නොරච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි අක්‍රිය වී තිබේ.විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතයංශයේ මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ එහි බොයිලේරුවේ වාෂ්ප කාන්දුවීම හේතුවෙන් එලෙස අක්‍රියවී ඇති බවයි.
තත්ත්වය හමුවේ පද්ධතියේ සමතුලිතාව පවත්වාගෙන යාමට ස්වයං ක්‍රියාමාර්ග සිදුවී ප්‍රදේශ රැසකට විදුලි සැපයුම අක්‍රියවූ බව ද ඔහු සඳහන් කළේ ය.
රත්නපුර, මතුගම, කොස්ගම, පානදුර වැනි ග්‍රීඩ් උප පොළවලින් විදුලිය සපයන ප්‍රදේශවල විදුලිය සැපයුම අක්‍රිය වූ බව ද ඔහු සඳහන් කළේ ය.