කොළඹ නගරයේ අනවසර පදිකවෙළඳුන් දහසකට වැඩි පිරිසක් වෙළඳාමේ නිරත වන බව අනාවරණය වී තිබේ.
ඒ අනුව එම අනවසර පදිකවෙළඳුන් වහාම ඉවත් කරන ලෙස පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පොලිසියට සහ කොළඹ මහ නගර සභාවේ නිළධාරින්ට නියෝග කර ඇති බව සඳහන්ය.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පරිසර ආරක්ෂණ කොට්ඨාසය සිදු කළ සමීක්ෂණයකදී අනවසර වෙළඳුන් 1158 දෙනෙකු වෙළදාම්වල නිරත වන බවට අනාවරණය වී ඇත.
පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී පොලිසිය එම සමීක්ෂණයේ සංඛ්‍යා ලේඛන අනාවරණය කර ඇති බව සඳහන්ය.
ඒ අනුව කොළඹ නගර සීමාවේ පදික වේදිකාවේ පුද්ගලයින් 720 දෙනෙකු අනවසරෙන් වෙළඳාමේ නිරත වන අතර ඉන් 699 දෙනෙකුම වෙළඳාම්වල නිරත වන්නේ පිටකොටුව ප්‍රදේශයේ බව අනාවරණය වී ඇත.
පදික වේදිකාවල අනවසරයෙන් ස්ථානගත කර ඇති ලොතරැයි කුටි සංඛ්‍යාව 221ක් බවත්, ජංගම රථ 120ක් පදික වේදිකාවේ අනවසරෙන් වෙළඳාමේ නිරත වන බවත්, අනාවරණ වී තිබේ.
කොළඹ නගර සීමාවේ පදික වේදිකාවේ පුවත්පත් අලෙවිසැල් 45ක් පවත්වාගෙන යන බවට ද පොලිසිය සිදු කළ සමීක්ෂණයේදී අනාවරණය වී ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.