විදේශීය කිරිපිටිවල බදු අඩු කිරීම තුලින් දේශීය කිරි ගොවියා පත්ව ඇති තත්ත්වය පිලිබදව හා දේශීය කිරි නිෂ්පාදකයින් පත්ව ඇති දැඩි ආර්ථික අපහසුතාවය පිලිබදව දැනුවත් කිරීමේ දේශීය කිරි ගොවි හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු, සාලින්ද දිසානායක, නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සීබී රත්නායක, උතුරු මැද පලාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම් රංජිත් හා පලාත් සභා, පලාත් පාලන නියෝජිතයන් ඇතුළු දේශීය කිරි ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සුනෙත් ගාල්ලගේ- ගාල්ල