ශ්‍රී ලංකා හෘද සංගමයේ 17 වන සැසිවාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ශ්‍රී ලංකා හෘද සංගමයට වසර 40 ක ඉතිහාසයක් තිබෙනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මෙම සංගමය ගනු ලබන තීන්දූ තීරණ පිළිබදව මම සතුටට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ සිදූවන මරණ වලට හෘද රෝග වලින් විශාල බලපෑමක් සිදූ වෙනවා. හෘද රෝග අවම කිරිම සදහා රජය විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. හෘද රෝග ඇතුලු අනෙකුත් රෝග කළමණාකරණය කර ගැනීම තුලින් රජයට දැරිමට සිදූවන වියදම අවම වනවා. හෘද රෝග වෛද්‍යවරුන් පළාත් සභා යටතේ පාලනය වන ප්‍රධාන රෝහල් වලට ද අනුයුක්ත කර තිබෙනවා. එම නිසා හෘද රෝග පරීක්ෂණ සෑම පළාතකම සිදූවන අතර, ඉදිරියේ දී හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ද දිවයින පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛණය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. තව ද හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබාදීමෙි වැඩපිළිවෙල අඛණ්ඩව සිදූ කරනවා. ඒ සදහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද විධිමත් කිරීමට පියවර ගත්තා. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කරන අතර, ඊට අවශ්‍ය නවීන උපකරණ සහ සියලුම පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.” යයි පැවැසීය.