරි කාලය තුළ දේශීය ණය, විදේශිය ණය සහ පෞද්ගලික ණය වගේම පෞද්ගලික ව්‍යාපාර ලබාගන්නා ණය, ආයෝජනවලට යොදා ගන්නා ණය හැටියට එකතු කර ගන්නා ආකාරය හෙළි කළේ නැහැ. මේ කරුණු නොකීම නිසා විරුද්ධ වන බව හර්ෂ ද සිල්වා හරි සජිත් ප්‍රේමදාස හරි කිව්වෙත් නැහැ. මේ විවාදයෙන් ප්‍රතිඵල ගන්න තිබුණේ ආණ්ඩුව නොකියන ආදායම් ලබාගන්නා ක්‍රියාවලිය හෙළිකළ යුතු බවට පීඩනයක් දීමයි.

මේ අවුරුද්දේ ඩොලර් මිලියන 950ක ඍජු විදේශ ආයෝජන ලබාගන්නා බව සඳහන් කර තිබුණත් ඒ ආයෝජන ලබාගන්නා ආකාරය හෙළිකර නැහැ. එ නිසා ගිවිසුමට විරුද්ධ වෙන බව සජිත් ප්‍රේමදාසලා කිව්වේ නැහැ. අවුරුදු 05-10ක් වගේ කාලයකට බදු විරාම ඇතුළු සියලු සහන දීලත් 2019දී ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 666යි. 2020දී ඩොලර් මිලියන 419යි. 2021දී ඩොලර් මිලියන 580යි. 2022දී 783යි. මෙ වගේ ආයෝජන ඩොලර් මිලියන 950ක් කරන්නේ කොහොමද කියලා ආණ්ඩුව කියන්න ඕනෑ.

ලබන අවුරුද්දේ තව ඩොලර් මිලියන 1280ක් විදේශ ආයෝජන ලබාගන්නා බව සඳහන් කර තිබෙනවා. මේ ආයෝජන ලැබෙන හැටි රටට කියන්න ඕනෑ. පෞද්ගලික අංශය 2022දී ඩොලර් මිලියන 452ක විදේශ ණය අරගෙන තිබෙනවා. එය 900ක් කරන බව කියනවා. මිලියන 900ක ආයෝජන පෞද්ගලික අංශයෙන් ලබාගැනීම වෙනුවෙන් සහන ලබාදීම් මොනවාද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත්වී ඩොලර් මිලියන 4900ක් ලබාගැනීමේ ඉලක්කයක් තිබෙනවා. මේ මුදල ලබාගන්න ඩොලර් බිලියන 14ක ණය කපා ගත්තොත් විතරයි මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක මුළු ණය ප්‍රමාණය ලබාදෙන්නේ. අපි පිට රටවල්වලින් තවත් ඩොලර් බිලියන 10ක ණය අරගෙන ඩොලර් මිලියන දාහතරදාහක ණය කපාගන්න ඕනෑ, අවුරුදු හතරක් තුළ. පාර්ලිමේන්තු විවාදයේදී මේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය රනිල් වික්‍රමසිංහ හෙළි කළේ නැහැ. එය නොකීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විරුද්ධ විය යුතුව තිබුණා. නමුත් ඒ කිසිවක් කළේ නැහැ.

ණය නොගෙවන තත්වයට රට බංකොළොත් වීම ගැන මේ ආණ්ඩු වගකියන්න ඕනෑ. මූල්‍ය අරමුදල වෙත නොයා සිටීමට නොහැකි තත්වයක රට හිර කළා. ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ණය ලබාගත හැකිව තිබුණ මාර්ග වසා ගත්තා. ජපන් ණය ව්‍යාපෘති නතර කර ගත්තා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුමකර ණය ආපසු නොගෙවන බව නිල වශයෙන් ප්‍රකාශ කළාට පස්සේ විදේශවලින් ණය ගන්න විකල්ප ණය ගැනීමේ මාර්ග කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. මුල්‍ය අරමුදල දොර ඇරියේ විකල්ප මාවත් සියල්ල වසා ගත්තාට පසුවයි. පාලකයන් ඒ තත්වයට රට හිර කළා. අපිට ඒ තත්වය අමතක කරන්න බැහැ.

විදේශීය වශයෙන් ලබාගෙන තිබෙන ඩොලර් බිලියන 41න් 1/3ක් පමණ එනම් බිලියන 14ක් සවේච්ඡාවෙන් කපා ගනී යැයි අපේක්ෂා කරනවා. අපි 2028 වෙන විට ඩොලර් බිලියන 27.5ක ණය බරක් එකතු වෙනවා. 2023 සිට 2028 වෙන විට ඩොලර් බිලියන 27.5ක් දක්වා ආයෙත් අයි.එම්.එෆ්. උගුලක අහුවෙනවා. නමුත් එයින් අපට ගෙවන්න හැකිවෙන්නේ ඩොලර් බිලියන 13.8යි. ඒ කාලය තුළ තවත් ඩොලර් බිලියන 14ක් ගෙවාගත නොහැකිව ඉතිරි වෙනවා. මේ ණය ගොඩටම තවත් ඩොලර් බිලියන 20ක් ගන්න සැලසුම්කර තිබෙනවා. මේ තත්වය සඟවා තබා “දේශීය ණය ප්‍රශස්තකරණය” වගේ වචන හඳුන්වා දෙනවා. මේ මුළු ක්‍රියාවලිය ඇතුළේම රටේ ජනතාව අන්ත පීඩාවකට පත්කරමින් ආවා. 2028 වන විට අපේ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ආදී ආයතන කාගේ අතේ තිබෙයිද දන්නේ නැහැ. අර්ථසාධක අරමුදලට, රාජ්‍ය බැංකු පද්ධතියට, සිදුවෙන්නේ මොනවාදැයි කවුරුත් දන්නේ නැහැ.

මේ ඉන්න නායකයෝ වාඩිවෙලා ඉන්න පැත්ත අනුව ඕනෑ ඕනෑ හැටියට කට වෙනස් කරනවා. රංජිත් සියඹලා පිටියලා, දැන් ඔප්පු කරමින් ඉන්නේ ඒ බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පටන්ගෙන රනිල් වික්‍රමසිංහගෙන් ඉවර කරලා තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා එදා අයි.එම්.එෆ්. එකට විරුද්ධ වුණු කට්ටියම අද අයි.එම්.එෆ්. එකට ආවඩා වන්දනාමාන කරනවා. පාර්ලිමේන්තුවේ අපි දැක්කේ ඒ විගඩම. මේ විගඩම තවදුරටත් බලන්න ඕනෑ නැහැ. මේ විගඩම රකින්න ඕනෑ නැහැ.

මේ රටේ ජනතාව ගෙවුම් ශේෂ පරතරයක් ඇති කළේ නැහැ. ජනතාව ආණ්ඩු මාරුකරලා මේ දක්වා දිගටම කිව්වේ ඔය පරතරය අඩු කරන්න කියලා. අපනයන ආර්ථිකයක් ගොඩනගන්න කියලා. අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් නිෂ්පාදනය නොකර රට ණය කරන්න එපා කියලයි කිව්වේ. නමුත් රංජිත් සියඹලාපිටියලා දැන් කියන්නේ මේ වගකීම ජනතාව මත පැටවීමේ කතා. ජනතාව මේ රටේ රඳවා ගන්නවා, වෙනුවට උඹලා පලයල්ලා කියන තැනට ආණ්ඩුව ක්‍රියාමාර්ග තෝරනවා. රට යන්න බැරි අය මැරියන්ලා කියන තැනටත් තව තවත් බදු වැඩිකරමින් යනවා. 2024දී රුපියල් බිලියන 1456ක වැට් බද්දක් බලාපොරොත්තු වෙනවා. ඒක ජනතාවට මොනරතම් පීඩනයක්ද කියලා හිතන්නේ නැහැ. රටේ ජනතාව කන බොන හැටි ගැන පවතින පීඩනයන් මූල්‍ය අරමුදලට වැඩක නැහැ.

අනික් පැත්තෙන් තිබෙන දේවල් විකුණලා සංචිත වැඩිකර ගන්නා හැටි වගේම ආදායම් වැඩිකර ගන්නා හැටි සම්බන්ධයෙන් ඉලක්ක දී තිබෙනවා. වැට් බද්ද විතරක් 2024දී රුපියල් ටි්‍රලියනයකින් වැඩිකරන්න කොන්දේසි පනවා තිබෙනවා. මේ රට මූල්‍යමය වශයෙන් අර්බුදයට යවා, බැංකු පද්ධතිය අර්බුදයට යවා ගොඩගන්නේ කොහොමද කියලා ආණ්ඩුව කියන්න ඕනෑ. පාර්ලිමේන්තු විවාදයේදී රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ ආණ්ඩුව හෙළි නොකරපු මේ කරුණු සම්බන්ධයෙන් ජනතාව විශේෂ අවධානය යොමු කරන්න ඕනෑ. රට තව තවත් අර්බුදයට ගෙනයනවා මිස ගොඩනැගීමක් සිදු නොවෙන බවත් මෙ කොන්දේසි ක්‍රියාත්මක කිරීමෙන් රටේ බැංකු සහ අර්ථසාධක අරමුදල අනතුරට හෙළන ආකරයත් තේරුම් ගන්න ඕනෑ. අපි සියලුම දෙනා එක්වී මේ මුළු ක්‍රියාවලියම තුළ පවතින අනතුර හඳුනාගෙන පරාජය කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් සියලුම දෙනා එකතු වෙන ලෙස අපි විවෘතව ආරාධනා කරනවා.

Leave A Reply

Your email address will not be published.