පැෆරල් හා කැෆේ සංවිධාන මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්, සැප්තැම්බර් 20 දින තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද පළාත් සභා ඡන්ද විමසීම් පනත හේතුවෙන් පළාත් සභා ඡන්ද කල් යන බවත්, එම ඡන්ද කල් යෑම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් මතය ඉවත දැමීමක් බව ප්‍රකාශ කර සිටී.
විසිවනව්යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් නොවුවද මෙම ඡන්ද සංශෝධනය ඊට අදාළ නඩු නිමිත්තේ පදනම හා සමාන බවත්, එබැවින් ආණ්ඩුව අධිකරණ මතයට කොතරම් ගරු කළේද යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් පැෆරල් සංවිධානය සඳහන් කර ඇත.
එසේම කැෆේ සංවිධානය සඳහන් කර ඇත්තේ,ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉවත දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය හා සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් ඡන්ද කල්දැමීම සඳහා සිදුකළ පළාත් සභා ඡන්ද විමසීම පනත සංශෝධනය කිරීම ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වඩාත් ක්‍රම විරෝධී පනත් සංශෝධනය බවයි.