ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවකට, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයක් බාර ගන්නැයි ඉල්ලීමක් ලැබී ඇති බව සඳහන් වේ. එජාප සභාපති මලික් සමරවික්‍රම හා මහ ලේකම් කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විසින් එම ඉල්ලීම කර ඇති බව, ජාතික හෙළ උරුමයේ ප්‍රධානියකු සඳහන් කර ඇත.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට පත් කිරීමට තීරණය කර ඇති අතර බලතල සහිත නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.