topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කලාකරුවන් ලබන සොච්චම් ආදායමටත් මේ ආණ්ඩුව බදු ගහනවා.

Bimal_Rathnayaka

කලාකරුවන් ලබන සොච්චම් ආදායමටත් මේ ආණ්ඩුව බදු ගහනවායැයි රංගන ශිල්පිනී දීපානි සිල්වා ප්‍රකාශ කරයි. ඇය මෙම අදහස් පළකර සිටියේ අද (06) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති සමාජවාදී කලා සංගමයේ මාධ්‍ය හමුව අමතමිනි.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දීපානි සිල්වා රංගන ශිල්පිනිය,

ආණ්ඩුව ගෙනාපු අලූත් බදු පනතෙන් කලාකරුවන්ටත් විශාල ලෙස බදු පනවලා. රටේ පුරවැසියන් ලෙස කලාකරුවන්ද ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. නමුත් කලා කටයුතු වෙනුවෙන් කලාකරුවන්ට ලැබිය යුතු අවම පහසුකම්වත් ලබා නොදී ආණ්ඩුව බදු ගහන එක වැරදියි. මේ ආණ්ඩුව කලාකරුවන්ට සිය නිර්මාණ කටයුතු සඳහා කිසිම පහසුකමක් ලබා දීලා නැහැ. මීට කලින් පැවති පනතට අනුව කලා ක්‍ෂේත‍්‍රයේ විවිධ ක්‍ෂේත‍්‍ර බදුවලින් නිදහස් කරලා තිබුණා. නමුත් අලූත් පනතින් සෑම ක්‍ෂෙත‍්‍රයක්ම බදුවලට යටත් කොට තිබෙනවා. අද නාට්‍ය කලාව ඇතුළු සියලූම කලාවන් කිසිම පහසුකමක් නැතිව අසරණ තත්වයට පත්වෙලා. එහෙම තත්වයක් යටතේ නාට්‍යකරුවන් ඉතා වෙහෙසක් දරා බිහි කරන නිර්මාණවලට බදු ගැහුවාම කලාවට අත්වන ඉරණම මොකක්ද? ඒ නිසා මේ පිළිබඳව අදහස් දක්වන්න ප‍්‍රවීණ මාධවේදියෙක් වගේම කාටුන් ශිල්පියෙක් වන විනී හෙට්ටිගොඩ, ප‍්‍රවීණ සාහිත්‍යවේදියෙක් නවකතා රචකයෙක් වුණු කීර්ති වැලිසරගේ, ප‍්‍රවීන රංගන ශිල්පි චන්ද්‍රසෝම බින්දුහේවා, ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මේ සියලූ දෙනා එකතු වුණේ කලා  ක්‍ෂෙත‍්‍රයට මේ නව බදු පනත නිසා මුහුණදීමට සිදුවෙලා තිබෙන තත්වය සාකච්ඡා කරන්නයි.

සාහිත්‍ය කලාව, වේදිකා නාට්‍ය, චිත‍්‍රපට මේ සියලූම ක්‍ෂේත‍්‍යන්ට මෙම බදු බලපානවා. ආණ්ඩුව කරන්නේ විශාල අසාධාරණයක්. අද චිත‍්‍රපට කර්මාන්තය ඉතාම පහතට ඇද වැටිලා. සිනමා ශාලාවල යටිතල පහසුකම් නැහැ. ටෙලිනාට්‍ය කලාවත් ඉතාම පහත් තත්වයකට වැටිලා. කලා ක්‍ෂෙත‍්‍රය එවැනි තත්වයකට ඇද වැටුණේ ආණ්ඩුවේ මැදිහත්වීමක් නැති නිසා. ඒ වගේ තත්වයකට ඇද වැටී තිබෙන කලාවට, සාහිත්‍යයට මේ විදිහට බදු ගහනවා නම් එවැනි ආණ්ඩුවකින් කිසිම හොඳක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

කලාකරුවන්ට ජීවත්වෙන්න වෙලා තිබෙන්නේ ඉතාම සොච්චම් ආදායමකින්. ඇත්තටම කිව්වොත් කලා කටයුතුවලින් ලැබෙන ආදායමින් ජීවත් වෙන්න අමාරුයි. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක රංගන ශිල්පියෙකුට මසකට ලැබෙන්නේ දර්ශන වාර එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. එක් අවස්ථාවකට ලැබෙන මුදල රුපියල් පන්දාහක් හයදාහක් වගේ වෙන්න පුළුවන්. සමහර මාසවල රඟපාන්න වෙන්නේ එක දර්ශන වාරයයි. තවත් සමහර මාසවල එක දර්ශන වාරයක්වත් නැහැ. එහෙම තත්වයක් තිබියදී ලැබෙන ආදායමට බද්දකුත් ගෙවලා ඊළඟ මාසයේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ නිසා මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ කලාකරුවන්ට ජීවත් වීමට ලබාදෙන සහනයක් සේ සලකා මෙම බදු පැනවීම ඉවත් කරන ලෙසයි. මීට පෙර පැවති බදු සහන එලෙසම ලබාදෙන ලෙස මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා. මේ කිසිම ආණ්ඩුවක් කලාකරුවන් වෙනුවෙන් පොරොන්දු වූ කිසිවක් ඉටු කරලා නැහැ. කලාව වෙනුවෙන් කරනවා කියපු කිසිවක් කරලා නැහැ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉන්න සියලූම මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලනවා මෙම අසාධාරණ බදුවලට එරෙහිව හඬ නඟන්න කියලා.

එලෙසම අද පැවත්වූ සමාජවාදී කලා සංගමයේ මාධ්‍ය හමුවේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා යනඅයද අදහස් දැක්වීය.

රටක සංස්කෘතියේ ජීවනාලිය බඳු කලාවටත් මේ ආණ්ඩුව බදු ගහනවා.

ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක.

හෙට දින විවාදයට ගැනීමට නියමිත දේශීය ආදායම් පනත මගින් සියලූම ක්‍ෂේත්‍රයන්ට අසාධාරණ ලෙස බදු පනවලා තිබෙන නිසා එය හකුළා ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ මුල් අවස්ථාවේ සිට ආණ්ඩුවට බලපෑම් කළා. ඊට එරෙහිව ජනමතයක් ගොඩනැගුවා. ජනතාව දැනුවත් කිරීමට සම්මන්ත‍්‍රණ පැවැත්වුවා. අත් පති‍්‍රකා බෙදුවා. එම පනතට එරෙහිව ගොඩනැගුණු ජනතා විරෝධය නිසාම පනත පාර්ලිමේන්තුවට ගේන එකත් ආණ්ඩුවට කල් දාන්න සිදුවුණා. නමුත් දැන් ආණ්ඩුව පනත පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කොට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී කලා සංගමය ලෙස මෙම පනත කලාව, සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ නියැළෙන කලාකරුවන්ට බලපාන ආකාරය පිළිබඳව සංවාදයක් හැදිය යුතු බව කල්පනා කළා. යහපත් කලාවක් වෙනුවෙන් නිර්මාණ කරන කලාකරුවන්ගේ අයිතිය මෙම පනතෙන් අහිමි වෙලා යනවා. රටක සංස්කෘතියේ ජීවනාලිය බඳු කලාවට බදු ගැසීම නිසා නිර්මාණ බිහි නොවීමෙන් ඇතිවන සංස්කෘතියේ ගරා වැටීම පරම්පරා ගාණකට බලපානවා. ඒ නිසා මෙම බදු පනතට සංශෝධන විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.

මේ බදු පනතට මිනිස්සු, අලි ඇත්තු, මැණික් ස්වර්ණාභරණ, සියලූම දේවල් අහුවෙලා තිබෙන්නේ. ක්‍ෂුද්‍ර ජීවීන් විතරයි මේ බදුවලට අහුවෙලා නැත්තේ. එයින් සෘජුවම කලා ක්‍ෂේත‍්‍රයට බලපාන බදු පිළිබඳව අවධානය යොමුකරන්න කැමතියි. අපේ රටේ කලාව කර්මාන්තයක් ලෙස දියුණු වෙලා නැහැ. සාමාන්‍ය මට්ටමින් හෝ කර්මාන්තයක් ලෙස පවතින්නේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රය සහ සී.ඞී. පට නිෂ්පාදනයයි. චිත‍්‍ර කලාව, නවකතා, කවි, වේදිකා නාට්‍ය, කර්මාන්තයක් ලෙස දියුණු වෙලා නැහැ. අපේ රටේ කලාකරුවන් නිර්මාණවල යෙදෙන්නේ බොහෝ වෙලාවට වෙනත් රැකියාවක් කරන ගමන්. ඇතැම් කලාකරුවන් තමන්ගේ වේදිකා නාට්‍ය නිෂ්පාදනයට මුදල් හොයා  ගන්නේ උපකාරක පංති පවත්වලා. ඒ නිසා එහෙම තත්වයක් තුළ බදු පැනවීමේදී කලා නිර්මාණවලට විශාල බලපෑමක් සිදුවෙනවා. නව බදු පනතට අනුව කුමන ක‍්‍රමයකින් වුවද ලක්‍ෂ හයක වාර්ෂික ආදායමක් ලබන(මාසික ආදායම රු. 50,000ට වැඩි) සියලූම දෙනා ආදායම් බදුවලට අයත් වෙනවා. ශිෂ්‍යත්වයක් ලැබුණත් කලා නිර්මාණයකට සම්මාන ප‍්‍රදානයක් ලැබුණත් ආණ්ඩුවට බදු ගෙවන්න සිදුවෙනවා.  ඒ නිසා ආණ්ඩුව මේ පනත හදලා තියෙන්නේ මස් රාත්තලම ගන්නයි. ඉතා අසීරු තත්වයන් යටතේ කලා කටයුතුවල යෙදෙන කලාකරුවන්ට මේ පනතින් විශාල බලපෑමක් සිදුවෙනවා.

මේ බදු පනත 2006 අංක16 දරන බදු පනතට සංශෝධනයක් ලෙස තමයි ඉදිරි පත් කරන්නේ. එහි පිටු 142ක් සංශෝධන ඇතුළත් වෙනවා. ඒ නිසා මේ බදු පනත අලූත් බදු පනතක් ලෙසයි සලකන්න සිදුවෙන්නේ. කලින් පැවති පනතේ තිබුණු බදු සහන 328 නව බදු පනතින් 25 දක්වා අඩුකොට තිබෙනවා. මුල් පනතට අනුව වේදිකා නාට්‍යකරුවන්ට පළමු වසරේ ආදායමින් 50%කට බදු නිදහසක් ලබාදී තිබුණා. නමුත් නව පනතට අනුව වේදිකා නාට්‍ය ආදායමට පළමු වසරේ සිට 100%ක් බදු පනවා තිබෙනවා. ලේඛකයන්ට හා පොත් ප‍්‍රකාශකයින්ට සිය පළමු ප‍්‍රකාශනයේ ආදායමට 50%ක බදු සහනයක් හිමිවී තිබුණ නමුත් නව බදු පනතට අනුව පළමු ප‍්‍රකාශනයේ සිට බදු ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම පැවති පනතට අනුව නව නිර්මාණකරුවන් බදුවලින් නිදහස් කොට තිබුණත් නව බදු පනතට අනුව නව නිර්මාණකරුවන්ට තිබූ බදු සහනය ඉවත්කොට තිබෙනවා. කුමාරතුංග මුනිදාස මහත්තයා කියලා තිබුණා ”අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” කියලා. නමුත් මේ බදු පනතට අනුව කියන්නේ නව නිර්මාණ බිහි නොකළ යුතුයි කියලද? කලා ක්‍ෂේත්‍රයේ පමණක් සියලූම ක්‍ෂේත‍්‍රයේ නව නිර්මාණවලට නව පනතින් බදු පනවලා තිබෙනවා. ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයෙකු ලෙස රංගික හල්වතුර මහත්තයාට සම්මානයක් ලැබුණා. ඔහුට පේටන්ට් බලපත‍්‍ර පහක් හිමියි. එවැනි විශිෂ්ඨ විද්‍යාඥයන්ට ලැබෙන සම්මානවලින් මේ ආණ්ඩුව බදු අයකර ගන්නවා. ලලිතකලා කටයුතුවලින් රුපියල් ලක්‍ෂයක් දක්වා ත්‍යාග ලැබෙන කලාකරුවන්ට බදු සහනයක් තිබුණා. නමුත් නව පනතට අනුව එම බදු සහනය ඉවත්කොට තිබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට බිහි වෙන්නේ ආසන්න ලෙස චිත‍්‍රපට 15ක පමණ ප‍්‍රමාණයක්. චිත‍්‍රපටයක පළමු වසර ආදායම මිලියන 25 දක්වා බදු සහනයක් ලබාදී තිබුණා. එවැනි සහනයක් ලබා දී තිබුණේ චිත‍්‍රපටයක් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා. නමුත් නව පනතට අනුව චිත‍්‍රපටයක් පාඩු ලැබුවත් ලැබෙන ආදායමට බදු ගෙවන්න සිදුවෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව සමස්ත කලාවටම බදු පනවනවා. මෙයින් සිදුවෙන්නේ පැහැදිලිවම කලාව වළ දැමීමක්. කලාවේ ප‍්‍රධාන අරමුණ ජනතාවයි. එම නිසා මෙම කප්පාදුවට එරෙහිව කලාකරුවන් මෙන්ම රටේ ජනතාවත් පෙළ ගැසිය යුතුව තිබෙනවා. ඒ වගේම කලා ක්‍ෂේත්‍රයට ලබාදී තිබු සහනය එලෙසම ලබාදෙන ලෙසට සංශෝධන ඉදිරිපත් කරන්න ජවිපෙ බලාපොරොත්තු වෙනවා. ඒවගේම අනෙකුත් ක්‍ෂේත්‍ර සදහාද සහන ලබාදෙන ලෙසට සංශෝධන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

ආණ්ඩුව හදන්නේ අපේ රට සංස්කෘතික කාන්තාරයක් කරන්න.

සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ. 

අපි කලාකරුවන් ලෙස මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ කලාවේ සාහිත්‍යයේ, සංස්කෘතියේ අභිවර්ධනයක්. නමුත් දැන් තිබුණට වඩා පහළ තැනකටයි පැමිණෙමින් තිබෙන්නේ. රටක ජනතාවගේ හෘද සාක්‍ෂියේ ප‍්‍රකාශනය තමයි කලාව කියන්නේ. රටක සාහිත්‍යය, නාට්‍ය, සංගීතය, යන කලා ක්‍ෂේත්‍රයන්ගේ වර්ධනය වීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙම ක්‍ෂේත්‍ර මුදල් උපයන ක්‍ෂේත්‍ර නෙවෙයි. නමුත් අද සියලූම ක්‍ෂේත‍්‍රයේ කලා නිර්මාණකරුවන් මේ බදු පනතට යටත් කරලා තිබෙනවා. මේ තත්වය යටතේ අපේ රටේ කලාව තවදුරටත් අභිවර්ධනය වෙයි කියලා බලාපොරොත්තුවක් අපිට නැහැ. එනිසා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා, පනත නිසා සිදුවන අවැඩ සලකා මේ පනත ඉවත් කරගන්න කියලා.

මේ පනත ජනතාවගේ අධ්‍යාත්මික ජීවිතයට මරු පහරක් එල්ල කිරීමක්. ලාභ නොලබා ඉතාමත් අසීරුවෙන් වෙනත් වෘත්තියක් කරන අතරේ නිර්මාණ කාර්යයේ නියැළෙන කලාකරුවන්ගේ් නිර්මාණ ජීවිතය තවදුරටත් දුෂ්කර කරන ඔවුන්ගේ නිර්මාණ ක්‍ෂේත්‍රයෙන් ඉවත් කරන කටයුත්තක් තමයි ආණ්ඩුව මේ බදු පනත මගින් සිදුකරන්නේ. එනිසා මේ ආණ්ඩුවෙන් රටේ ජනතාවගේ සංස්කෘතික ජීවිතයේ ප‍්‍රබෝධයක් බලාපොරොත්තු වෙනවා නම් එය බොරුවක් හැටියටයි අපි දකින්නේ. ඒ වෙනුවට අපේ රට සංස්කෘතික කාන්තාරයක් දක්වා ගමන් කරන බවක් තමයි අපිට පේන්න තියෙන්නේ.

මාමා පටන් ගත්ත වැඩේ බෑනා හොඳට කරනවා.

ප‍්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා. 

රංගන ශිල්පියෙකුගේ ආදායම ස්ථාවර එකක් නෙවෙයි. කලා ක්‍ෂේත්‍රයේ නියැළෙන නිර්මාණකරුවන්ට ලැබෙන සුළු ආදායමටත් බද්දක් අය කරනවා නම් ඒ ආණ්ඩුව ගැන කතා කරලා වැඩක් නැහැ. රටේ පුරවැසියන් ලෙස සියලූ දෙනාම වාර්ෂික ආදායම රු ලක්‍ෂ හයකට වැඩිනම් බදු ගෙවන්න සිදුවෙනවා. මෙම කලා නිර්මාණවල යෙදෙන නිර්මාණකරුවන් විශාල අසීරුතා මැද්දේ තමයි නිර්මාණ කටයුතු සිදුකරන්නේ. මමත් එවැනි දුෂ්කරතා විඳගෙන නාට්‍ය දෙකක් අධ්‍යක්‍ෂණය කළා. කොයි තරම් අසීරුතාවයක් තිබෙනවාද කියනවා නම් එම නාට්‍ය නිර්මාණ කරන්න මගේ බිරිඳගේ ස්වර්ණාභරණ පවා උගසට තබන්න සිදුවුණා. එවැනි අසීරුතා මැද්දේ වුවත් බිහි කරන නිර්මාණ රඟහල්වල තිබෙන මිල අධිකවීම් නිසා ඇතැම් ඒවායේ යටිතල පහසුකම් නොමැතිවීම නිසා වැනි විවිධ හේතු නිසා පේ‍්‍රක්‍ෂකයින් අතරට යන්නේ නැහැ. පේ‍්‍රක්‍ෂකයින් නිර්මාණවලින් ඈත්වෙමින් තිබෙනවා. එහෙම තත්වයක් තුළත් කලා ක්‍ෂේත්‍රයට බදු පැනවීම ඉතාම කණගාටුවට කරුණක්.

මේ බදු පනත ගැන පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයින් හරිහැටි දැනුවත් වෙලා තියෙනවද කියලා අපිට සැකයක් තිබෙනවා. කලා ක්‍ෂේත්‍රයේ ඉන්න බොහෝ කලාකරුවනුත් මෙම බදු පනත ගැන හරිහැටි දන්නේ නැහැ. එනිසා තමයි මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිදුවෙලා තිබෙන්නේ. මීට පෙර අපේ රටේ පාලකයෙක් ඇහුවා, සාහිත්‍ය කලාව කන්නද කියලා. මාමා කරපු දේ බෑනා නොකළොත් ඌ නොට්ටිගේ පුතා නෙවෙයි කියලා පෙන්වන්නද මන්දා. අද රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඒ පාලකයා පටන් ගත්ත වැඬේ හරියටම කරන්න යනවා. එනිසා මේ අසාධාරණ බදු ක‍්‍රමයට එරෙහිව පාරට බහින්න කියලා අපි සියලූ දෙනාගෙන්ම ඉල්ලනවා.

 

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

බිමල් රත්නායක.

මීට කලින් පැවති බදු පනතට අනුව රු. ලක්‍ෂ දොළහමාරට වැඩි වාර්ෂික ආදායමක් හිමි පුද්ගලයින් තමයි බදු ගෙවිය යුතුව තිබෙන්නේ. එම සීමාව තමයි නව බදු පනතට අනුව රු. ලක්‍ෂ හයට බස්සලා තිබෙන්නේ. මේ පනතට අනුව ගොවීන් පවා බද්දට යටත් කොට තිබෙනවා. පසුගිය දිනවල ආණ්ඩුව සමෘද්ධිලාභීන් සමීක්‍ෂණයක් කළා. ඒ සමීක්‍ෂණයට අනුව ගෙදර තියෙන ලෑන්ඞ් මාස්ටරය, ගෙදර අය භාවිත කරන ජංගම දුරකතනය පවා සමීක්‍ෂණයට ලක්කළා. ඒ සියලූ තොරතුරු දැන් ආණ්ඩුව සතුව තියෙනවා. ඒ අනුව රු. ලක්‍ෂ හයට වැඩි ආදායමක් තිබෙන සියලූම දෙනාට බදු පනවන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොළඹ නගරයේ තී‍්‍රරෝද රථ රියදුරන් පවා මේ බදු පනතට යටත් වෙනවා. ඒවගේම විදේශ රැකියා කරන අය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනුත් මේ බදු පනත මගින් විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. විදේශ රැකියාවක නිරත වෙලා තමන් ලබන ආදායමෙන් මුදලක් පවුලේ සාමාජිකයන්ට එවනකොට බැංකුවලටත් කොමිස් මුදලක් ගෙවලා දැන් ආණ්ඩුවටත් බදු ගෙවන්න සිදුවෙනවා. මේ නිසා විදේශ රටවල්වල සිටින පුද්ගලයින් රටට මුදල් එවීමේදී වංචනික ක‍්‍රම භාවිතා කිරීම ප‍්‍රචලිත වෙන්නත් පුළුවන්. ඒවගේම විදේශගතව සිටින පුද්ගලයෙකු තමන් උපයා ගන්නා ආදායම ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන විට ලබාදී තිබූ බදු සහනය ඉවත් කොට තිබෙනවා.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මේ රටේ බහුතරයක් වැඩ කරන පුද්ගලයින්ට අයිති අරමුදලක්. එම අරමුදල රු. ටි‍්‍රලියන 1.6ක් තරම් විශාල අරමුදලක්. එම අරමුදල 10 බද්දකට යටත් කොට තිබුණා. එම බද්ද නව පනත මගින් 14% දක්වා ඉහළ දමා තිබෙනවා. එය සුළු එකක් නෙවෙයි. එයින් ආණ්ඩුවට රු. කෝටි ගාණක බද්දක් අයකර ගන්නවා. ආණ්ඩුව පහුගිය කාලයේ ‘බොන්ඞ් ගේම්’ එකට යොදා ගත්තෙත් වැඩ කරන ජනතාවට අයිති මෙම අරමුදලයි. මේ අරමුදල පාවිච්චි කරලා ගහපු ගේම්වලින් රවී කරුණානායකලා ගෙවල් ගත්තා. තවත් මැති ඇමතිවරු විවිධ දේවල් ලබා ගත්තා. එහෙම ගේම් ගහලා මේ අරමුදලේ මුදල් හොරා කනවා මදිවට තව තවත් මෙම අරමුදලින් බදු අයකරගන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. එම නිසා මේ බදු පනතට එරෙහිව කලා ක්‍ෂේත්‍රයේ සියලූම දෙනා මෙන්ම සියලූම ජනතාව පෙළ ගැසිය යුතුව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.