දුම්රිය සේවකයන් කපා කොටා මරා දමන බවට තර්ජනය කල පොල්ගහවෙල ප්‍රදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක වහාම අත්අඩංගුවට ගන්න.
අද දින පොල්ගහවෙල දුම්රිය රක්ෂිත ඉඩමක් දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම නිසා ඊට විරුද්ධ වූ පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරීට කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් මහජනයා ඉදිරියේ දුම්රිය නිලධාරීන්ගේ ගෞරවය කෙළෙසන පරිදි කටයුතු කළ පොල්ගහවෙල ප්‍රදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් සදහන් කර සිටියි.
එම නිවේදනය පහතින් වේ .
සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය.
All Ceylon Railway Employees’ General Union
මාධ්‍ය නිවේදනයයි
The media announcement
2018. 05 .27
නියෝජ්‍ය පොලිස්පති,
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය,
කුරුණෑගල.
දුම්රිය නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කළ පොල්ගහවෙල ප්‍රාදේශීය සභා සභාපති වහාම අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්න
අද දින පොල්ගහවෙල දුම්රිය රක්ෂිත ඉඩමක් දේශපාලන බලය යොදා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීම නිසා ඊට විරුද්ධ වූ පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්ෂක අංශයේ කාර්යභාර නිලධාරීට කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් මහජනයා ඉදිරියේ දුම්රිය නිලධාරීන්ගේ ගෞරවය කෙළෙසන පරිදි කටයුතු කළ පොල්ගහවෙල ප්‍රදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
පොල්ගහවෙල ආරක්ෂක විවේකාගාරය අසල දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග ෆෝමන් කාර්යාලය හා ගොඩැගිලි අංශය ඇතුළු දුම්රිය කාර්යාල ගණනවක් පිහිටි මෙම භූමිය, දුම්රිය නිවාස හා ගොඩනැගිලි රාශියකින් සමන්විත දුම්රිය රක්ෂිත භූමියකි. ඒ ආසන්න පෞද්ගලික ඉඩම්වල නිවැසියන් විසින් අනවසරයෙන් යාම්, ඊම් සඳහා කෙටි මාර්ගයක් ලෙස මෙම භූමිය පරිහරණය කර ඇත. එම පෞද්ගලික නිවාසවල නිවැසියන් සඳහා නීතියානුකූලව වෙන්කර දී ඇති මාර්ගය පරිහරණය නොකර, දේශපාලන බලය යොදා ගනිමින් මෙම දුම්රිය රක්ෂිත භූම්ය කීප දෙනෙකුගේ වුවමනාවට දේශපාලන වාසි ලබාගැනීම සඳහා යොදාගැනීම කිසිසේත්ම නොකළ යුත්තකි.
දුම්රිය දේපළ රජයේ දේපළ වන බැවින්, මෙම දුම්රිය නිලධාරීන් රජයේ නිලධාරීන් ලෙස තමන්ගේ රාජකාරි වගකීම ඉටු කිරීමේදී, දේශපාලන මැරවරයින්ගෙන් ඔවුන්ට එල්ලවී ඇති මැර තර්ජනය පිලිකුල් සහගතව හෙලා දකින අතර, දුම්රිය නිලධාරීන් ආරක්ෂා කරගැනීම අපගේ වගකීමකි.
තම රාජකාරි වගකීම නිසි පරිදි ඉටුකරන නිලධාරීන්ගේ ස්වාධීන අයිතිය ආරක්ෂා කිරීම අපගේ වගකීම වන බව පෙන්වා දෙන අතර, එවැනි නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරන මැරවරයින් සම්බන්ධයෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීම ඔබ සතු වගකීමක් වන බවද අපගේ විශ්වාසයයි.
එසේ හෙයින්, මෙම සිද්ධිය පදනම් කරගනිමින් වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට අවතීර්ණවීම වැලැක්වීම සඳහා මෙම සභාපති වරයා වහාම අත්අඩංගුවට ගෙන නීතිමය පියවර කඩිනමින් ගන්නා ලෙසත්, ඔබ ගන්නා කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට,
සේවක අයිතීන් වෙනුවෙන්,
එස්.පී.විතානගේ
ප්‍රධාන ලේකම්