යහපාලන රජයේ සංහිදියාව තහවුරු කර ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරනු ලබන උපදේශක සභාවක් පත් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් විසින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව සඳහන් වේ.
රජයේ ඉදිරි කටයුතුවලට ඇති විය හැකි බාධා ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් පැවසේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ ඉදිරිපෙළ ඇමතිවරුන් පිරිසක් හා එජාපයේ ඇමතිවරුන් පිරිසක් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, මලික් සමරවික්‍රම හා සරත් අමුණුගම ඇමතිවරුන් මෙයට මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.