topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන එජාපයට චෝදනා නගන්න බංකොළොත් වුණ දේශපාලන අනාථයින් කටයුතු කරනවා – ඇමතිනිය කියයි.

Thalatha_Athukorala

බැඳුම්කර සිදුවීම මුලික කරගනිමින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කිරීම සඳහා බංකොළොත් වුණු දේශපාලන අනාථයින් කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ කියා සිටී. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ 2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බලංගොඩ, ඉඹුල්පේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

”බැඳුම්කර සිද්ධිය මුල්කරගෙන එක්සත් ජාතික පක්ෂයට චෝදනා නගන්න බංකොළොත්වුණ දේශපාලන අනාථයින් කටයුතු කරනවා. මේ චෝදනාවට ලක්වුණු අපේ අමාත්‍යවරයෙන් අමාත්‍ය ධූරයෙන් පවා ඉල්ලා අස්වුණා. පක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා ඔහුගේ නිර්දෝෂිබව ඔප්පු වන තුරු පක්ෂයේ තනතුරුවලිනුත් ඉවත් වෙලා ඉන්න. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තමයි බලය තියෙනකොට රටේ අගමැතිවරයෙක් කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේ. අපේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පමණයි. අපි නිවැරදි පක්ෂයක්. මීට පෙරත් චෝදනා එල්ල වුණු අවස්ථාවක තිලක් මාරපන මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. රවි කරුණානායක මහතා ඉවත් වුණා. මේවා හොඳ දේශපාලන ආදර්ශ. රටට ආදර්ශයක් වෙන විදිහට අපි කටයුතු කරලා තියෙනවා. හොරා ඒ පැත්තේ ඉඳන් හොරකම් කළත් එකයි. මේ පැත්තේ ඉඳන් හොරකම් කළත් එකයි. අපි මේ රටේ ජතාවට පොරොන්දු වුණා හොරු අල්ලලා දඩුවම් දීලා රටේ දේපල අනිසි විදිහට භාවිත කරපු අයට අනිවාර්යෙන්ම දඩුවම් ලබාදෙනවා.

සමහරු අපි මොනවද කළේ කියලා අහනවා. අපි ලොකුවට බෝඞ් ගැහුවේ නැතිවුණාට මේ අවුරුදු දෙක හමාර තුළ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා කළාට වඩා වැඩ කොටසක් අපි කරලා තියෙනවා. මේ රටේ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වුණේ නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. අපි ඒක කරලා තියෙනවා. දැන් ඉස්සර වගේ සුදුවෑන් සංස්කෘතිය නෑ. මාධ්‍යවේදීන් පැහැරගෙන යන්නේ නෑ. මහරජා ඇතුළු එයාගේ පවුලේ අය හොරකම් කරපු ඒවා සම්බන්ධව විවේචනය කළොත් අතුරුදන් කරන සංස්කෘතියක් තිබුණා. දැන් වෙනදටත් වැඩිය මාධ්‍ය විවේචනය කරන්නේ ආණ්ඩුවයි. ඒ නිදහස දීපු එක ගැන කවුරුත් කතා කරන්නේ නෑ. පසුගියදා ජනාධිපතිතුමා හොරු අල්ලන්න සහය වෙන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලූවා. එහෙම ඉල්ලීමක් කළේ ඊට අදාළ සියළු අමාත්‍යංශ සියල්ල අගමැතිතුමාගේ යටතේ තියෙන නිසා. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සාගල රත්නායක ඇමතිතුමා යටතේත් අධිකරණ අමාත්‍යංශය මා යටතේත් තියෙන නිසා. අපි ඒ කටයුතු සියයට දෙසියයක් අවසන් කරලා තියෙන්නේ. නඩු අහලා වැරදිකරුවන්ට දඩුවම් දෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ සඳහා අපි විශේෂ අධිකරණ 3ක් ආරම්භ කරලා තියෙනවා. දෛනිකව නඩු අහලා පක්ෂ පාට කිසිවක් සලකන්නේ නැතුව වරදක් කළා නම් හැමෝටම දඩුවම් දෙනවා.

ඉස්සර මහ රජාගේ පුත්තුන්ට අභියෝගයක් වුණා නම්, තරගෙට සෙල්ලම් කළා නම් ඒ අය මැරුවා. ඒ වගේ යුගයක් තිබුණේ.  මුළු රටම ණයකාරයින් කළා. ඒ ණය දරාගන්න බැරුව තව අවුරුදු 2ක් බලයේ ඉන්න තිබුණ මහින්ද රාජපක්ෂ නැවත ඡන්දෙකට ගියා. ඒ ඡුන්දෙදි මේ රටේ ජනතාව අමතක නොවන පාඩමක් ඉගැන්වුවා. ලොකු එකාගෙ ඉඳන් පොඩි එකා වෙනකම් හොරකම් කලා. දැන් ප‍්‍රාදේශිය සභා බලයත් පොහොට්ටුවට දෙන්න මේ හොර නඩය ඉල්ලනවා. මේ නඩයේ ඉන්න හැමෝටම චෝදනා තියෙනවා. ඒ නිසා පෙබරවාරි 10න් පස්සේ කවුරුහරි හිතනවා නම් මේ රටේ බලය වෙනස් වෙනවා කියලා ඒක හීනයක්. මේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කරගෙන යනවා. 2020න් පස්සේ බලමු අපි මොකද වෙන්නේ කියලා. එතෙක් කවුරුත් කලබල නොවී කඩාවැටුණු සංවර්ධනය නඟා සිටුවන්න සහය දෙන්න යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.