ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් අද(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.එම වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෙළ ගැසී ඇත.
එමෙන්ම අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසා සිටියි.