වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පත් කර ඇතැයි වාර්තා වේ. චීනයේ පැවැත්වෙන 86 වන ජාත්‍යන්තර පොලිස් සමුළුවට සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද උදෑසන චීනය බලා පිටත්වීම හේතුවෙන්, අද(25) සිට ලබන 30 වනදා දක්වා සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩබැලිමට පත් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත.