topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ ගිවිසුමක් අත්සන් කරයි.

Studio_20170326_072928

ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන හා ග්‍රන්ථ සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ 2017 වසරේ පළමුවන කාර්තුවේ අනුමත වූ ග්‍රන්ථ සඳහා ගිවිසුම් අත්සන් කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

පර්යේෂණ කෘති, සාහිත්‍යය කෘති (ශාස්ත්‍රීය / නිර්මාණාත්මක / විවිධ විෂය) මෙන්ම යොවුන් හා ළමා කෘති ඇතුළුව අනුමත වූ අත්පිටපත් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදු කරනු ලැබිණි. එම පොත් අතරට ශ්‍රී ලංකේය මහනුවර සම්ප්‍රදායේ විහාර බිතුසිතුවම් කලාව සහ එහි නව ප්‍රවණතා, දහමින් මතුවන මානව හිමිකම්, රත්නපුර දිස්ත්‍රික්කයේ අභිලේඛන‍, ගාන්ධර්වයා-අශ්වයා සහ මහල්ලා, Rose from the Gutter, අරා සිහසුන්, අසම්පූර්ණ කතාවක්, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍ය විචාරය, Marma Geethangal, කරත්ත කවි කතන්දරේ, බට්ටිච්ච පැටියට තටු ඇවිල්ලා ඇතුළු කෘති 44ක් මෙහි අන්තර්ගත විය.   මෙවර අනුමත වූ අත්පිටපත් වෙනුවෙන් මණ්ඩලය විසින් රුපියල් විසිපන් ලක්ෂයකට ආසන්න වූ මුදලක් වැය කිරිමට අපේක්ෂිතය.

ජාතික පුස්තකාලය ආරම්භ කිරීමේ දී සාක්ෂාත් කර ගැනීමට මූලික වූ අරමුණු හා පරමාර්ථ අතර ජනතාව කියවීමට හුරුකරවීම මෙන්ම ගුණාත්මක හා ප්‍රමිතියෙන් යුතු ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා අනුග්‍රහය දැක්වීම ද සුවිශේෂ වේ.  ඒ අනුව   ආධුනික හා ප්‍රවීණ ලේඛකයන්ට අත්වැලක් වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වසර පුරා අත්පිටපත් බාරදිය හැකි වේ. රාජ්‍ය ආයතනයක් මඟින් ග්‍රන්ථ ප්‍රකාශනය සඳහා අනුග්‍රහය ලබා දෙනු ලබන ප්‍රධාන ව්‍යාපෘතිය වන මේ යටතේ ග්‍රන්ථ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට හැකියාව ලැබී තිබේ.

1984 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් පර්යේෂකවරුන් වෙනුවෙන් පර්යේෂණ කෘතියක් සඳහා රුපියල් ලක්ෂයේ සිට ඉහළට ආධාර මුදල් ලබාදීම ද පසුගිය වසරේ සිට ආරම්භ කරනු ලැබීය. ඕනෑම ලේඛකයකුට පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘති, නිර්මාණාත්මක කෘති, යොවුන් සාහිත්‍ය කෘති හා ළමා සාහිත්‍ය කෘති යනාදි වූ විෂයය පථයන් ඔස්සේ අත්පිටපත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.  වැඩිදුර තොරතුරු 0112687583, 0112698847 දිගුව 261හෝ 248 මඟින් ලබා ගත හැකිය.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ (පුස්තකාල ප්‍රමිතිකරණ හා ප්‍රකාශන) සේනානි බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ ශ්‍රීමා සුරියබණ්ඩාර ඇතුළු ආයතන කළමණාකාරීත්වය හා ලේඛක /ලේඛිකාවන් 44 දෙනෙක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.