රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය අද (26) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.
නමුත් ජනාධිපතිවරයා එම ලිපිය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා.
ආචාර්ය රංග කලන්සූරිය මහතා මෑතකදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වශයෙන් සිය තනතුරේ වැඩ භාර ගනු ලැබුවේ.
පසුගිය සතියේ දිනකදී පැවැත්වුණ කැබිනට් මණ්ඩල රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් රංග කලන්සූරිය යනු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොටවන්නට කටයුතු කරන භයානක පුද්ගලයකු බව ඉරිදා ජාතික පුවත්පතක් වන ‘මව්බිම’හි ප්‍රචාරය වීමත් අනතුරුව එම පුවත අසත්‍ය වන බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප නොකිරීමත් මෙම ඉල්ලා අස් වීමට හේතු වී ඇති බව වාර්තා වේ.
ඉරිදා පුවත්පතේ වූ පුවත 23 වැනි සෙනසුරාදා සිට ප්‍රචාරය වූ අතර එදින පටන් දින තුනක් ගත වන තුරු ඊට ප්‍රතිචාරයක් නොදැක්වීම සැලකිය යුතු කාරණයක් බව ආචාර්ය රංග කලන්සූරිය සිය හිතවතුන්ට පවසා ඇත.