මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ ඇය විසින්
ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මතය .
මඩකළපුව – ත්රීකුණාමලය මාර්ගයේ හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්ථා වන්නේ
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මඩකළපුව පොලීසිය විසින් අදාළ නිවස පරීක්ෂා කර ඇත .
එහිදී මඩකළපුව හිටපු නගරාධිපතිනිය සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත . ඇය පසුගිය රජය සමයේ දේශපාලන වශයෙන් විශාල අධිකාරී බලයකින් කටයුතු කළ තැනැත්තියකි .