මොරගහකන්දට එරෙහි උපවාස කරුවන්ගේ තත්ත්වය බරපතළ වි ඇත,එහිදි මාරාන්තික උපවාසයක නිරත වූ ප්‍රදේශවාසීන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.ඔවුන් මාරාන්තික උපවාසයක නිරත වී ඇත්තේ මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට නිසි පරිදි වන්දි මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින්.
LNC වාර්තාකරු පැවසුවේ ඒ අතර කාන්තාවක්ද සිටින බවයි. ප්‍රදේශවාසීන් පිරිසක් ඉකුත් 20 වනදා සිට ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුණා.
ඒ අතරින් ඊයේ (23) පෙරවරුවේ ප්‍රදේශවාසී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.
කෙසේවෙතත් අද (24) පෙරවරුවේ අසාධ්‍ය තත්ත්වයෙන් ඔවුන් රෝහල්ගත කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ වෙළදසැල් සියල්ලද වසා දමා තිබෙනවා.