මාතර අපරැක්කේ ඉදිකරන ලද දහනායක නම් කාන්තාවගේ නිවස විවෘත කීරීම සදහා ඩලස් අලහප්පෙරුම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ආරාධනාකර ඇත.එය හිටපු ජනාධිපතිවරයා විසින් ඊයේ සවස3ට විවෘත කරන ලදී.මෙම නිවස අයත්වන්නේ කංචන විජේසේකර නියෝජනය කරන දෙවිනුවර ආසනයටය.මෙවැනි නිවසක් විවෘත කීරීම වැනි කරුණක් සදහා මහින්ද රාජපක්ෂ වැනි හිටපු ජනාධිපතිවරයකු සදහා අරාධනා කිරීම නොගැලපෙන,උචිත නොවන ක්‍රියාවක් බව කංචන විජේසේකරගේ අදහස වී ඇත. ඔහු ඒ සදහා තදින්ම තම විරෝධය ඩලස් අලහප්පෙරුම වෙත ඉදිරිපත් කර ඇත. මෙම විරෝධය නොතකා ඩලස් අලහප්පෙරුම විසින් හිටපු ජනාධිපතිවරයා සම්බන්ධකරගෙන ඇත.මෙයට විරෝධය පා කංචන විජේසේකර මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලා අස්වන බව ඊයේ උදැසන කියා සිටින ලදී.