ඉදිරියේදී පැවැත්වෙන පළාත්සභා හා පළාත් පාලන මැතිවරණ වලදී තමන් එකම සන්ධානයක් ලෙස තරග වැදීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් දේශපාලන පක්ෂ පැවසූ බව සදහන්ය.
මුස්ලිම් කොංග්රසය පමණක් මේ පිළිබදව තීරණයකට එලබී නොමැති අතර ඉදිරියේදි එම පක්ෂයත් මෙම සන්ධානයට එක්වනු ඇතැයි මුස්ලිම් කොංග්රසයේ හිටපු මහ ලේකම් හසන් අලි පවසයි. ඒ.එල්.එම්.අතාවුල්ලා, රිෂාඩ් බදූර්දීන්, අසාද් සාලි ඇතුළු අනෙකුත් මුස්ලිම් දේශපාලන නායකයින් මෙම තීරණයට එකගවී ඇති අතර තමන් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් පිලිබද තීරණය කඩිනමින් ගන්නා බවද පවසා ඇත.
කෙසේ වෙතත් ආගමික හෝ වර්ගවාදී පදනමක් මත දේශපාලන කණ්ඩායම් ඒක්වීම බරපතල තත්වයක් බවත් එමගින් අනෙකුත් ජන කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවිය හැකි බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේශකයන්ගේ මතය බව සදහන්ය.