topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එරික් සෝල්හයිම් ජල සම්පත් සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස වාඩි කරවන්න හදනවා.

මේ මාධ්ය සාකච්ඡාව පවත්වන්නේ කැලණි ගඟේ දකුණු ඉවුරේ සිටයි. මේ මොහොත වන විට වටිනාම සම්පතක් වන ජල සම්පතේ අයිතිය ජනතාවගෙන් උදුරාගෙන බහුජාතික සමාගම් අතට පත්කිරීමේ අනපනත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් වේගවත් ක්රියාවලියක නිරත වන වෙමින් තිබෙනවා. ඉතිහාසයේ සිට බලයට පත්වූ විවිධ වර්ගයේ ආණ්ඩු මේ ජල සම්පත පෞද්ගලීකරණය කිරීම සහ ජනතාවගෙන් උදුරා ගැනීම සඳහා කටයුතු කළා. ඒ අවස්ථාවල පරිසර සංවිධාන, ගොවි ජනතාව, ප්රගතිශීලී ජනතාව එකතුවී එම ක්රියාමාර්ග පරාජයට පත්කළා. අද බලයේ සිටින ආණ්ඩුව අරාජිකත්වයක් නිර්මාණය කරමින් ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා මූලික උපායමාර්ගය බවට පත්කරගෙන තිබෙන්නේ වටිනා ආර්ථික මර්මස්ථාන, දූපත්, සුළං බලය, වටිනා ඛනිජ සම්පත්, වරායවල තිබෙන තොටුපොළවල් විකිණීමට සූදානම් වෙමින් සිටිනවා. ඒ සමගම ජල සම්පත් අයිතිය අහිමි කිරීමේ ක්රියාවලියක නිරත වෙමින් සිටිනවා. කෘෂිකාර්මික ශිෂ්ටාචාරයකින් පැවත එන අප වගේ රටවල මිනිසුන්ට ජලය ජීවිතය හා සමානයි. පෘථිවිය නිර්මාණය වී ජීවීන් හට ගන්නෙත් ජලය තුළ. එතැන් සිට පැමිණි ගමන් මග තුළ අප වැනි ශිෂ්ටාචාරවල පදනම වී තිබෙන්නේ ජලයයි. ජලය කියන්නේ ආර්ථික පදනමක් විතරක් නොවෙයි. එය අපේ ජීවිතයයි.
ආණ්ඩුව ජලයේ අයිතිය අපේ රටේ ජනතාවගෙන් උදුරාගෙන බහුජාතික සමාගම්වලට, වෙනත් රාජ්යයන්වලට පාවා දීමේ වේගවත් ගමනක යෙදී සිටිනවා. ධාතුසේන රජතුමා තම පුතාට ධනය ලෙස පෙන්වූයේ කලා වැවේ ජලයයි. ඒ වගේම පරාක්රමබාහු රජතුමා හඳුන්වා දුන් ප්රධාන ආදර්ශ පාඨයක් වන්නේ අහසින් වැටෙන එක ජල බිඳක් හෝ ප්රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට නොදිය යුතු බවයි. මේ වැනි ආදර්ශ පාඨ හඳුන්වා දුන් සියලු දෙනාගේ එක්වීමෙන් දැවැන්ත වාරි ශිෂ්ටාචාරයක් ගොඩනැඟුවා. ඒ නිසා ලංකාවේ අපට ජලය කියන්නේ ආර්ථික සම්පතකට වඩා අපේ ජීවිතයේම කොටසකටයි. ලෝක බැංකුවට, මූල්ය අරමුදලට මේ බව තේරෙන්නේ නැහැ. ලංකාවේ අඩුවෙන්ම වැසි ලැබෙන වියළි කලාපය ලෙස හඳුන්වන ප්රදේශවලත් සාමාන්ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 950කට වඩා ලැබෙනවා. නමුත් ලෝකයේ සාමාන්ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 750යි. මේ වගේ විශාල වර්ෂාවකින් පොහොසත් රටක් අපි. ස්වභාවිකවම උරුම වූ මධ්යම කඳුකරයේ දැවැන්ත ජල ගබඩාවක් පවතිනවා. එය ගංඟා 103ක් පොහොසත් කරමින් වෙරළබඩ ද්රෝණි විශාල ප්රමාණයක් රකිනවා.
ඊසාන දිග මෝසම් වැස්සෙන් ලැබෙන ජලය රඳවා ගන්න දැවැන්ත වැව් පද්ධතියක් ගොඩනැඟුවා. වාරි පද්ධතියක් ගොඩනැඟුවා. වැසි ජලය ගබඩා කිරීමෙන් වාරි ශිෂ්ටාචාරයට අමතරව ජල උල්පත් 3540ක් මඟින් වැව් පෝෂණය වෙනවා. ජලයෙන් පොහොසත් මෙවැනි රාජ්යයක් ලෝකයේ වෙනත් නැහැ. අපේ පස සාරවත් කරන්නේ මේ දක්වා තිබුණු අපේ අයිතිය උදුරාගෙන විදේශීය සමාගම්වලට ලබාදෙන්න 1995දී චන්ද්රිකා ජනාධිපතිවරියගේ ආණ්ඩුව මුල්වරට උත්සාහ දැරුවා. එයට එල්ල වූ දැවැන්ත මහජන විරෝධය හමුවේ හකුළා ගත්තත් 2002දී රනිල් වික්රමසිංහ හඳුන්වා දුන් රිගේනින් ශ්රී ලංකා වැඩ සටහන තුළින් ජලය පුද්ගලීකරණය කරන්න වේගවත් ක්රියාවලියක් ගෙන ගියා. සෙවනගල, ඌරුසිටානා වැවේ ජලය බැහැර කරන්න මිනුම් සකස් කර, මීටර් හයිකරන්න පවා එදා ක්රියා කළා. ජලයට ගාස්තු අයකරන්න පනත් සම්මත කර ගත්තා. නමුත් ගොඩබිම පමණක් නොවෙයි වැව්වල පවා මහා මිනිස් දම්වැලක් ක්රියාත්මක කර ඒ උත්සාහය වැළැක්වූවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කැබිනට් පත්රිකා ගණනාවක් ගෙන එමින් ජලය විකුණන්න උත්සාහ කළා. ඒ උත්සාහයන් පරාජය කිරීමෙන් පසුව වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන නව කැබිනට් පත්රිකාවක් ගෙනැත් තිබෙනවා. මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර ජලය විකිණීම සඳහා ප්රධානියා ලෙස එදා පත්කර සිටියාසේම වර්තමාන කමිටුවේ ප්රධානියා ලෙසත් ඔහුව පත්කර සිටිනවා. අලුත් කැබිනට් පත්රිකාවෙන් ජල සම්පත රජයේ දේපොළක් යනුවෙන් හඳුන්වා තිබෙනවා. නමුත් ජලය රජයේ දේපොළක් නොව ගහ කොළ, සතා සීපාවා, මිනිසා ඇතුළු සියලු දෙනාගේම පොදු සම්පතක්. මේ බව 1998දී ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් පොස්ෆේට් නිධිය විකිණීමට විරුද්ධ තීන්දුවෙන් තහවුරු කර තිබෙනවා. ආණ්ඩුව සම්පත්වල භාරකාරයා පමණක් බවත් අයිතිකරුවා නොවෙන බවත් ඒ තීන්දුවේ තහවුරු කර තිබෙනවා. වෝටර්ස් ඒජ් නඩුවේ මූලික පදනම බවට පත්වන්නේත් ආණ්ඩුව භාරකාරයා පමණක් මිස අයිතිකරුවා නොවෙයි කියන පූර්වාදර්ශයයි. ජලය විකිණීමට නිශ්චිත අයිතිකාරයෙක් හඳුන්වා දීම සඳහා කැබිනට් පත්රිකා මඟින් උත්සාහ කරනවා. ජලය රජයේ දේපළක් ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ අනුවයි. මේ පනතේ අංක: 06, අංක: 14, අංක: 15, වැනි වගන්තිවල විකිණීමට අදාළ යෝජනා ඇතුළත් කර තිබෙනවා. 15 වැනි වගන්තියේ විශේෂ අවශ්යතා සඳහා ජලය ලබාගැනීමට අදාළ කොන්දේසි නිර්මාණය කර, මේ රටේ ජලයෙන් 88%ක් පරිහරණය කරන කෘෂිකර්මාන්තයේ නියැලි ගොවියාට ජලය විකුණන්න පදනම සකස් කර ගන්නවා.
රනිල් වික්රමසිංහත්, මහින්ද රාජපක්ෂත් මූලික වී ගොඩනඟා තිබෙන හවුල් ආණ්ඩුව ඉතිහාසයේ කවරදාටත් වඩා වේගවත් ගමනක නිරත වෙමින් ජල සම්පත විකුණන්න පසුබිම හදනවා. ඒ වෙනුවෙන් ජාතික ජල සම්පත් සභාව, ජාතික ජල සම්පත් ලේකම් කාර්යාලය, සහ ජල සම්පත් අභියාචන මණ්ඩලය යනුවෙන් නම්කර මූලික ආයතන තුනක් පිහිටුවන්න යෝජනා කර තිබෙනවා. අභියායචනා මණ්ඩලය පිහිටුවීමෙන් ඉතාම පැහැදිලි වන්නේ මේ සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇතිවෙන බවයි. රනිල් වික්රමසිංහගේ දේශගුණ විපර්යාශ පිළිබඳ උපදේශකයෙකු ලෙස කටයුතු කරන එරික් සෝල්හයිම් ජල සම්පත් සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස නිල බලයෙන් වාඩි කරවනවා. යුද්ධය පැවැති කාලයේ රට දෙකඩ කරන්න ක්රියාකළ එරික් සෝල්හයිම් දැන් ජලය බහුජාතික සමාගම්වලට විකිණීමේ මණ්ඩලයට පත්කෙරෙනවා. ඕස්ටේ්රලියාවේ මරේ-ඩාලිං ගංඟාවේ ජලය විකිණීමට නියමු ව්යාපෘතියක් ක්රියාත්මක කළා. මේ ගංඟාවේ ද්රෝණිය ලංකාවේ භූමියට වඩා පහළොස් ගුණයකටත් වඩා විශාලයි. වර්ග කිලෝ මීටර් මිලියනයක් පමණ වෙනවා. මීට දශක කිහිපයකට පෙර ජල වෙළඳපොළ අත්හදා බැලූ මේ ගංඟා ද්රෝණියේ සහ ජලයේ අයිතිය 12%ක් පමණ ඇමරිකාව ඇතුළු රටවල සමාගම් විසින් අත්කර ගෙන තිබෙනවා. ගොවි ජනතාව ජලය ඉල්ලා උද්ඝෝෂණය කරනවා. ගොවීන්ගේ ඉඩමේ බලපත්රය වගේම ජලය වෙනුවෙන් ලබාගත් බලපත්රය විකිණීමට ඔවුන්ට සිදුවී තිබෙනවා. ලංකාවට සිදුවෙන්නෙත් මේ තත්වයමයි. ජලය විකිණීමට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී පැමිණීම නියමිතයි. මෙයට පෙර සියලු දෙනාම එක්වී එය පරාජය කළා සේ ‘ජීවයේ අයිතිය සංවිධානය’ මෙය පරාජය කිරීමට මුල පුරා තිබෙනවා. පරිසරවේදීන් සහ පොදු ජනතාව සමග අත්වැල් බැඳගෙන මෙය පරාජය කරන්න අපි සූදානම්. ජලය විකිණීමේ උත්සාහය පරාජය කරන්න සියලු දෙනාම එක්වෙන ලෙස ඉල්ලා සිටිනවා.
*අලුත් නීතිය සම්මත වුණොත් ගොවීන් හදාගත් පොකුණු පවා රජයට අයිති වෙනවා*
රුහුණු විශ්වවිද්යාලයේ හිටපු භූගෝල විද්යා මහාචාර්ය ප්රේමදාස ලියනාරච්චි
ජල සම්පත කළමනාකරණය කිරීමේ මුවාවෙන් විකිණීමට සූදානම් වීම ගැන මේ රටේ ජනතාවට කරුණු පැහැදිලි කර දීම අපේ වගකීමක්. ජලය කලමනාකරණය සම්බන්ධයෙන් අනෙක් කිසිදු රටකට වඩා දැනුම සහ අවබෝධය තිබෙන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ලංකාවට ප්රමාණවත් වර්ෂාපතනයක් තිබුණත් එය ලැබීමේ විෂමතාවයක් තිබෙනවා. රටේ භූමියෙන් 2/3ක් පමණ වන වියළි කලාපය විශාල ජල හිඟයකට මුහුණ පානවා. මේ කලාපයේ ගොවීන්ගෙන් 60%ක් පමණ වගා කරන්නේ අහස් ජලයෙන්. ඔවුන් වර්ෂා පෝෂිත ගොවීන් කියා හඳුන්වනවා. වර්ෂා පෝෂිත ගොවීන්ට ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම ජල කළමනාකරණයයි. මෙයට අවුරුදු දහයකට විතර පෙර තණමල්විල ප්රදේශයේ වර්ෂා පෝෂිත ගොවීන්ට ජලය ලබාදීමේ වැඩසටහනක් අපි ක්රියාත්මක කළා. ‘වර්ල්ඩ් විෂන්’ ආයතනය එයට ආධාර ලබාදුන්නා. රජ දවස ඉදිකළ වැව් දහස් ගණන ආදර්ශ කර ගනිමින් ගොවිපොළවල් මට්ටමින් වැසි ජල පොකුණු නිර්මාණය කිරීමේ වැඩපිළවෙළක් ක්රියාත්මක කළා. නමුත් අලුත් නීතිය සම්මත කර ගතහොත් ගොවීන් හදාගත් මේ පොකුණු නීතියෙන්ම රජයට අයිති වෙනවා. එය භයානක තත්වයක්. මේ පනත් ගෙන එන්නේ ගොවීන්ගෙන් සහ ජනතාවගෙන් ජලයේ අයිතිය රජයට ලබාගන්නයි.
දේශගුණ විපර්යාසයෙන් වියළි කලාපයේ නියඟය දරුණු වෙමින් තිබෙනවා. වර්ෂා පෝෂිත ගොවීන්ට මෙය විශාල තර්ජනයක් වෙනවා. ජල කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්ය වෙන්නේ ඔවුන් වෙනුවෙන්. අපේ රටේ තිබෙන වැව් පද්ධතියෙන් විශාල ප්රමාණයක රොන් මඩ තැන්පත් වී තිබීම නිසා ජල ධාරිතාවය ඉතාමත්ම සීමිත වී තිබෙනවා. වැව්වල ගබඩා කර ගන්නා ජල ධාරිතාවය වැඩිකර ගොවීන්ගේ ගැටලු විසඳන්න ආණ්ඩු ඉදිරිපත් වෙන්නේ නැහැ. ජල කළමනාකරණය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පළාත් පාලන ආයතන සමග එක්වී කුඩා වැව් පිළිසකර කිරීමේ වැඩපිළවෙළක් අවශ්යයි. තෙත් කලාපයේ ප්රශ්නයක් වී තිබෙන ජලය වැඩිකම මේ වන විට පවතින දේශගුණ විපර්යාසය නිසා අනතුරුදායක මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. වැසි වැසීමේ තීව්රතාවය වැඩිවී ඇති නිසා ගංඟාවලට පවා ඔරොත්තු නොදෙන ජල කඳක් නිර්මාණය වෙනවා. කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ වගේ ගංගා පිටාර ගලා ජනතාව පීඩවට පත්වෙනවා. මෙය අනාගතයේදී තවත් උග්ර වෙනවා. පළාත් පාලන ආයතන තුළින් මේ ප්රශ්නය විසඳීමට සැලසුම් දැනටමත් සකස් කර තිබෙනවා. ඉහළ මට්ටමේ සිට පහළට තීරණ ක්රියාත්මක කිරීමේ ප්රවේශය ඉවත් කර, පහළ සිට ඉහළට තීරණ ගැනීමේ ප්රවේශයකට මාරුවීම අවශ්යයි. විශේෂයෙන්ම ජල කළමනාකරණයට අදාළ වැඩසටහන්වලට මහජනතාව සහභාගි කර ගත යුතුයි. විනිවිදභාවයක් තිබිය යුතුයි.
පරිසර අමාත්යාංශයේ වෙබ් අඩවිය තුළ ජල කළමනාකරණ පනත යනුවෙන් ආණ්ඩුව හඳුන්වාදී තිබෙන පනත නැහැ. විනිවිදභාවයකින් තොරව ජනතාවගේ, ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය කරමින්, අනපනත් ක්රියාවලිය නවත්වා ජනතාවත් සමග කටයුතු කළ යුතුයි. ලංකාවේ ගොවීන්ට ජලය මුදලට ගන්න සිදුවුණොත් ඔවුන්ට කෘෂිකර්මයේ නියැලිය නොහැකිවී දරුණු ආහාර අර්බුදයක් එනවා. එක රැයින් රසායනික පොහොර නැවැත්වීමෙන් මුළු රටේම ආහාර අර්බුදයක් ඇති වුණා. වර්තමාන පාලකයන් ගොවියන්ගේ ජල අයිතිය පැහැර ගතහොත් තවත් විශාල විනාශයක් සිදුවෙනවා. හැමදේම විකුණාගෙන යන පාලකයින් අනෙකුත් ස්වභාවික සම්පත් වගේම ජලය විකුණන්න ගෙනයන ක්රියාමාර්ගය පරාජය කළ නොහැකි වුවහොත් මහා ඛේදවාචකයක් ඇති වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එක්වී මෙය පරාජය කළ යුතුයි.
*අපේ රට ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරන විට යුරෝපා රටවල් කතා කළේ ජලයේ ප්රමාණාත්මකභාවය පිළිබඳවයි*
ජීවයේ අයිතිය පරිසර සංවිධානයේ විධායක සභික, ජෛව ජනන හරිත තාක්ෂණික ආයතනයේ අධ්යක්ෂ අශෝක රංවල
අපේ රටේ මධ්ය කඳුකරයෙන් ගලා එන ගංඟා 103න් ප්රධානම ගඟක් වන කැලණි ගං මිටියාවතේ සිට ජීවයේ අයිතිය පරිසර සංවිධානය හැටියට රටේ ජනතාවට ආරාධනය කරන්නේ ජලය විකිණීමට රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුව ගෙන යන ප්රයත්නය පරාජය කරන්න එක්වන ලෙසයි. ජනතාවගේ මූලික අයිතියක් වන ජලය බහුජාතික සමාගම්වලට තුට්ටු දෙකට විකිණීමේ ප්රයත්නය අපි පරාජය කරනවා. ජලය සමග අපට තිබුණු අධ්යාත්මික බැඳීම බිඳ දමන්න 1980 මුල සිට කුමන්ත්රණයක් දියත් කළා. ඒ කාලයේදිත් මේ ගැන අවබෝධයක් තිබූ පරිසරවේදීන් ජනතාවට අනතුරු හැඟවූවා. ජලය රැකීම සම්බන්ධයෙන් තහංචි ගණනාවක් පනවමින් ගුණාත්මකව ජල කළමනාකරණය කරන දැනුම අපට තිබුණා. අපේ රට ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරන විට යුරෝපා රටවල් ජලයේ කතා කළේ ප්රමාණාත්මකභාවය පිළිබඳවයි. මේ රටේ ජනතාවට ජලය සමග තිබුණු අධ්යාත්මික බැඳීම පිළිබඳව සොයා බලන්න පකිස්තානු ජාතික මැකින්ටෝරි කියන විද්යාඥයා ලංකාවට පැමිණියා. වසර ගණනාවක් නැවතී සිට ඔවුන් කළ පර්යේෂණ අනුව වාර්තාවක් සකස් කරමින් ජලය සමග ජනතාවට තිබෙන අධ්යාත්මික බැඳීම පවතින තාක් කල් ජලය විකිණිය නොහැකි බව සොයාගෙන තිබුණා.
ගංඟා, ඇළ දොළවල් සහ වැව් දුෂණය කරන කර්මාන්ත ශාලා පිහිටුවමින් ජනතාව සමග තිබුණු ජලයේ බැඳීම දුරස් කළා. ජලය බැස යන වක් ඇළ, පිට ඇළ අද නගරයේ කුණු කාණු බවට පත්කර තිබෙනවා. ඇළකට, කුඹුරකට බහින්න බැරි තත්වයක් මේ කුණු කාණු මගින් නිර්මාණය කිරීමෙන් පසුව දැන් ජලය විකිණීමට අදාළ ආර්ථික බැඳීම ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. 2002 ජලය විකිණීමට පනතක් ගෙනා අවස්ථාවේ වැව් දහසක් මුල්කරගෙන දැවැන්ත ජනතා විරෝධතාවක් දියත් කළා. ජලය විකිණීමට එරෙහිව ගෙනගිය ක්රියාමාර්ග නිසා ‘රිගේනින් ශ්රී ලංකා’ වැඩසටහනේ ජලය විකිණීම හකුළාගෙන රනිල් වික්රමසිංහට ගෙදරම යන්න සිදුවුණා. ඒ රනිල් වික්රමසිංහ 2015දී යළිත් මේ වැඩේට පණපොවන්න සූදානම් වෙද්දී 2020 දී දෙවැනි වතාවටත් ගෙදර යැව්වා. අද ගෙනත් තිබෙන මේ පනත පරාද කරන්න කටයුතු කරන අපේ හඬට කන් නොදෙනවා නම්, රනිල් වික්රමසිංහ ගෙදර යවන්න සූදානම් බවට අනතුරු අඟවනවා.
ජලය විකිණීමට එරෙහිව මේ වන විටත් ක්රියාත්මක වන පරිසරවේදීන්, පරිසර සංවිධාන, එකම සංවිධානයකට කේන්ද්රගත කර මේ රටේ ගංඟාත්, අතු ගංඟා පද්ධතියත් වැව් පද්ධතියත් බේරා ගෙන අපේ රටේ ඉදිරි පරම්පරාවට ජල සම්පතේ අයිතිය ආරක්ෂා කරදෙමු. ඒ සඳහා මුදල්මය බලය පරදවා ජලය සමග තිබෙන අපේ ආධ්යාත්මික බැඳීම ආරක්ෂා කර ගැනීමට සියලු දෙනාම අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
*ජලය විකිණීම සම්මත කර ගත්තොත් අපි ආශ්වාස කරන ඔක්සිජන්වලටත් මිලක් ගෙවන්න වේවි*
වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර, හිටපු ව්යාපෘති කළමනාකරු සමන් ධර්මතිලක
ජලයේ අයිතිය කිසිකෙනෙකුට පවරා දිය හැකි දෙයක් නොවෙයි. වැසි ජලයෙන් ප්රභවය ලබන සියලු උල්පත්වලින් කළමනාකරණය කිරීමේ කටයුතු ඉහළ ජලධාරා ප්රදේශවල සිට ක්රමානුකූලව සිදුකෙරෙනවා. ඉහළ කඳුකරයේදී විදුලි බලය නිෂ්පාදනය කර, මව් ගංඟා තුළින් ගලාගෙන ඇවිත් වැව්වල ගබඩා වී ඉන්පසුව ප්රධාන ඇළටත් එයින් බෙදුම් ඇළටත් ඊටත් පසුව කෙත් ඇළටත් මුදා හැරෙමින් අවසානයේ ගොවියාට ලබාදෙනවා. ජල කළමනාකරණය හොඳින්ම දන්නා අය ඉන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. ඔවුන් මේ වන විටත් කාලගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ වැඩසටහන් පවා සකස් කර තිබෙනවා. එහෙම නම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අලුතින් ප්රතිව්යුහගත කර අධිකාරියක් බවට පත්කිරීමේ උත්සාහය 2000 මුල් කාලයේ සිටම ගනු ලැබූවත් අපි සියලු දෙනාම මැදිහත් වී එය පරාජය කළා. ස්වභාවික ජලය ගලා යාමෙන් ලබා ගන්නා වගා බිම් වගේම ගුරුත්ව බලයෙන් ජලය ලබා ගන්නා ගොවි බිම් සහ පොම්ප මගින් ජලය ඉහළට මුදා හැරීමෙන් වගා කටයුතුවලට ගැනීම සිදුකරනවා. එහෙම තිබියදී ජලය විකිණීම සම්බන්ධයෙන් පනත් ගෙන එන්නේ නොදන්නා අයගේ අනුමැතිය ලබාගෙන වෙනත් ප්රශ්න ඇති කිරීමටයි. ජලය විකිණීම සම්මත කර ගත්තොත් අපි ආශ්වාස කරන ඔක්සිජන්වලටත් මිලක් ගෙවන්න සිදුවේවි. රටට හානිකර ජලය විකිණීමේ පනත කුමන නමකින් ආවත් පරාජය කිරීමට දැනුවත්ව මැදිහත් වන ලෙස සියලු

 

Leave A Reply

Your email address will not be published.