බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි පාසල් 19ක් නාය යාමේ දැඩි අවධානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා මඟින් තහවුරු වී ඇතැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවසූ බව සඳහන් වේ.
අදාළ පාසල්වල ඉගෙනුම ලබන 7168 ක් පමණ වූ දරු දැරියන්ගේ හා 424ක් වන ගුරුවරුන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා කඩිනම් පියවරක් ගත යුතු බවට යෝජනාවක් ඉකුත් ඌව පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..
“මේ පාසල් වැඩි ගණනක් ලංකාවට නිදහස ලැබෙන්නත් පෙර පිහිට වූ පාසල්. වර්ෂ 1885 ස්ථාපිත කළ පාසල් ද ඒ අතර තිබෙනවා.කහගොල්ලවත්ත දෙමල විදුහල, වල්හපුතැන්න විදුහල, උදවේරිය බටහිර විදුහල, මිරියබැද්ද දෙමල විදුහල, වැවේගම මහ විදුහල, දියතලාව දෙමල විදුහල, උඩුකුඹුල්වෙල සුදර්ශි විදුහල, කිනලන් දෙමල විදුහල, ගෝණකැලේවත්ත දෙමල විදුහල, කණවැරල්ල අංක 01 විදුහල, පින්අරාව දෙමල විදුහල, වැලිමඩ විජය විදුහල, වල්ලුර් දෙමල විදුහල, කොබෝ දෙමල විදුහල, මේමලේ දෙමල විදුහල, කෙලෙවානි දෙමල විදුහල, කණවැරල්ල අංක 03 විදුහල් මෙසේ අවදානමට ලක්ව තිබෙන අතර රාහුපොල මුස්ලිම් විදුහල පමණක් මේ තත්ත්වය මත වසා තිබේ.එසේම ලියන්ගහවෙල, බැද්දෙඅරාව, මකල්දෙණිය යන විදුහල් ද උමා ඔය ව්‍යාපෘතියත් සමඟම බණ්ඩාරවෙල නගරයේම ඇති ධර්මාශෝක විදුහල සහ බණ්ඩාරවෙල මාධ්‍ය මහා විද්‍යාලය ද මෑතක සිට මේ අවදානම සහිත විදුහල් අතරට එක්ව තිබෙනවා.එම නිසා මෙම පාසල්වල දරු දැරියන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය හා අනාගතය පිළිබඳව මහජන නියෝජිතයන් ලෙස අප කඩිනම් පියවර ගත යුතුය.” යනුවෙන් පවසා ඇත.