ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ තැනැත්තෙකුට තායිලන්තයේ අධිකරණයක් වසර 13 දහස් 275 ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා. 34 හැවිරිදි මොහුගේ ආයතනයේ මුදල් තැන්පත් කර තිබූ සංඛ්‍යාව 40 දහසකට අධිකයි. චූදිතයා විසින් ඔවුන්ගෙන් වංචා කර ඇතැයි සැලකෙන මුදල ඩොලර් මිලියන 160 කට අධිකයි.
මෙම තැනැත්තාට චෝදනා 2653 ක් ගොණු කර තිබූ අතර තීන්දුව ලබාදීමට පෙර අධිකරණය හමුවේ ඔහු වරද පිළිගෙන තිබුණා. ඒ අනුව සිර දඩුවම් කාලය වසර 6637 ක් දක්වා අඩුකිරීමටයි විනිසුරුවරයා නියෝග කර තිබුණේ. මෙම වංචාවට ලක්වුවන්ට ඩොලර් මිලියන 17 ක වන්දියක් ගෙවන ලෙසටද අධිකරණය නියෝග කර තිඛෙනවා.