පොල් මිල ඉහළ යාමේ ගැටළුවට පිළියමක් ලෙස රජයේ වැවිලි සමාගම් සතු පොල් තොග වෙළඳපලට නිකුත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර ඇතැයි සඳහන් වේ. එහි සභාපති කපිල යකන්දාවල ප්රකාශ කර ඇත්තේ රජය සතු පොල් තොග නිකුත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බවයි.
වෙළෙඳපොළේ අසීමිත ලෙස පොල් මිල ඉහළ යාම පිළිබඳව සිදු කළ සමීක්ෂණයේ වාර්තාව ද මේ වන විට ලැබී ඇති බව සභාපතිවරයා සඳහන් කර ඇත. මේ දිනවල වෙළෙඳපොළේ පොල් මිල ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර ඇතැම් ප්රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 100ක් දක්වා ඉහළ ගොස් තිබේ.