කෝකිලායි, කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මසුන් මැරීමට යොදා ගන්නා වෝටර්ජෙල් නැමති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පුරවන ලදැයි සැකකළ හැකි ප්ලාස්ටික් කූරු 25ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මුලතිව් නයාරු නාවික අණු කාණ්ඩ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද දින ඔවුන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.