topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේ මනුස්සකම දුර්වලකමක් කියා සිතන්න එපා.

කිරියාතැන්න,මාකෙහෙල්වල ඉහළකෝට්ටේ මාර්ගයේ කටයුතු අරඹමින්

අද පාද යාත්‍රා යමින් රජය පෙරලන්නට උත්සාහ කරන්නේ වසර 10 ක් රට පාලනය කළ,දූෂිත එතනෝල්කාරයින් බව පවසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  අපේ මනුස්සකම දුර්වලකමක් ලෙස නොගැන්නැයි ඒකාබද්ධ විපක්ෂයට අනතුරු හැඟවීය.අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 930 න් ඉදිකිරීමට යෝජිත මාවනැල්ල,අරනායක,දෙමලගිරිය දූල්දෙණිය හරහා තල්ගස්පිටිය දක්වා වන මාර්ගයට සහ රුපියල් කෝටි 12.5 ක් වැය කරමින් ඉදි කිරීමට යෝජිත කිරියාතැන්න,මාකෙහෙල්වල ඉහළකෝට්ටේ මාර්ගයටත් මුල්ගල් තබමින් එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සව සභාවන් අමතමින්ය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට පෙර වසර 20 ක් රට පාලනය කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු බවය.ඉන් වසර 10 ක් ම මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් අමාතයවරයා එම කාලය තුළ සාමාන්‍ය ජනතාවට කළ දෙයක් නොමැති බව ද අවධාරණය කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගය 2002 රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ අදහසක් බවත්,කටුනායක අධිවේගි මාර්ගය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේ අදහසක් බවත්,ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම එම ආණ්ඩු යටතේ සිදු වූ බවත් පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා,ඒවා මහින්ද රාජපක්ෂ යටතේ ඉදි වූ බව පිළිගන්නා නමුත් අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘතිවලින් ලැබෙන වාසිදායක තත්ත්වයන් සළකා එම ඉදිකිරීම් සිදු කළ ද,සාමාන්‍ය මාර්ග ඉදි නොවුණු බව පෙන්වා දුන්නේය.

පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවා කටයුතු කරන බව පැහැදිළි කළ කබීර් හෂීම් අමාත්‍යවරයා,මෙය යෝජිත විවාහයක් වුව ද ආදරය කර කසාද බඳින අය දික්කසාද වුවත් යෝජිත විවාහය දිනෙන් දින එකිනෙකා හඳුනාගනිමින් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන බව පෙන්වා දුන්නේය.

එම විවාහය පහසුවෙන් කැඩෙන්නේ නැති බවත් අවුරුදු පහක් යනකම් හොල්ලන්නවත් බැරි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා,නමුත් සිය ආණ්ඩුවෙන් හෝ වැරද්දක් වෙනවානම් ඒ ගැන කතා තිරීමටත් තමන් පසුබට නොවන බවත් පෙන්වා දුන්නේය.

අවුරුදු 10 ක් රටේ පාලකයා වූ මහින්ද රාජපක්ෂ  මේ රටේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටියදී අගමැති ධූරය,ඇමති ධූර මෙන්ම විපක්ෂයේ සිටියදී විපක්ෂ නායකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,මහින්ද රාජපක්ෂ  මේ රටේ ජනාධිපතිවරයාව සිටියදී මාතර මවක් සිය දරුවා සමඟ ජීවත්වන්නට මඟක් නැතිව ගඟට පැන්න බවත්,ගිණිගත්හේනේ දැරියක් පාසල් යන්නට පාවහන් නැතිව දිවි නසා ගත් බවත් සිහිපත් කළේය.

රටේ නීතිය සාධාරණව ඉටු වෙන විදිහට වෙනසක් ඇති කර තිබෙන බව පෙන්වා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා මේ තත්ත්වය යටතේ හොරු අත්අඩංගුවට ගැනීම දේශපාලන ගැනීම් ලෙස පෙන්වා උද්ඝෝෂණය කරමින් මේ රජයේ ගමන් මඟට බාධා කරන්නට පටන් ගෙන ඇති බව පෙන්වා දුන්නේය.

මේ රජය යටතේ ලබා දුන් සහන පිළිබඳව පෙන්වා දුන් අමාත්‍යවරයා සමෘද්ධි සහනාධාරය සියයට 200 න් වැඩි කළ බවත්,රජයේ සේවක වැටුප් රුපියල් 10000 න් වැඩි කළ බවත්,1967 න් පසුව පළමුවරට පෞද්ගලික අංශයේ සේවක වැටුපට රුපියල් 2500 ක එකවර වැටුප් වැඩිවීමක් ලබා දුන් බවද පෙන්වා දුන්නේය.රුපියල් ලක්ෂ 600 ක් එක් මැතිවරණ කොට්ඨාශයක මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා,එක් ග්‍රාම සේවක කොට්ඨාශයකට රුපියල් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර තිබෙන බව ද පෙන්වා දුන්නේය.

ශිෂ්‍ය ආධාර රුපියල් 2500 සිට 5000 දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කළ බව කී කබීර් හෂීම් අමාත්‍යවරයා අත්‍යවශ්‍ය භාන්ඩ මිල අඩු කිරීම වගේම ඉදිරි මාසයේදී මෙරට නිවාස නැති ලක්ෂ 25 ක ජනතාව වෙනුවෙන් එම ප්‍රශ්නයට අදාළව ද සහනාධාර ලබා දීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය.ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා අසිමාන්තිකව  බලයක් තබා ගෙන සිය රජයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට වසර දෙකක කාලයක් ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,සිය රජයට තවමත් මාස 10 ක් වැනි වයසක් පමණක් බව සිහිපත් කළේය.එසේම ඉදිරියේදි ලක්ෂ 10 ක රැකියා ප්‍රමානයක් මේ රටේ ජනතාව වෙනුවෙන් ඇති කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා යළි යළිත් අවධාරණය කළ සිටියේ වසර පහක කාලයකට මේ ආණ්ඩුව පෙරලීමට සිතීම සිහිනයක් පමණක් බවය.

මෙම උත්සව අවස්ථාවන් සඳහා අරනායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක අධිනීතිඥ නිමල් ජයසිංහ,හිටපු සබරගමු පළාත් සභා මංත්‍රී සහ හිටපු සභානායක ධනපාල එපිටවත්ත,හිටපු සබරගමු පළාත් සභා මංත්‍රී සරත් බණ්ඩාර,මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක අමර සූරියප්පෙරුම,අරනායක ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරුන් වන අබේරත්න බංඩා සහ එම්.විජේසිංහ යන අයද,අරනායක හිටපු විපක්ෂ නායක නිහාල් සෙනවිරත්න මහතාද ඇතුළුව ගිහි පැවිදී ප්‍රභූන් විශාල පිරිසක් ආරාධිතයන් ලෙස එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.