topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෑවැදි ක්‍රමය වහාම තහනම් කරන්න.

Studio_20170215_083005

වැලන්ටයින් දිනය නිමිත්තෙන් පෙබරවාරි 14 දින සමාජවාදී තරුණ සංගමය විසින් මෙවරත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. එහි තේමාව වූයේ —ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුලමල නැති හෙටක්˜ යන්නයි. ඒ යටතේ දිවයින පුරා අත්පත්‍රිකා ඛෙදාහරිමින් හා වීදිනාට්‍ය ඉදිරිපත් කරමින් ජනතාව දැනුවත් කරන ලදී. එහි ප්‍රධාන වැඩසටහනට සහභාගී වෙමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර —ආදරයේ දුම්රියේ˜ නැගී සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් මාතර බලා ගමන් ගත්හ. එදින සවස මාතර වෙරළ තීරයේ දී ගීත ප්‍රසංගයක් හා දේශන කිහිපයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
මෙම වැඩසටහනට සහභාගී වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර  විසින් දැක්වූ අදහස් මෙසේය.
”අද දවස කියලා කියන්නේ ලෝකය පුරාම වැඩියෙන්ම ආදරය පිළිබඳ කතා කරන දවස. ඒ වගේම අද තමයි ලෝකෙ පුරාම වැඩියෙන්ම මල් විකුණන දවස බවට පත්වෙලා තියෙන්නේ. නැත්නම් ආභරණ නැත්නම් චොකලට් විකුණන දවස බවට පත්වෙලා තියෙන්නේ අදයි. අපි දන්නවා තරුණ තරුණියන්ට අධ්‍යාපන ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම විශේෂ ප්‍රශ්නයක් තමයි ආදරය නැත්නම් විවාහය. මොකද අද වෙනකොට විවාහය කියන දේ හොඳ අධ්‍යාපනයක් නැත්නම් හොඳ රැකියාවක් කියන කාරණයත් එක්ක තීන්දු වෙනවා.
අපි දන්නවා අද තරුණ තරුණියන්ට විවාහවීම සඳහා විශාල මුදලක් හම්බකරන්න වෙලා තියනවා. ඒ වගේම තරුණියකට ලොකු දෑවැද්දක් හොයන්න සිද්ධවෙලා තියනවා තමන්ගේ විවාහය සාර්ථක කරගන්න. ආදරයට බාධාවක් වෙලා තියෙන මේ දෑවැදි ක්‍රමය අවුරුදු දහසකට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ සමාජය විසින් කරපින්නාගෙන එනවා. ඒ නිසා ආණ්ඩුවට කියනවා විශේෂයෙන්ම තරුණියන්ට මහා හිසරදයක් වෙලා තියෙන ඉතා පැරණි මේ දෑවැදි ක්‍රමය පිළිබ`ද නීතියක් ගෙනල්ලා වහාම තහනම් කරන්න කියලා. අපේ විරෝධයක් නැහැ දෙමව්පියො විදිහට තමන්ගේ දරුවන්ට යම් දෙයක් දෙනවට. අපේ පැත්තෙන් අපි කියන්නේ විශේෂයෙන්ම තරුණියන්ට මේකෙන් වන පීඩනය ආණ්ඩුව මැදිහත් වෙලා නතර කරන්න කටයුතු කරන්න කියලා.
ඒ වගේම අපි දන්නවා මේ යහපාලන ආණ්ඩුවේ කසාදෙට තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක ආශීර්වාදය ලැබුණා. මේ යහපාලන කසාදෙට දැන් අවුරුදු දෙකක් යන්න කලින් කසාදේ ඉරිතලන්න පටන් ගෙන තියෙනවා. මේ ආණ්ඩුව අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රය තුළ සයිටම් හොර උපාධිකඩයක් හදලා විශාල ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න ඉඩහැරලයි තියෙන්නේ. ඒ වගේම අනෙක් පැත්තෙන් බාහිර උපාධිය ලබාගැනීමේ අවස්ථාව මේ ආණ්ඩුව විසින් අහුරමින් යනවා. ඒ වගේම දුරකථන ගාස්තු, අන්තර්ජාල ගාස්තු වැඩිකරලා තරුණ තරුණියන්ට විශාල අසාධාරණයක් කරලා තියෙනවා. ඒ වගේම ෆ්‍රී වයිෆයි දෙනවා කියලා, රැකියා දසලක්ෂයක් දෙනවා කියලා ඒවා පුහු පොරොන්දු බවට පත්කරලා තියෙනවා.
ඒ අතරෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා අද අලූත් ආදරයක් පටන් අරන් තියෙනවා. ඔහු අද මේ රටේ තරුණ තරුණියන් අමතක කරලා තමන්ගේ හිතවතුන්ට ආදරේ කරන්න පටන් අරගෙන තිඛෙනවා. මෛතී්‍රපාල සිරිසේන මහත්තයාත් එයාට උදව් කරන දූෂිතයන් රකින්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා අපි මේ දෙගොල්ලන්ටම කියනවා ඔබේ මේ අලූත් ආදරය නිසා අවුරුදු දෙකක් ගෙවුණු මේ යහපාලන කසාදය දික්කසාදයක් වෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ කියලා.
ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ වහාම තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න, වෙන වෙන ආදර පස්සේ ගිහින් ඔබව බලයට ගෙනාපු තරුණ තරුණියන්ට ද්‍රෝහී වෙන්න එපා. ඔබව බලයට ගෙන ආපු අපේ රටේ තාරුණ්‍යයට පිටුපාන්න එපා කියලා අපි ඉල්ලනවා.
ඒ වගේම තාරුණ්‍යයෙන් අපි ඉල්ලනවා ආණ්ඩුවේ මේ දෙබිඩි පිළිවෙත ගැන අවධානයෙන්, අවබෝධයෙන් ඉන්න කියලා. ඔබේ සැබෑ ආදරය දිනා ගැනීම ස`දහා බාධා පමුණුවන හෙට දවස අවිනිශ්චිත කරන දේට විරුද්ධ වෙන්න. ඔබේ අධ්‍යාපනයට, රැකියාවට බාධා කරන ආණ්ඩුව ගැන අවබෝධයෙන් ඉන්න.
අවසාන වශයෙන් ඔබ මේ රට තුළ ආදරය පිළිබ`ද අලූත් සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිඛෙනවා. ආදරය කියලා කියන්නේ කුල මල මත තීන්දු වන, දෑවැදි මිල මුදල් මත තීන්දු වන, ජාති ආගම් මත තීන්දු වන දෙයක් වෙන්න බැහැ. ඒ දේවල්වලට යටත් නොවී ආදරය කළ යුතුව තිඛෙනවා.
ඒ නිසා සමාජවාදී තරුණ සංගමය විදියට අපිත් රට පුරා පත්‍රිකා ඛෙදමින්, වීදි නාට්‍ය පෙන්වමින් මේ සැබෑ ආදරයේ පණිවිඩය අරගෙන යමින් තිඛෙනවා. එහි තේමාව වී තිඛෙන්නේ —ආදරයට මිලක් නැති, දෑවැදි නැති, කුලමල නැති හෙටක්˜ යන්නයි. අද කොළඹ කොටුවේ සිට මේ පණිවිඩය රැගෙන අපි දුම්රියෙන් මාතරට යනවා. ඒ නිසා ආදරයට ආදරය කරන, ඒ ආදරයට බාධා කරන මිලමුදල්, දෑවැදි, ජාතිකුල භේදවලට විරුද්ධ තාරුණ්‍යට අපි ආරාධනා කරනවා අපේ මේ ගමනට එකතු වෙන්න කියලා. සැබෑ මිනිසුන් ලෙස ආදරයට ආදරය කරන ඔබට පුළුවන් සමාජවාදී තරුණ සංගමයේ අපත් සමග එකතු වෙන්න.”
Studio_20170215_083154     Studio_20170215_083047

Leave A Reply

Your email address will not be published.