ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයක් ඉරිදා දේව මෙහෙය අතරේ තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 27 පිරිසක් මියගියහ.
එම ප්‍රහාරය එල්ල වුනේ ටෙක්සාස් හි කුඩා නගරයක් වන සදර්ලන්ඩ් ස්ප්රිංස්හි බැප්ටිස්ට් දේවස්ථානයකටය.
එහි වේලාවෙන් ඉරිදා උදෑසන 11.30 ට එහි ඇතුළුව ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද පසුව මරා දමනු ලැබිණි.
“විස්තර හරියටම පැහැදිලි නැහැ. ඒත් 27 දෙනෙක් මියගොස් තවත් 20, 25ට වැඩි ගණනක් තුවාල ලබා තිබෙනවා.” යැයි පොලිසි නිලධාරී කණිෂ්ඨඇල්බර්ට් ගමෙස් සීබීඑස් ප්රවෘත්ති වෙත පැවසීය.
සාමාන්‍යයෙන් 50 දෙනෙකු පමණ දේව මෙහෙයට එක්වන බව ප්‍රදේශවාසීන් පැවසීය. ප්‍රාදේශීය මාධ්‍ය ආයතන පවසන පරිදි මියගිය අය අතර කුඩා ළමයි ද වෙති.
සිද්ධිය වූ ස්ථානයට උතුරින් පිහිටි ගුවාඩලූප් ප්‍රදේශයේ ෂෙරිෆ් කාර්යාලය සීඑන්එන් සමග පැවසුවේ ඝාතකයාගේ රිය පසුපස කෙටි හඹා යාමකින් අනතුරුව ඔහු මියගිය බවය.
නමුත් පොලිසිය විසින් ඔහු මරාදමන ලද්දේද නැතිනම් ඔහුම සියදිවිප්රකාශකයා සඳහන් කළේය. නසාගත්තේද යන්න පැහැදිලි නැති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ තොරතුරුත් දැනගන්න .
පුද්ගලයින් සිය ගණනක් පමණක් වෙසෙන සදර්ලන්ඩ් ස්ප්‍රිංස් නම් වූ කුඩා නගරය පිහිටියේ සැන් ඇන්ටෝනියෝ නගරයේ සිට කිලෝමීටර 50ක් ගිනිකොණ දෙසිනි.
ප්‍රහාරය එල්ල කිරීමට එක් තුවක්කුකරුවෙකු පමණක් යෙදී ඇතත්, අනෙක්තු ඉඩ ප්රස්ථා පිළිබඳ තමන් විමසා බලන බව සැන් ඇන්ටෝනියෝහි එෆ්බීඅයි ශාඛාව පැවසීය.
“දෙවියන්, ටෙක්සාස්හි සදර්ලන්ඩ් ස්ප්‍රිංස් ජනතාව සමග වේවා. එෆ්බීඅයි මෙන්ම අනෙකුත් නීති ක්‍රියාත්මක කිරීමේ අංශ ප්‍රදේශයේ සිටින අතර පවතින තත්ත්වය් මා ජපානයේ සිට නිරීක්ෂණය කරනවා” යැයි ආසියානු සංචාරයක යෙදී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයකින් දැන්වීය.
(BBC)