ශ්‍රී ලංකාවේපැවති ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයමින් එක රටක් තුළ සෑම ජන කොටසක්ම ජීවත් වීමේ ක්‍රියාමාර්ගයක් සෑදීමට ඇමරිකාවේ සහාය ලැබෙන බවට එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් සහතික වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් පවසයි.
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමට රජය ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනව්ස්කි ප්රමුඛ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ප්‍රකාශ කරයි. සතියක නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාව ට පැමිණ සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනව්ස්කි සහ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් අමතමිනඅමතා ඔහු මේ බව කියා සිටියේය.
විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ නියෝජිතයන් පිරිසක් 13 බදාදා මෙම සාකච්ඡා පවත්වා තිබුණේ ඇමරිකන් තානාපතිවරයාගේ නිල නිවසේදීය.
ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන්ද එහිදී සාකච්ජා වු බව මන්ත්‍රීවරයා පැවසීය. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය පියවර ගන්නා අවස්ථාවේදී යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය රජයට ලබා දෙන බව ඔහු වැඩි දුරටත් පැවසිය.
එසේ නොමැතිව ඒ සම්බන්ධයෙන් ආන්ඩුවේ පිරිස් අදහස් දක්වන අවස්ථාවන්හිදී එයට විරුද්ධව අදහස් ඉදිරිපත් කරමින් යලි යලිත් ඒ පිළිබදව කතා කිරීම තේරුමක් නොමැති දෙයක් බවයි මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේ.