topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩු මාරුකරලා හදන්න බැරි වුණ රට ඇමති මාරුවකින් හදන්න පුළුවන්ද?

1

 

මේ ආණ්ඩුව බලයට පත්වෙන විට වංචාවට දුෂණයට හවුල් වූවන් අත්අඩංගුවට ගෙන විභාගයට ලක්කොට දඩුවම් ලබාදීමට පොරොන්දු වුණා. දැන් වසර දෙකහමාරක් ගතවෙමින් තිබෙනවා, පොරොන්දු වූ කිසිවක් ඉටුකරන්න මේ පාලකයින් සමත් වෙලා නැහැ. ඒ වගේම මේ පාලකයින් දිගින් දිගටම කිව්වා තරුණ තරුණියන්ට රැකියාවක් ලබාදෙන්න කටයුතු කරනවා කියලා. රැකියා දශලක්ෂයක් දෙන්න පොරොන්දු වුණා. වසර දෙකහමාරක් ගතවෙලා තිබෙනවා. ඒත් අපේ රටේ තරුණයින්ට ජීවත්වීම වෙනුවෙන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන වැටුපක් සහිත රැුකියාවක් ලබාදෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම ණය උගුලක හිරවෙලා තිබෙන රට ඒ උගුලෙන් ගොඩගන්නවා කිව්වා. නමුත් ඒ වෙනුවට තවදුරටත් ණය උගුලක රට හිර කොට තිබෙනවා. නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා කිව්වට එය කඩාවට්ටලා තිබෙනවා. කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය, අපරාධ අඩු කරනවා වෙනුවට තවදුරටත් වර්ධනය වෙමින් තිබෙනවා. එනිසා මේ ආණ්ඩුව වසර දෙකහමාරක් ගතවන විට ඔප්පු කර තිබෙනවා ජනතාවට ලබාදුන් පොරොන්දු එකඟතා බිඳ දමා තිබෙන බව යයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි ඔහු මෙසේ  සදහන් කළේ  අද බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක්  අමතමිණි එහෙදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායකයන් . ”

මේ වනවිට විශ්වවිද්‍යාලවල ඇතැම් පීඨ වසා දමලා මාස තුනහතරක් වෙනවා. කිසිදු විසඳුමක් නැහැ. පාතාලය පොලිසිය අතර වෙඩි තැබීම්වලින් දරුවන් මරණයට පත්වෙනවා. සාමාන්‍ය ජනතාවට ජීවත්වීමට නොහැකි තරමට බඩුමිල ඉහළ දමා තිබෙනවා. වංචාව දුෂණය ඉහවහා ගිහින් තිබෙනවා. ජනතාවගේ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමති මණ්ඩල සංශෝධනය නැමැති රංගනයක් රටට ඉදිරිපත් කරලා. ඇමති මණ්ඩල සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයා කළායැයි කියන ප‍්‍රකාශයක් මාධ්‍යවල තිබෙනවා. ජනතාව තුළ නව බලාපොරොත්තු ඇතිකිරීම අපේ අරමුණයි කියලා. මේවා කවදාවත් ඉටු නොවන බලාපොරොත්තු.
මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේ අරමුණ ජනතාව හෝ රට සංවර්ධනය කිරීමේ ඉදිරි වැඩපිළිවෙළවල් සකස් කිරීම නෙවෙයි. මෙහි වෙනත් අරමුණු කිහිපයක් තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමති කණ්ඩායමට තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමට වංක සුජාතභාවයක් හදා ගැනීම මෙහි එක් අරමුණක්. ශී‍්‍රලනිපය සහ එජාපය අතර අවබෝධතා ගිවිසුමක් ගොඩනැගුණේ වසර දෙකක ජාතික ආණ්ඩුවක් සඳහායි. නමුත් දැන් වසර දෙක හමාරක් ආණ්ඩුවේ රැඳී සිටිමින් විවිධ යෝජනාවලට ඔවුන් අත උස්සලා තිබෙනවා. මේ වංචනික ආණ්ඩුවේ තවදුරටත් 2020 දක්වා රැඳී සිටීමට සුජාතභාවයක් හදාගන්න ඔවුන් හදනවා. මෙහි දෙවැනි අරමුණ වන්නේ අසතුටට පත්වී සිටින්නන් සතුටු කිරීමයි. තිලක් මාරපන ඇමතිවරයා ඇවන්ගාඞ් වංචනික ආයතනය ආරක්‍ෂා කරන බව හෙළිදරව් වීම නිසා ඇමතිධුරයෙන් ඉවත්වීමට සිදුවුණා. ඉන්පසු මෙතෙක් කාලයක් ඔහු දින දෙක තුනකට වඩා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔහු අසතුටෙන් කාලය ගෙව්වා. ඔහු සතුටු කිරීම වෙනුවෙන් සංවර්ධන කටයුතු අමාත්‍යධුරය ලබාදීලා තිබෙනවා. මේ වනවිටත් සංවර්ධනය වෙනුවෙන් ඇමතිවරු ගණනාවක් ඉන්නවා. උපායමාර්ගික සංවර්ධනය කටයුතු ඇමති මලික් සමරවික‍්‍රම. ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා. දකුණ සංවර්ධන ඇමති සාගල රත්නායක. සබරගමු සංවර්ධන ඇමති ලෙස ජෝන්ට අලූත් ඇමතිකමක්. උඩරට සංවර්ධන ඇමති එස්.බී. දිසානායක. එසේ තිබියදී සංවර්ධන කටයුතු ඇමති ලෙස තිලක් මාරපන පත්කරනවා. මේ සංවර්ධන කටයුතු ඇමතිවරු ඉන්න තරමට රටේ කොයි තරම් සංවර්ධනයක් තිබිය යුතුද? ඇත්තටම මේ රටේ සංවර්ධනය වෙනුවෙන්ද? ඒ අයගේ සංවර්ධනය වෙනුවෙන් ඇමතිකම් දීමක් මේක.
ඒ විතරක් නෙවෙයි. පහුගිය කාලයේ ජෝන් සෙනෙවිරත්න, එස්.බී. දිසානායක කෙඳිරි ගගා හිටියා. ඔවුන්ගේ කෙඳිරිය සංසිඳුවීමට අමාත්‍යාංශවලට කෑලි එකතු කරලා තිබෙනවා. මහින්ද අමරවීර සන්ධානයේ මහ ලේකම් නිසා තව රාජ්‍ය ඇමති කෑල්ලක් දීලා තිබෙනවා. ඒ නිසා මේ කැබිනට් සංශෝධනය ජනතාවගේ සංවර්ධනයට හෝ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න නෙවෙයි. කව්රු හරි තර්ක කරන්න පුළුවන් මුදල් ඇමතිවරයාට චෝදනා එල්ල වෙලා තිබුණා, ඔහු මුදල් ඇමතිකමෙන් ඉවත්කළා කියලා. වරාය ඇමතිවරයාට චෝදනා එල්ල වෙලා තිබුණු නිසා ඔහුගේ ඇමතිධුරය වෙනස් කළා කියලා. මුදල් ඇමති මුදල් වංචාවක් කළානම් ඒ වෙනුවෙන් චෝදනා ලැබූවෙක් නම් කළ යුතුව තිබෙන්නේ පරීක්‍ෂණ කොට දඬුවම් ලබාදීමයි. මේ ආණ්ඩුවේ අලූත් දඬුවම් දීමේ ක‍්‍රමය තමයි අලූත් ඇමතිකමක් ලබාදීම. රවීට විදෙස් කටයුතු ඇමතිධුරය පමණක් නෙවෙයි වතු, බැංකු, රක්‍ෂණ සමාගම්, මහපොළ, ලොතරැුයි මණ්ඩලය ආදී ආයතන ගණනාවක් ලබාදෙන්න යනවා කියලත් ආරංචියක් තිබෙනවා. එතකොට රවී ආර්ථීක කටයුතු පිළිබඳ විදෙස් ඇමතිවරයායි. එනිසා වංචාව නිසානම් ඉවත් කරන්නේ පරීක්‍ෂා කොට දඬුවම් ලබාදීම කළ යුතුයි. අර්ජුන රණතුංගට තෙල් ඇමතිධුරය ලබාදීලා තිබෙනවා. අපේ රටේ ආනයන වියදමින් 1/4ක් වන වැඩිම පංගුවක් වැය කරන්නේ තෙල් ආනයනය වෙනුවෙන්. ඩොලර් බිලියන 5කට ආසන්න මුදල් ගනුදෙනුවක් සිදුවන විශාල කාර්ය මණ්ඩලයක් සිටින විශාල අලෙවිසැල් ප‍්‍රමාණයක් තිබෙන අමාත්‍යාංශයක් වරාය ඇමතිවරයා ලෙස චෝදනා ලැබූ අර්ජුන රණතුංගට දෙන්නේ ඇයි?
ඒ විතරක් නෙවෙයි මහාමාර්ග ඇමතිවරයා ලෙස උපදේශකයින් විශාල ප‍්‍රමාණයක්, සම්බන්ධීකරණ ලේකම්වරු විශාල ගණනක් පත්කර ගැනීම සහ ව්‍යාපෘතිවල අක‍්‍රමිකතා රැුසක් තිබෙන බවට කිරිඇල්ලට චෝදනා එල්ල වෙලා තිබුණ. නමුත් ඔහු සුවසේ ඉන්නවා. ගල් අඟුරු ටෙන්ඩරයට චෝදනා ලැබූ සියඹලාපිටිය නිවී සැනසිල්ලේ ඉන්නවා. වී තොග විකිණීමක් මගින් අතරමැදියන්ට ලාභ ලබාගැනීමට ඉඩ සලසපු හැරිසන් නිරුපද්‍රිතව ඉන්නවා. බැඳුම්කර වංචනිකයින් ආරක්‍ෂා කළ අගමැති ඒ පුටුවේම ඉන්නවා. කෘෂි ඇමතිවරයා ලෙස මාසයකට මිලියන 24 ගානේ ගොඩනැගිල්ලකට මුදල් නාස්ති කරන දුමින්ද සුවසේ ඉන්නවා. එනිසා මෙය වංචාවට චෝදනා ලැබූවන් ඉවත් කිරීම සඳහා කළ සංශෝධනයක් නොවෙයි. රටේ සංවර්ධනය වෙනුවෙන් හෝ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් කළ එකක් නොවේ. වරාය කටයුතු ඇමතිවරයා මාරු කළා කියලා හම්බන්තොට විකිණීමවත් නැගෙනහිර ජැටිය විකිණීමවත් වෙනස් වෙන්නේ නැහැ. තෙල් ඇමති මාරු කළා කියලා තෙල් ටැංකි විකිණීම නතර වෙන්නේ නැහැ. මේ සංශෝධනය නිසා ආණ්ඩුවේ කිසිදු ප‍්‍රතිපත්ති වෙනස්වීමක් නැහැ.
19වැනි සංශෝධනයට අනුව ආණ්ඩුවේ ඇමතිධුර සංඛ්‍යාව 30කටත් නියෝජ්‍ය, රාජ්‍ය ඇතිධුර 40කටත් සීමා කරන යෝජනාවක් සම්මත කරගත්තා. ශී‍්‍රලනිපය, එජාපය එකතු වීම මත 2015 සැප්තැම්බර් 01වැනිදා පාර්ලිමේන්තුවේදී තීරණය කළා, ඇමතිධුර 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය රාජ්‍ය ඇමතිධුර 40 සිට 45 දක්වාත් වැඩි කරන්න. ඒ නිසා මේ ආණ්ඩුව ගොඩනැගුණේම තනතුරු වරප‍්‍රසාද බෙදා ගැනීම වෙනුවෙන්. කැබිනට් සංශෝධනය හරහාත් ඔප්පු වුණේ එයයි. මේ සංශෝධනයෙන් ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් වැඩිවෙනවා. ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තනතුරු වරප‍්‍රසාද වෙනුවෙන් බර දරන්න වෙන්නේ ජනතාවටයි. මේ නිසා තව දුරටත් සිදුවන්නේ ආර්ථික අර්බුදය වැඩිවී ජනතාව මත බර පැටවීමයි.
ආණ්ඩුව මාරු කරලා රට හදන්න බැරි වුණ එකේ කැබිනට් එක මාරු කරලා රට හදන්න පුළුවන්ද? එනිසා මෙය රනිල්-මෛත‍්‍රී‍්‍ර හවුලේ බොරු රංගනයක් විතරයි. පහුගිය දින ගණනාවක් තිස්සේ මාධ්‍යවල මාතෘකාව බවට පත්වුණේ කැබිනට් මණ්ඩල සංශෝධනයයි. රටේ ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න ඒකට පුළුවන් වුණා. ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ජනතාව අතරමං කිරීමටයි මේ කැබිනට් සංශෝධනය ගෙනාවේ. ඒ නිසා මෙයින් රට ඉදිරියට පියවරක් තබනවා වෙනුවට සිදුවන්නේ අර්බුද රැුසකට මුහුණ දීමට සිදුවීමයි. ඒ නිසා තවදුරටත් මේ පාලකයින්ට ඔවුන්ගේ ප‍්‍රතිපත්තිවලට මේ රට හෝ ජනතාව ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. දැන් රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ ප‍්‍රතිපත්තිවල මාරුවක් පමණයි. ඒ සඳහා පෙරට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යයි පැවසිය”.

මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
රවීට මුදල් ඇමති ලෙස චෝදනාවක් තිබුණා නම් ඔහුට නැවත ඇමති ධුරයක් දෙනවා වෙනුවට කළ යුතුව තිබෙන්නේ ඇමති ධුරයෙන් ඉවත් කිරීමයි. ඉන්පසු චෝදනා විමර්ශනය කොට දඬුවම් ලබාදිය යුතුයි. නමුත් සිදුකර තිබෙන්න් නව ඇමතිකමක් ලබාදීමයි. සමාජ ජාලවල මෙයට හොඳ විවේචනයක් තිබුණා. කරවල කාලා දුවන බල්ලාට උම්මලකඩ පොල්ලෙන් ගැහුවා වගේ කියලා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මැතිවරණ දිනය තීරණය කිරීමේ බලයක් නැහැ. ඔහුට පැවරී තිබෙන රාජකාරිය වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමයි. ඕනෑම මැතිවරණයක් පැවැත්වීමේ දිනය තීරණය කිරීම කළ යුතු වන්්නේ දේශපාලන අධිකාරියයි. ඒ වෙනුවෙන් අදාළ ව්‍යවස්ථානුකූල ප‍්‍රතිපාදන තිබෙනවා. පළාත් පාලන මැතිවරණ දිනය තීරණය කරන්නේ විෂය භාර ඇමතිවරයායි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නම් අදාළ කාලය සම්පූර්ණ වූ පසු මැතිවරණය කැඳවිය යුත්තේ ජනාධිපතිවරයායි. එනිසා මැතිවරණ කල් යැවීමේ වගකීම පැවරෙන්නේ දේශපාලන අධිකාරියටයි. නමුත් දැන් සිදුවෙලා තිබෙන්නේ දේශපාලන අධිකාරිය තමන්ගේ වගකීමෙන් ගැලවීමට එහි වගකීම මැතිවරණ කොමිසමට පැවරීමයි.
අපේ රටේ තෙල් ටැංකි සමාගම්වලට විකිණීම වැළැක්විය යුතුයි. ඒ විතරක් නෙවෙයි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමත් වැළැක්විය යුතුයි. ඒ වගේම රටේ ජාතික සම්පත් විකිණීම, අධ්‍යාපනය සෞඛ්‍ය වැනි සේවා කප්පාදුවට ලක්වීම වැළැක්විය යුතුයි. පක්‍ෂයක් ලෙස අපි ඒ වෙනුවෙන් මතවාදී සටනක් කරනවා. ඒ වගේම භෞතිකව සටනක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා තෙල් ටැංකි විකිණීම වැළැක්වීමට පොදු ජනතාව එකතු කරගත් සටනක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තෙල් සංස්ථාවේ සේවකයින් සටනක් දියත් කළ යුතුයි. ඒ වගේම වරාය විකිණීමට එරෙහිව වරාය සේවකයිනුත් ජනතාව එක්ව අරගලයක් කළ යුතුයි. නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ශිෂ්‍යයින් මෙන්ම පොදු ජනතාව සමඟ සටනක් අවශ්‍යයි. මතවාදීව අරගලයක් සිදු කරනවා වගේම එය ශක්තිමත් කිරීමට භෞතිකව සටන් ව්‍යාපාරයක් දියත් කළ යුතුයි. එම සටන කුමන ආකාරයේ එකක්ද කියන එක තීරණය වන්නේ ඊට මැදිහත් වන බලවේග මතයි. එය කුමන අරගලයක්ද කුමන දිනයේ සිදු කරනවාද යන්න කල් තබා කියන්න පුළුවන්කමක් නැහැ.

 

Leave A Reply

Your email address will not be published.