මාවනැල්ල, කොළඹ – නුවර මාර්ගයේ උතුවන්කන්ද ප්‍රදේශයේදී ධාවනය වූ ටිපර් රථයක් හා එයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් හා මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී ඇති බව වාර්ථා වේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසු පැදිකරුවන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් බවත් අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.