topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමතිත් රටේ නැති අවස්ථාවක හම්බන්තොට වරාය චීන සමාගමට දීමට ගත් තැත අදත් වැළකෙයි.

Studio_20170321_180426

 

හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ කටයුතු අද (21) අවසන් වනු ඇතැයි කවුරුත් අපේක්ෂා කළහ. ඒ අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම ගේද සහාය ඇතිව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම විසින් අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු එහි සහන ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවට පළවූ ඉගි නිසාය. එය වඩාත් දැඩි අවධානයකට යොමු වූයේ වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග විදේශයක සිටියදී එම කැබිනට් පත්‍රිකාව විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමයි. විෂය භාර අමාත්‍යවරයා නොමැති අවස්ථාවක විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එකී කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය කිසිදු ප්‍ර‍ශ්න කිරීමකින් තොරව හිමි වනු ඇතැයිද ඒ අනුව හෙට දින හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම උත්සවාකාරයෙන් සිදු කිරීමට හැකි වනු ඇතැයිද එකී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට හවුල් වූ සියලු දෙනාම සිතූහ. එය ඉලක්ක කරගනිමින් කොළඹ වරාය මෙන් හම්බන්තොට වරාය දියුණු කළ යුතු බවත් ඊට මහජනතාවගේ සහාය අවශ්‍ය බවත් දක්වමින් සැකසූ දැන්වීමක්ද මුදල් ගෙවා මාධ්‍ය මගින් නොකඩවා ප්‍ර‍චාරය කෙරිණ. කෙසේ නමුත් අවසානයේදී සිදු වූයේ වෙනත් දෙයකි.

අමාත්‍ය අර්ජුන රණතුංග මේ දිනවල සිටින්නේමොරොක්කෝවේ ඩක්ලා නගරයේදී පැවැත්තෙන ක්‍රාන්ස් මොන්ටානා (Crans Montana Forum) සමුළුවේය. එම සමුළුවට සහභාගි වන්නැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංගට එම සංවිධානයෙන් ආරාධනාවක් ලැබුණේ මීට මාසයකට පෙරය. පසුගිය 16වැනිදා ආරම්භ වූ එම සමුළුවේ තේමාව වූයේ විසි එක්වැනි සියවස වෙනුවෙන් නව අප්‍රිකාවක් දෙසට” (Towards a new Africa for the 21st century) යන්නයි. එම සමුළුවේ සමුද්‍රීය දිනයේදී ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය, ප්‍ර‍තිපත්ති සහ ව්‍යාපෘති”  යන මැයෙන් විශේෂ දේශනයක් පවත්වන ලෙසද අමාත්‍ය අර්ජුන රණතුංගට ඇරයුම් ලැබිණි. එම ඇරයුම පිළිගෙන අර්ජුන රණතුංග ප්‍ර‍මුඛ දූත පිරිස සමළුවට සහභාගි වීම සහා මෙරටින් පිටව ගියේ  පසුගිය 15වැනිදා රාත්‍රියේයි. ඒ වරාය සහ නාවික අමාත්‍ය ලෙස නිශාන්ත මුතුහෙට්ටගමට වැඩභාර දෙමිනි. දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති මහාචාර්ය ප්‍ර‍සන් පෙරේරා  ඇතුළු වරාය කළමනාකාරිත්වය කැවූ අමාත්‍ය අර්ජුන රණතුංග, නිශාන්ත මුතුහෙට්ටිගම දැනුවත් කර වරාය කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙසට ඔවුන්ට උපදෙස් දුන්නේය. එම සාකච්ඡාවේදී මූලික වශයෙන් හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ ගිවිසුම්වල වත්මන් තත්ත්වය ගැනද අවධානය යොමු විය. කෙසේනමුත් පූර්වයෙන් සිදු කළ ආරාධනාවක් නිසා මෙම සමුළුවට සහභාගි වීම හදිසියේ අවලංගු කළ නොහැකි බවත් එසේ වුවහොත් ශ්‍රී ලංකාව ගැන තබා තිබූ විශ්වාසය පළුදු විය හැකි බවත් හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් දුරකථනයෙන් තමන් සම්බන්ධ කර ගන්නා ලෙසටත් රටට හානි දායක කිසිදු තීරණයක් ගැනීමට තමන් ඉඩ නොතනබන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහාචාර්ය ප්‍ර‍සන්න පෙරේරා ඇතුළු වරාය කළමනාකාරිත්වයට දැන්වීය.

වරාය අමාත්‍යවරයා සහභාගි වූ ක්‍රාන්ස් මොන්ටානා සමුළුවේ දෙවැනි දිනය පැවත්වුණේ ඩක්ලා සාගරයේය. ඒ අතරේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමද ගාල්ලේ තම ආසනයට නොගොස් කොළඹට වී සිටියේ අමාත්‍ය අර්ජුන රණතුංග නොමැති අවස්ථාවක ඇතිවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමේ අපේක්ෂාවෙනි. අමාත්‍ය අර්ජුන රණතුංග මෙරට නොමැති අවස්ථාවක හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක් උදාවිය හැකි බවද නිශාන්ත මුතුහෙට්ටිගම සිතීය. එම සිතුවිල්ල සනාථ කරමින් පූර්වයෙන් සදහන් කළ පරිදි හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේ සහන ගිවිසුමේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව නිරීක්ෂණ කිරීම සහා යොමු කෙරුණේ පසුගිය 17වැනිදාය. කැබිනට් පත්‍රිකාව සඳහා ඉදිරිපත් කර තිබූ සහන ගිවිසුම අධ්‍යනය කළ විට එය රටට අහිතකර බව නිශාන්ත මුතුහෙට්ටිගමට වැටහිණ. ඔහු වහාම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඇතුළු කළමනාකාරිත්වය කැවා එම රැස්වීමේදීම මොරොක්කෝවේ සිටින අර්ජුන රණතුංග අමාත්‍යවරයා සම දුරකථනයෙන් සම්බන්ධවෙමින් කුමක් කළ යුතුදැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැහැදිලිවම කියා සිටියේ රටට හානිදායක කිසිදු තීරණයකට නොයන ලෙසත් සහන ගිවිසුමේ අහිතකර කොන්දේසි පැහැදිලි කර කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන ලෙසත්ය. එම සටහන කල්වේලා ඇතිව නිරීක්ෂණ සහා අමාත්‍යවරුන් වෙත යොමු කිරීමටද නිශාන්ත මුතුහෙට්ටිගම අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ උපදෙස් කටයුතු කළේය. මේ අතර තුරේ එම සහන ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේගේ පූර්ණ අවධානයද යොමු වී තිබිණ. ඒ පිළිබව සාකච්ඡා කිරීම සහා කැබිනට් අමාත්‍යවරුන් තම නිල නිවසට කැවීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය.

හම්බන්තොට වරායේ සහන ගිවිසුම සම්බන්ධයෙන් වූ ජනාධිපති සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ විශේෂ හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයුගේ නිල නිවසේදීය. එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුත් ගෙන්වා වෙනම වෙනම ගෙන්වා පළමුව සාකච්ඡා කළේය. පසුව දෙපාර්ශ්වය එකට ගෙන්වා සාකච්ඡා කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් වූ ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේම්ජන්ත, පාඨලී චම්පික රණවක, අනුරයාපා ප්‍රියදර්ශන, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා යන අය සහන ගිවිසුමේ කොන්දේසි ගැන දැඩි විවේචනයක් කළේය. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා මලික් සමරවික්‍ර‍ම සහ සරත් අමුණුගම අමාත්‍යවරයාට කියා සිටියේ, ඔබතුමන්ටලා ආර්ථික විශේෂඥයින් මම සාමාන්‍ය කෙනෙක්. නමුත් මට තේරෙනවා මේ ගිවිසුමේ තියෙන හානිදායක තත්ත්වය. ඒ නිසා රටට හානිවන තීරණවලට එන්න එපා.. කියාය. මේ සාකච්ඡා යන අතරතුරදී අග්‍රාමාත්‍යවරයා නිශාන්ත මුතුහෙට්ටිගම වෙත කැබිනට් සටහන ඉවත් කරගන්නා ලෙස පෞද්ගලිකව දන්වා සිටියේය. පසුවද දෙතුන් විටක් එම දැන්වීම අග්‍රාමාත්‍යවරයා විසින් කළත් නිශාන්ත මුතුහෙට්ටිගම  එය ප්‍ර‍තික්ෂේප කළේ කිසිවක් නොකියා මුනිවත රකිමිනි. කැබිනට් සටහන ආපසු හරහා ගතහොත් එය මහා පාවා දීමක් වනු ඇතැයිද එවැන්නක් කළහොත් තමන් ගැන විශ්වාස තබා ගෙන සිටින අර්ජුන රණතුංගට පිටුපෑමක් වනු ඇතැයිද නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවයා රැස්වීම අවසානයේදී තම හිතවත් අමාත්‍යවරුන්ට පැවසීය. කෙසේනමුත්  පසුදින කැබිනට් මණඩල රැස්වීමේදීද අග්‍රාමාත්‍යවරයා විසින් එම දැන්වීම නිශාන්ත මුතුහෙට්ටිගමට පෞද්ගලිකව දැන්වීය. එවිට ඊට මැදිහත් වූයේ ජනාධිපතිවරයාය.

නිශාන්ත මුතුහෙට්ටිගම දැන් වැඩබලන අමාත්‍යවරයා. අපිට කියන්න බැහැ ඔහු ඉදිරිපත් කළ කැබිනට් සටහන ඉවත් කරන්න කියලා. මේ කැබිනට් සටහන ඉදිරිපත් කරලා තියෙන්නේ අර්ජුන රණතුංග අමාත්‍යවරයා සම සාකච්ඡා කරලා. කැබිනට් සටහන ඉවත් කරගන්න නම් අර්ජුන රණතුංග අමාත්‍යවරයා සම සාකච්ඡා කරලා කටයුතු කරන්න… යැයිද එම මැදිහත් වීමේදී ජනාධිපතිවරයා පැවසීය. ඉන්පසුව ජනාධිපතිවරයා පැවසූවේ 17වැනිදා නිරීක්ෂණ සහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට 21 වැනිදා අනුමැතිය දීම අපහසුයි. මොකද මේක ඉතා සංවේදී කරුණක්. වැඩබලන වරාය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු නොසලකා හැර තීරණයක් ගැනීමත් උචිත නැහැ. මේ සහන ගිවිසුම ගැන තීරණයක් ගැනීමේදී රටේ ජාතික ආරක්ෂාව, නෛතික තත්ත්වය, මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගන්න ඕන…. යනුවෙනි. ඉන්පසුව සහන ගිවිසුම අධ්‍යයනය කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. සුසිල් ප්‍රේම්ජයන්ත්, චම්පික රණවක, සරත් අමුණුගම, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් එම කමිටුවට ඇතුළත් කෙරිණ. විෂය භාර අමාත්‍යවරයා ලංකාවේ නොසිටියදී හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ සැලැස්ම හකුලා ගැනීමට එය සැලසුම් කළ අයට සිදු වූයේ එහි ප්‍ර‍තිඵලයක් ලෙසිනි.

Leave A Reply

Your email address will not be published.