ඊයේ(18) පස්වරුවේ විදුලිබල සේවක වෘත්තිය සමිති සහ කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරතත්න අතර පැවති සාකච්ඡාවේදී සිය ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසදුමක් ඉදිරිපත් කිරීමට බලධාරින් අපෙහොසත් වූ නිසා එම සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සදහන් කළේය.
සිය යෝජනාවලට ලිඛිත විසදුමක් ලබා දෙන තුරු වර්ජනය අඛන්ඩව සිදු කරන බවද ඔහු තවදුරටත් සදහන් කර ඇත.