ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ පසුගිය දිනවල මතුව තිබූ ගැටලුව එලෙස තිබියදීම අගමැති ධූරය සම්න්බන්ධයෙන්ද විකල්ප නම් යෝජනා වෙමින් පවතින බවක් දැනගන්නට ඇත.
ආන්දෝලාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමටත්, බැඳුම්කර සිද්ධියට චෝදනා ලද පුද්ගලයින් ආරක්ෂා කරන්නේ යැයි මත පළවන නිසාත් අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියතාවය පහළ බැස තිබීම මෙම විකල්ප මතු වීමට හේතුවී ඇති බව සඳහන් වේ. අග්‍රාමාත්‍ය ධූරය සඳහා විවිධ නම් යෝජනා වන බවත් එහිදී වැඩි අවධානයක් මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික, සජිත් ප්‍රේමදාස සහ කරූ ජයසූරිය අමාත්‍යවරුන්ට හිමි වී ඇති බවත් චමල් රාජපක්ෂගේ නමද මේ අතර කියැවෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.