topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”ගම ගොඩනගන, දුෂණය පරදන ජවය”, ඡන්ද සටන ඇරඹේ.

JVP_Srilanka

රට ගොඩනැගීම පළාත් පාලන ආයතනවලින් ඇරඹිය යුතුයි. යයි  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  අනුර දිසානායක  පවසයි.ඒ ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක්  අමතමිනි.එහෙදි වැඩිදුරටත් අදහස් දැක්වූ  අනුර දිසානායකයන්

”පළාත් පාලන න ආයතනවල කාලය අවසන් වූයේ පසුගිය 2015 වර්ෂයේ මාර්තු මාසයේදී. මේ වනවිට අවුරුදු දෙක හමාරක කාලයක් ඡුන්දය නොපවත්වා ගෙවී ගොස් තිබෙනවා. එනිසා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් රට තුළ තිබුණා. සීමා නිර්ණය සම්බන්ධ කටයුතු අවසන් නොවී තිබීමත් නව ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයත් නිසා මැතිවරණය ප‍්‍රමාද වුණා. ඉන්පසු 2017 පෙබරවාරි මාසය වනවිට සීමා නිර්ණ කටයුතු අවසන් වුණා. 2017 සැප්තැම්බර් වනවිට පළාත් පාලන පනත සම්මත කළා. එසේ තිබියදී ආණ්ඩුවේ ඇතැම් කොටස් මැතිවරණය ප‍්‍රමාද කිරීමට විවිධ කි‍්‍රයාමාර්ග ගත්තා. ආණ්ඩුවේ කණ්ඩායමක් විසින් අධිකරණ කි‍්‍රයාමාර්ග ගත්තා. ඔවුන් දැමූ නඩුව ඔවුන් ලවාම ඉල්ලා අස්කර ගැනීමට සලස්වා මැතිවරණය එකවර පැවැත්වීමට දැන් අවස්ථාව උදාකරගෙන තිබෙනවා.
මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව ඡුන්ද ක‍්‍රමයකට අනුවයි. මීට කලින් පැවතුණේ මනාප ක‍්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක‍්‍රමයක්. 2012දී අතාවුල්ලා විෂය භාර ඇමතිවරයාව සිටියදී බැසිල් රාජපක්‍ෂ විසින් නව ඡන්ද ක‍්‍රමයක් ස්ථාපිත කළා. ඒ මුළුමනින්ම විකෘතිසහගත එකක්. ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස නියෝජනය වෙනවා වෙනුවට ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිබිඹුවක් තමයි එම ඡන්ද ක‍්‍රමය අනුව ඇති වුණේ. ඒ නිසා නව ඡන්ද ක‍්‍රමයක අවශ්‍යතාවයක් පැනනැගී තිබුණා. නව ඡන්ද ක‍්‍රමය 100%ක්ම සමානුපාතික ජනතාවගේ පැත්තෙන් සාධාරණ ඡන්ද ක‍්‍රමයක්. අපේ රටේ මනාප ඡන්ද ක‍්‍රමයක් පිළිබඳව විශාල විරෝධයක් තිබුණා. අපේ දේශපාලන සංස්කෘතිය බිඳ වැටුණා. ඒ නිසා නව ඡන්ද ක‍්‍රමයෙන් මනාප ක‍්‍රමය අහෝසි කොට තිබෙනවා. අපේ රටේ ජනගහනයෙන් 51%ක් නියෝජනය කරන්නේ කාන්තාවන්. ඒ වගේම විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් වැඩි පංගුවක්, තේ කර්මාන්තය, ඇඟළුම් අංශයෙන් වැඩි පංගුවක් කාන්තාවන් නියෝජනය කරනවා. ඒ වගේම සාමාන්‍ය සමාජය තුළ කාන්තාවගේ කාර්යභාරය ඉතා විශාලයි. නමුත් දේශපාලනයේදී කාන්තා නියෝජනය සීමාවී තිබෙනවා. කාන්තාවන්ට ග‍්‍රාමීය වශයෙන් දේශපාලනයට ප‍්‍රවිශ්ට වීමට නව මැතිවරණ ක‍්‍රමයේ ප‍්‍රතිපාදන සකස්කොට තිබෙනවා. එමෙන්ම නව මැතිවරණ ක‍්‍රමයෙන් කොට්ඨාසයට සෘජුව වගකියන ජනතා නියෝජිතයෙක් පත්වෙනවා. එනිසා මෙය ගමටත් රටටත් හිතකර ඡන්ද ක‍්‍රමයක්. නමුත් මේ මැතිවරණය සඳහා ජනතාව මැදිහත් වන්නේ නැත්නම් එම වාසිය ලැබෙන්නේ නැහැ. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, වැඩි අවධානයක් මෙම මැතිවරණයට යොදවන්න කියලා. ඒ වගේම කොට්ඨාසයට ලබාගත යුතු මන්තී‍්‍රවරයාත් දේශපාලන ව්‍යාපාරයත් තීරණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන්න කියලා.
ජනතා විමුක්ති පෙරුමණ ලෙස අපි නාමයෝජනා වැඩි ප‍්‍රමාණයකට අත්සන් කර අවසන්. එමෙන්ම පළාත් පාලන ආයතන ගණනාවකට නාමයෝජනා බාරදී අවසන් කර තිබෙනවා. ඉදිරි 18 සහ 21 දින අතර බාරදීමට ඇති නාමයෝජනා අත්සන් කිරීම අවසන් කොට තිබෙනවා. අනෙක් සෑම දේශපාලන පක්‍ෂයකටම කලින් අපි අපේ අපේක්‍ෂක ලැයිස්තු සම්පූර්ණ කර අවසන් කිරීමට සමත් වුණා. එක්සත් ජාතික පක්‍ෂයේ මෛතී‍්‍ර පිලේ, මහින්ද පිලේ නාමයෝජනා අර්බුදයකට ගිහින් තිබෙනව. ඊට හේතුව වෙලා තිබෙන්නේ, එම පක්‍ෂවල ඉන්නේ රට වෙනුවෙන් හෝ ගම වෙනුවෙන් සිතන හෝ වැඩ කරන අය නොව තමන් වෙනුවෙන් තමන්ට දෙයක් කරගැනීම වෙනුවෙන් මැතිවරණයට එන අය වීමයි. එනිසා ඔවුන් නාමයෝජනා බාරදීමට අවසන් මොහොත වනතෙක් බලා ඉන්නවා. මහින්දගේ පිලේ නාමයෝජනා නැත්නම් මෛතී‍්‍ර පිලට පනිනවා. මෛතී‍්‍ර පිලෙන් නාමයෝජනා නැත්නම් මහින්ද පිලට පනිනවා. එහෙම නැන්තනම් එජාපයට පනිනවා. එනිසා ඔවුන්ට ගම ගැන හැඟීමක් නැහැ. ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය මොකක්ද කියලා නාමයෝජනා සකස් කිරීමේදීම පෙන්නලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන ගණනාවකටම මේ වනවිට නාමයෝජනා සකස්කර අවසන්. යාපනයේ මෙන්ම මඩකලපුව දිස්ති‍්‍රක්කයේ මෙතෙක් ජවිපෙ තරඟ නොකළ පළාත් පාලන ආයතන සඳහා මෙවර තරඟ වදිනවා.
බණ්ඩාරවෙල නගර සභාව සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ නැහැ. එම පළාත් පාලන ආයතන දෙක සඳහා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සමඟ ජවිපෙ එක්වී ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරනවා. මොකද, උමාඔය විනාශය පිළිබඳ එම පළාත් පාලන ආයතන දෙකට වඩා විශාල වගකීීමක් පැවරී තිබෙනවා. එම නිසා එම පළාත් පාලන ආයතන දෙක සඳහා ජවිපෙ සාමාජිකයන්ද සහිතව එම ව්‍යාපාරය මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා. මෙම උමාඔය සටන මැතිවරණය සමයේදීද පවත්වාගත යුතු නිසා මෙම තීරණයට එළඹුණා. එසේ නැතහොත් මැතිවරණය සමයේදී උමාඔය ව්‍යාපෘතියට එරෙහි සටන යට යනවා. එම සටනට සහභාගී වී සිටින සියලූම පක්‍ෂවල සාමාජිකයන් බෙදීම වැළැක්වීමට මෙම තීරණය අරගෙන තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක කටයුතු ලෙස ලබන 17වැනිදා පළාත් පාලන අපේක්‍ෂකයින්ගේ ජාතික සමුළුව කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදී රට තුළ ඇතිවී තිබෙන දේශපාලන තත්වයත් අපේක්‍ෂකයන්ගේ කාර්යභාරයත් පක්‍ෂයේ කාර්යභාරයත් සාකච්ඡා  කිරීමට නියමිතයි. එමෙන්ම පළමු ජාතික රැලිය 27වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව කුඩා රැස්වම්, ජනහමු විශාල ප‍්‍රමාණයක් සූදානම් කර තිබෙනවා.
මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය තේමාව වූයේ ”ගම ගොඩනගන, දුෂණය පරදන ජවය” යන්නයි. රට ගොඩනගන කාර්යභාරයක් තිබෙන අතර එය පළාත් පාලන ආයතනවලින් ආරම්භ කළ යුතුව තිබෙනවා. පළාත් පාලන ආයතනවලට විශාල කාර්යභාරයක් පැවරී තිබුණත් මේ වනවිට පළාත් පාලන ආයතන කියන්නේ, ජනතාව රස්තියාදු කරන ජනතාවගේ සතුරු ආයතන බවට පත්වෙලා. එනිසා ජනතාවගේ සතුරන් බවට පත්වී ඇති පළාත් පාලන ආයතන ජනතාවගේ සමීපතම නෑදෑයන් බවට පරිවර්තනය කළ යුතුව තිබෙනවා. එමෙන්ම මේ වන විට දේශපාලන මැදිහත්වීම අන්ත දුෂිත එකක් බවට පත්වී තිබෙනවා. අද රටේ ලාභදායිම ව්‍යාපාරය වී තිබෙන්නේ දේශපාලනයයි. අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා දක්වා වංචාව-දුෂණය, අල්ලස පගාව පිරුණු රටක් බවට පත්වෙලා තිබෙනවා. අපේ රටේ ජාතික හොර තිප්පොළ පාර්ලිමේන්තුවයි. පළාත් හොර තිප්පොළ වී තිබෙන්නේ පළාත් සභාවයි. ප‍්‍රාදේශීය වශයෙන් හොර තිප්පොළ බවට පත්වෙලා තිබෙන්නේ ප‍්‍රාදේශීය සභාවයි. ඒක තමයි ඇත්ත. එම නිසා මෙම හොර තිප්පොළවල් බවට පත්වී තිබෙන ප‍්‍රාදේශීය සභා පිරිසිදු කිරීමේ වගකීම අපිට තිබෙනවා. ජාතික වශයෙන් පිරිසිදු කිරීම කළ යුතු අතර එය ප‍්‍රාදේශීය වශයෙන් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. හොර තිප්පොළවල් බවට පත්වෙලා තිබෙන ආයතන වසා දමා පිරිසිදු කිරීමේ කාර්යභාරය කළ යුතුව තිබෙනවා.
අනෙක් පක්‍ෂවල තේමා පාඨයන් විය හැක්කේ මොනවාද? රාජපක්‍ෂ කණ්ඩායමට තව දුරටත් වංචාවට-දුෂණයට එරෙහිව කටයුතු කරනවා කියන්න බැහැ. මොකද, පළාත් පාලන ආයතන වැඩි කාලයක් පාලනය කළේ රාජපක්‍ෂ කණ්ඩායමයි. ප‍්‍රාදේශීය සභා මගින් ගම සංවර්ධනය කරනවා කියන්න බැහැ. වංචාවට, දුෂණයට, නාස්තියට, ස්තී‍්‍ර දුෂණයන්ට හවුල් වූ පළාත් පාලන නියෝජිතයින් තවමත් රාජපක්‍ෂ කණ්ඩායමේ ඉන්නේ. එනිසා ඔවුන් කියන්න වෙන්නේ සුපුරුදු කතාවයි. එනම් මේ මැතිවරණය ප‍්‍රාදේශීය ලෙස නොසිතා රට බෙදන එක වළක්වා ගන්න මහින්ද කණ්ඩායමට ඡන්දය දෙන්න කියලා කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී විදුලි පුටුව ගැන කිවුවා. ඒ වගේම රට ගැන හිතලා ඡන්දය දෙන්න කියලා. අපේ රටේ ජනතාව තුළ තිබෙන රට ගැන හැඟීම ලාබෙට කපටිකමින් දේශපාලනයට ඔවුන් යොදාගන්නවා. බොරු දේශපේ‍්‍රමය දේශපාලනය වෙනුවෙන් තවරාගෙන ඉන්නවා. අද ඒ දේශපේ‍්‍රමීන් ලාබෙට විකිණෙන විදිහ ජනතාවට දැක බලාගන්න පුළුවන්. ඔවුන්ට තිබෙන්නේ වැස්සේ ගියොත් හේදෙන තවරාගත් දේශපේ‍්‍රමයක් පමණයි.
රනිල් කියන්නේ මොකක්ද? රට ගොඩනැගුවා වගේ ගම ගොඩනගන්න ඡුන්දය දෙන්න කියලා කියයි. රටේ සම්පත් ටික විකුණන පාලකයෙක් රට හදන්නේ කොහොමද? හම්බන්තොට වරාය විකුණුවා. තෙල් ටැංකි ටික, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න හදනවා. එවැනි පාලකයෙක් ගමේ බලය ගත්තොත් කරන්නේ ගමේ තියෙන වැව් ටිකත් විකුණන එකයි. එක්සත් ජාතික පක්‍ෂයටත් වංචාව නැතිකරනවා කියන්න බැහැ. රටේ බලය අරගෙන මහ බැංකු වංචාව කළා. ගමේ බලය අරගෙන කරන්නේ සමූපකාර බැංකුවලටත් වැඬේ දෙන එකයිි.
මෛතී‍්‍ර කණ්ඩායමට කියන්න තියෙන්නේ මොකක්ද? පක්‍ෂය කැඩෙන එක වළක්වන්න ඡන්දය දෙන්න කියයි. බණ්ඩාරනායක මහත්තයා හදපු, පංච මහා බලවේගය එක් වුණු පක්‍ෂය බිඳවට්ටන්න එපා කියලා මෛතී‍්‍ර සුපුරුදු අඳෝනාවම මේ ඡන්දෙදිත් කරයි. එයාලගේ පක්‍ෂ කැඩුණාම අපිට මොකද? එයාලගේ පක්‍ෂ කැඩෙන එක ගැන ජනතාවට වැඩක් නැහැ. ඒ නිසා මේ කණ්ඩායම් තුනම අලූත් දේශපාලන දැක්මක් නැති යල් පැනගිය දේශපාලන ව්‍යාපාරයි. ජනතා විමුක්ති පෙරමුණ අලූත් දේශපාලන දැක්මක් සහිත අලූත් පණිවඩුයක් ජනතාව අතරට ගෙන යන ව්‍යාපාරයයි. ජනතාවට ග‍්‍රාමීය නායකයන් හඳුන්වා දෙමින් ග‍්‍රාමීය සංවිධාන මට්ටම් ගොඩනගමින් සෑම නිවසකටම අපේ පක්‍ෂයේ දේශපාලන පණිවුඩය රැගෙන යාමට කටයුතු කරනවා. මැතිවරණ කාල සීමාව තුළදී සෑම නිවසකටම අපේ දේශපාලන පණිවුඩය ලබාදීමට කටයුතු කරනව. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, නව දේශපාලනයක් භුක්ති විඳීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වටා එක්රොක් වෙන්න කියලා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
දුම්රිය වැඩ වර්ජනය නිසා ජනතාව අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. කොළඹට එන වැඩි පිරිසක් භාවිත කරන්නේ දුම්රියයි. ඒ නිසා ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවෙලා තිබෙනවා. එනිසා මේ ගැටුම තිබෙන්නේ වෘත්තීය සමිති සහ ජනතාව අතර නොවෙයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ වෘත්තීය සමිති සහ ජනතාව අතර ගැටුමක් ඇති කිරීමටයි. සැබෑ ගැටලූව තිබෙන්නේ ආණ්ඩුව මෙම වර්ජනය දෙස අවධානය යොමු නොකිරීමයි. වගකීම තිබෙන්නේ ආණ්ඩුව සතුවයි. තෙල් සංස්ථාව සේවකයින්ගෙ වැඩ වර්ජනයෙදීත් ජනතාව අපහසුතාවයට පත්වුණා. ඒ මොහාතේදී ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට පොරොන්දුවක් දුන්නා ඔවුන් සමඟ සාකච්ඡාවකින් අනතුරුව කියලා. ජනාධිපතිවරයා එම පොරොන්දුව ලබාදෙන කොටත් ගිවිසුම අත්සන් කරලා ඉවරයි. එනිසා මේ ආණ්ඩුව වෘත්තීය සමිති රැවටීමකට ලක්කොට තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තහවුරු වන තෙක් වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එළඹීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ ඒ නිසයි. ඒ නිසා ජනතාව පත්වී තිබෙන දුෂ්කරතාවයන් මගහැරීම සඳහා මැදිහත් විය යුත්තේ ආණ්ඩුවයි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ දෙන අපහසුතාවයන් මගහැරීම ප‍්‍රමුඛ කොට සලකා මෙම ප‍්‍රශ්නය විසඳීමට ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ඒ වගේම අපි වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා දරුවන් මුහුණ දෙන අපහසුතාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ටිල්වින් සිල්වා  පිළිතුරු දෙමින්….
අපේ පක්‍ෂයෙන් අවස්ථා දෙකකදී කණ්ඩායම් දෙකක් ඉවත් වී තිබෙනවා. දෙවැනි අවස්ථාවේදී අපේ පක්‍ෂයේ සංවිධානවල සුළු බිඳවැටීමක් සිදුවුණා. නමුත් මේ වනවිට අපි මුළු රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනගලා තිබෙනවා. යාපනය, මඩකලපුව, දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතනවලට පවා නාමයෝජනා ලබාදීමට අපි සමත්වෙලා තිබෙනවා. මේ මැතිවරණයේදී විශේෂත්වයක් තිබෙනවා. ලයිස්තු දාලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. කොට්ඨාශ මට්ටමින් කි‍්‍රයාකාරී අපේක්‍ෂකයින් ඡන්දෙට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. බිමේ ඇත්ත නියෝජනය නාමයෝජනාවලට ඇතුළත් කළ යුතුව තිබෙනව. අපිට කි‍්‍රයාකාරී සාමාජිකයින් නැත්නම් එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපේ පක්‍ෂය කඩාගෙන වෙන පක්‍ෂ හදන්න ගිය අය අද ඉතිහාසයේ කුණු කූඩයට වැටිලා තිබෙනවා. විමල් වීරවංශ පක්ෂෙන් ගියේ අලූත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරුව ඉන්නවා. රට රකිනවා කියන විමල් බොරුව කරන්නේ කියලා ඉන්න හතර පස්දෙනාත් අද විමල් දාලා යනවා. පෙරටුගාමී අය ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. ඒකට හේතුවක් කියාගන්නත් බැහැ. මොකද, ඒ අයට ජනාධිපතිවරණයෙදී තිබුණේ ඡුන්ද 7,000යි මේ මැතිවරණයට අපේක්‍ෂකයෝම 8,000ක් විතර ඕනෑ. ඒ නිසා අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ. එහෙන් මෙහෙන් අහුලන්නේ නැතිව කොට්ඨාස මට්ටමෙන් අපේක්‍ෂකයෝ දාන්න අපි සමත් වෙලා තිබෙනවා. තනි පක්‍ෂයක් ලෙස ශක්තිමත්ව ඡන්දෙට ඉදිරිපත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණට අපේක්‍ෂයින්ගේ මදිකමක් නැහැ. නමුත් අපි මෙම මැතිවරණයේදී දේශපාලන වෙනසකට මුල පුරන්න වංචාව, දු ෂණය නතර කිරීමට, ගම ගොඩනැගීමට කොට්ඨාශ මට්ටමෙන් මන්තී‍්‍රවරුන් අවශ්‍යයි. එනිසා ගම් මට්ටමේ සිට අලූත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි. වංචාවට-දුෂණයට එරෙහි ගම වෙනුවෙන්, රට වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් නමුත් දේශපාලනයේ නොමැති විශාල පිරිසක් රට තුළ ඉන්නවා. එනිසා ඔවුන්ට අවස්ථාව උදාකිරීම සඳහා ඉඩක් දෙන්න ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා. ඒ වෙනුවෙන් අපි පුවත්පත් දැන්වීමක් දාලා දුෂණයට විරුද්ධ අවංකව ස්වේචාවේ න් වැඩ කළ හැකි එජාප-ශී‍්‍රලනිප දේශපාලනයට අකමැති අයට ආරාධනා කළා. අපිට විශාල ලිපි ප‍්‍රමාණයක් ලැබුණා. එම ලිපිවලින් තෝරාගත් පිරිසකට අපි මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන්න.
වීරකුමාර දිසානායක වැනි අය දේශපාලනය බාගෙට ඉගෙනගත්ත අය. කතාවක් තිබෙනවා, යම් දෙයක් නොදන්නවාට වඩා බාගෙට ඉගෙන ගන්න එක භයානකයි කියලා. සමහර අයට දේශපාලනය හරියට ඉගෙන ගත්තත් තමන්ට ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමේ මානසිකත්වයක් හැදෙනවා. එහෙම අය ජවිපෙන් ඉවත් වුණෙත් තමන්ගේ ලාභ ප‍්‍රයෝජන වෙනුවෙනුයි. ගියපු තැන ඒවා නැතිවුණාම තව තැනකට යනවා. ජවිපෙට දොස් කියලා ගිය පිරිස් බංකොලොත් රස්තියාදුකාරයින් බවට පත්වෙලා තිබෙනවා. අපේ රටේ ඡන්ද කාලය කියන්නේ, ඡන්ද සර්කස් තියෙන කාලයක්. එහෙට පනිනවා, මෙහෙට පනිනවා. ඇතැම් අය පනින්නේ කොහොට කියලා ඔංචිල්ලාවේ පැද්දෙනවා. එහෙට මෙහෙට පනින අයගෙන් අපිට වැඩක් නැහැ. රට හදන්න හැඟීමක් තිබෙන හොඳ අය එකතු කරගෙන මේ පුංචි ඡුන්දෙන් අපි ඒ ගමන ආරම්භ කරනවා.
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල  සහභාගි විය.

Leave A Reply

Your email address will not be published.