දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෛයිස්රෝයි විශේෂ සුඛෝපභෝගි දුම්රිය හා රාජධානි එක්ස්ප්‍රස් හා එක්ස්පෝ ලංකා විශේෂ දුම්රිය මැදිරි ධාවනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 460 කට අධික මූල්‍යමය අලාභයක් සිදුවී ඇති බවත්, එය සිදුකරන ලද විගණන පරීක්ෂණයක් මගින් හෙළි වී තිබිය දීත්, එ් පිළිබඳව ගතයුතු නිසි කි‍්‍රයාමාර්ගයක් නොගෙන ප්‍රවාහන අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් ප්‍රවාහන අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම් වරයා අනිසි ආකාරයකින් හෝ මෙම වංචාසහගත මූල්‍ය ගනුදෙනුවට සම්බන්ධ වී ඇද්දැයි සැකයක් පවතින බවත් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව අවධාරණය කර සිටිමින් ජනාධිපතිවරයා වෙත දුම්රිය වත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කර ඇත.