ඩෙංගු මදුරුවන් මර්දනයට නව මදුරු ප්‍රභේදයක් නිර්මාණය කිරීමේ පරීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිදුකර ඇත. එලෙසම එම පර්යේෂණය සාර්ථක බවද සඳහන් වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය රනිල් දසනායක සඳහන් කර ඇත්තේ මදුරුවන්ගේ ජාන සංයුතිය වෙනස් කර මෙම නව මදුරු ප්‍රභේදය නිර්මාණය කළ බවයි. පරිගණක භාවිතයෙන් DNA අනුරුවක් නිර්මාණය කර මදුරුවාගේ ජානවලට බද්ධ කර ඇති අතර මෙයින් ඩෙංගු පතුරුවන මදුරු ප්‍රභේද 04ක් විනාශ කිරීමේ හැකියාව ඇතැයිද සඳහන් වේ.