topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වහල් සේවය වෙනුවට වෘත්තීය හැකියාව ඇති අය විදේශ රටවල්වල රැකියාවලට යවන්න.

ethera api press-1

වහල් සේවය වෙනුවට වෘත්තීය හැකියාව ඇති අය විදේශ රටවල්වල රැකියාවලට යවන්න යයි ‘එතෙර අපි’ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති පවසයි.ඔහු මේ අදහස් පළකළේ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට  එක් වෙමිනි.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති

”එතෙර අපි සංවිධානය කියන්නේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිිතිවාසිකම් වෙනුවෙන් ඒ ඒ රටවල්වල ශාඛා පවත්වාගෙන යන ශී‍්‍ර ලංකාවේ තිබෙන ප‍්‍රධාන සංවිධානයක්. මේ වනවිට රටවල් 26කට අධික ප‍්‍රමාණයක් එතෙර අපි සංවිධානයේ ශාඛා පවත්වාගෙන යනවා. ඉදිරි කාලය තුළ ශාඛා පවත්වාගෙන යනු ලබන රටවල්වල විශේෂ සමුළු පවත්වන්න අපි කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ මගින් විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතිවාසිකම් ගැටලූ, ප‍්‍රශ්න පිළිබඳව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගේ වගේම ශී‍්‍ර ලංකාවේ රජයේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුවම ප‍්‍රකාශ කරන පරිදි අපේ රටට වැඩිම විදේශ විනිමය ප‍්‍රමාණයක් ලැබෙන්නේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන්. එම ප‍්‍රමාණය ඩොලර් බිලියන 06ක් පමණ වෙනවා. එවැනි විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට එවන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය මොනවද කරලා තිබෙන්නේ? ඒ නිසා තමයි සමුළු පවත්වලා අපිට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරන්න සිදුවෙලා තිබෙන්නේ. එම විශේෂ සමුළු මාලාව මාර්තු 26වැනිදා කැනඩාවේ ටොරොන්ටෝවලින් ආරම්භ වෙනවා. මාර්තු 31 අබුඩාබිවල සහ ඩුබායිවලදී එදිනම කුවේට්හිදී මෙම සමුළු පැවැත්වෙනවා. ඒ වගේම අපේ‍්‍රල් මස 16 රෝමයේදී, 17 නාපෝලිහිදී, 22 බ්‍රේෂියාහිදී 23 වෙරෝනාහිදී, එදිනම ප‍්‍රංශයේදී පැරිස්හිදී, අපේ‍්‍රල් 25 මිලානෝහිදී මෙම විශේෂ සමුළු පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා
ඒ වගේම එතෙර අපි සංවිධානය විදිහට අපි ආණ්ඩුවට යෝජනාවක් කළා විදේශගත ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක් ලබාදීමට අරමුදලක් පිහිටුවන්න කියලා. රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුපක් තිබෙනවා. පුද්ගලික අංශයේ සේවකයින්ට සේවය අවසන් වන විට යම් දීමනාවක් අතට ලැබෙනවා. නමුත් වසර 15-20ක් පිට රටක සේවය කරලා එන්න වෙන්නේ හිස් අතින්. මීට පෙර ආණ්ඩුව කිව්වා කුවේට් වන්දි අරමුදලේ ඉතිරි වී තිබෙන රු. බිලියන 4ක මුදල විශ‍්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් යොදවනවා කියලා. නමුත් මේ වනතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. ඒවගේම විශ‍්‍රාම වැටුපක් ලබාදීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස්කරලා නැහැ. අපි යෝජනා කරන්නේ සේවකයින්ගේ දායක අරමුදලක් අයකරගෙන රජය වැඩි පංගුවක් දරලා විශ‍්‍රාම වැටුප් අරමුදලක් හදන්න කියලා. පසුගිය අයවැයෙන් යෝජනාවක් හැටියට ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ. ජනතාව රවට්ටන්නේ නැතිව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හදන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.
ඒ වගේම මැද පෙරදිග ගෘහ සේවයට මුවා වෙලා මහා පරිමාණ මිනිස් ජාවාරමක් සිදුවෙනවා. ඒජන්සිකරුවන් මෙම ජාවාරමේ නිරත වෙලා ඉන්නවා. ඩුබායිවල තිබෙන අල්ඒන් කියන ආයතනයක් විසින් දැනටමත් එම මිනිස් ජාවාරම සිදුවෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ ගැන කිසිදු විමර්ශනයක් කරලා නැහැ. කාන්තාවන්ට රු. ලක්‍ෂ 2ක් ගෙවලා සංචාරක වීසා මගින් මැද පෙරදිගට රැුගෙන ගොස් එහි සිටින ගැනුම්කරුවන්ට ලක්‍ෂ 6 සිට මුදලකට එම කාන්තාවන් අලෙවි කරනවා. වසර දෙකකට මුදල් ගෙවා ලබාගන්නා එම කාන්තාවන් ඉන් පසුව තානාපති කාර්යාලවලට ගෙනත් දානවා. ඉන් පසු ඔවුන් විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන් පිළිබඳව කිිසිදු වගකීමක් ගන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධව යම් නීත්‍යානුකූල වැඩපිළිවෙලක් සකස් කොට මෙම ජාවාරම නැවැත්වීමට ආණ්ඩුවෙන් කි‍්‍රයාමාර්ග ගත යුතුයි.
ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා වහාම මැද පෙරදිග වහල් සේවයට අපේ රටේ කාන්තාවන් යවන එක නවත්වන්න කියලා. එක පාර කරන්න බැරි වුණත් පළමු අදියරේදී සෞදි අරාබියට,ජෝර්දානයට, කුවේටයට ගෘහ සේවයට යවන එක නතර කරන්න. ගෘහ සේවිකාවන් යැවීම රටට කරන අවමානයක්. වෘත්තීමය රැකියාවලට යැව්වට කමක් නැහැ. නමුත් වහල් සේවයට යවන්න එපා. එම රටවල වෘත්තීය මට්ටමේ සේවය කරන පුද්ගලයින්ටත් මේ නිසා අගෞරවයක් ඇති වෙනවා. එම රටවල්වල සේවය කරන ඉංජිනේරුවන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන්, තානාපතිවරයාගෙන් පවා ගෙදර වැඩට කාන්තාවක් ගෙනත් දෙන්නයි කියලා ඉල්ලන්නේ. නමුත් අපිට කුසලතාවයක් සහිත පුහුණු වෘත්තිකයින් විදේශ රටවල රැකියාවලට යවන්න පුළුවන්. ගුරුවරියන්, හෙදියන් ඇඳුම් මසන්නන් ලෙස තාක්‍ෂණික විද්‍යාලවලින්, විද්‍යාපීඨවලින් උපාධි සහතිකයක් හෝ ඩිප්ලෝමා සහතිකයක් සහිතව ඔවුන් රැකියාවලට යවන්න පුළුවන්. එවිට ඔවුන්ට පිළිගැනීමක් ලැබෙනවා. ලංකාවේ දක්‍ෂ ශ‍්‍රමිකයන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ ශ‍්‍රමිකකම්වලට සරිලන සහතිකයක් ලබාදෙන්න ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා. මෙම මැදපෙරදිග වහල් සේවය නිසා අපේ රටේ කාන්තාවන් ලිංගික අතවරවලට, මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා එය වහාම නතර කළ යුතුයි. විදේශ සේවා නියක්ති කාර්යාංශයේ දිස්ති‍්‍රක් කාර්යාලවලින් වෘත්තීය හැකියාවක් තිබෙන අය ලියා පදිංචි කරගන්න පුළුවන් ඉන් පසුව ඔවුන්ට වෘත්තීයභාවය ලබාදෙන්න වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේක රට වෙනුවෙන් කරන ඉල්ලීමක්.
ඒ වගේම අපේ යෝජනාවක් අනුව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. එම කාරක සභාවට මේ වනවිට මහින්ද දේශපි‍්‍රය මහත්තයා, විදේශ අමාත්‍ය ලේකම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේකම්, ආගමන විගමන පාලක, ඇතුළු නිලධාරින් ගෙන්වලා සාකච්ඡා කළා. එහි ප‍්‍රතිඵලයක් විදිහට ඊළඟ පැවැත්වෙන ජාතික මැතිවරණයකදී විදේශගත ශී‍්‍රලාංකිකයින්ට ඡන්දය ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කරනවා. මේ මගින් රටට විශාල විදේශ විනිමයක් එවන ශ‍්‍රමිකයින්ට තමන්ගේ මහජන නියෝජිතයින් පත්කර ගැනීමට අවස්ථාවක් උදාකර ගන්න පුළුවන්. විෂය භාර ඇමතිවරියට කියනවා දේශපාලනීකරණකින් තොරව මෙම තේරීම් කාරක සභාව හසුරුවලා අනාගතයටත් බලපාන විදිහට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කරන්න කියලා.
ඊළඟට විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ තවත් ඉල්ලීමක් වන්නේ ඔවුන් රටට එවන විදේශ විනිමය ප‍්‍රමාණයට සාපේක්‍ෂව තීරු බදු සහනයක් ලබාදෙන්න කියන එක. එම තීරු බදු සහනය පාවිච්චි කරලා ඔවුන් නැවත ලංකාවට එන විට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ස්වයං රැුකියා කටයුත්තත් සඳහා අවශ්‍ය උපකරණ, වාහන, ගෙන්වා ගැනීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඇමතිවරුන්ට 100%ක තීරු බදු සහන දීලා ගෙන්වන වාහනය විකුණා ගන්නත් ඉඩ දීලා තිබෙන තත්වයක විදේශගත වෙලා රැකියා කරන ශී‍්‍ර ලාංකිකයින්ට මෙම සහනය ලබාදීම ඉතාම වැදගත්. ඒ වගේම විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවට පැමිණෙන විට ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහනය දින කිහිපයක් ඇතුළතදී ලබාගත හැකි වන පරිදි රටේ ප‍්‍රධාන දිස්ති‍්‍රක්ක කිහිපයකදී හෝ තීරු බදු සහන සාප්පු විවෘත තරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.
ඒවගේම විදේශගත වෙලා ඉඳලා ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ දරුවන් ලංකාවේ පාසැලකට ඇතුළත් කර ගැනීමට විශාල බාධා ප‍්‍රමාණයක් උද්ගත වෙලා තිබෙනවා. එම දුෂ්කරතා මගහරවා ගැනීමට එක දිස්ති‍්‍රක්කයක ඒක පාසැලක් තෝරාගෙන පංති කාමරයක් වෙන් කරන්න වැඩපිළිවෙළක් හදන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. දැනට හමුදා නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, රාජ්‍ය සේවයේ ස්ථාන මාරු ලැබෙන නිළධාරීන්ට එම අවස්ථාව උදාකර දී තිබෙනවා. එම නිසා විදේශ රටවල වසර ගණනාවක් වැඩ කරලා නැවත ලංකාවට එන ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් මෙම සහනය ලබාදෙන්න වැඩපිළිවෙලක් හදන්න කියලා ආණ්ඩුවට යෝජනා කරනවා.
මේ වනවිටත් එතෙර අපි සංවිධානය රටේ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයින්ගේ එකමුතුව ගොඩනැගීම වෙනුවේ විදේශ  රටවල්වල වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කොට තිබෙනවා. ඒවගේම සෞඛ්‍ය සේවා කඳවුරු ඇතුළු සුභසාධනය සඳහා කි‍්‍රයාමාර්ග ගනිමින් ඉන්නවා. ඒවගේම ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් ලබාගැනීම, ළමුන් පාසැල්වලට ඇතුළත් කර ගැනීම, තීරු බදු සහනයක් ලබා ගැනීම, අවම මූලික වැටුපක් සකස් කර ගැනීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අප පවත්වන සමුළු සඳහා සහභාගි වන ලෙස විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට අපි විවෘත ආරාධනාවක් කරනවා.යයි  පැවසිය.මෙම මාධ්‍ය හමුව සදහා‘එතෙර අපි’ සංවිධානයේ , ජාතික සංවිධායක සංජීව මුණසිංහ, උප සභාපති හේමන්ත වීරකෝන්, භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරියන  සහභාගි වුහ

 

Leave A Reply

Your email address will not be published.