ආංශික අධීක්ෂණ කමිටු සාර්ථක ක්‍රමයක් බවත් එම කමිටු සඳහා විශේෂ නිලධාරීන් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
කාරකසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී එහි ඇති බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මතුකළ අඳහසට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.
මෙය අලුත් සංකල්පයක්.
අධීක්ෂණ කාරක සභා මඟින් නීති නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙන ආකාරය සොයා බලනවා.
රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. අමාත්‍යවරු නොමැතිව කටයුතු කරන්න බෑ.
මේ ක්‍රමය සාර්ථකයි.
මේ අයට අවශ්‍ය අනෙකුත් සහන ලබාදිය යුතුයි.
කමිටුවට අවශ්‍ය නිලධාරීන් අරගන්නට අවශ්‍යයි.
මේ පිළිබඳව සාකච්ඡා කළ හැකියි.
සාකච්ඡා සඳහා සභාපතිවරු මුණ ගැසී ඒ සඳහා දිනයක් යොදා ගැනිමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.