පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලද 1948 අංක 20 දරණ ආගමන හා විගමන පනත අනුව, මේ රටට පැමිණෙන කිසිදු විදේශීය සරණාගතයකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නේවාසික වීසා ලබාදීම රජයට හැකියාවක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර පැවසීය.
ඒ අනුව දැනට කොළඹ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ සංවිධානය (UNHCRS) භාරයේ සිටින මියන්මාර් රොහින්යා සරණාගතයින් 30 දෙනා එම සංවිධානය විසින් ළඟදීම වෙනත් රටකට යවනු ඇතැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවැසීය.
රොහින්යා සරණාගතයින් මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. 2008 මාර්තු මාසයේ දී රොහින්යා සරණාගතයින් 55 ක් මේ රටට පැමිණ ඇති අතර ඔවුන් ආපසු යවා ඇත්තේ 2012 දී. තවත් රොහින්යා සරණාගතයින් 101ක් 2013 දී මෙහි පැමිණ ඇත. ඔවුන් 2015 තෙක් මේ රටේ රැඳී සිටි අතර එම පිරිස 2015 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය විසින් වෙනත් රටවලට යවා ඇති බව ද සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මෙහිදී සඳහන් කළේය.