topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැඩවර්ජන සංවිධානය කිරීමට අනුබල දීම වැරදි පූර්වාදර්ශයක් – මැ.ප‍්‍ර.නි.ම. කියයි.

Manjula_Gajanayaka_CMVU

මැතිවරණය පැවැත්වෙන සමයක වැඩවර්ජන සංවිධානය කිරීමට අනුබල දීම වැරදි පූර්වාදර්ශයක් බව මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම මධ්‍යස්ථානය මේ බව කියා සිටියේ,  ඉදිරි දින කිහිපය තුළ වෘත්තීමය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරමුණින් අකුරට වැඩ කිරීමේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීම දක්වා වූ ක‍්‍රියා මාර්ග ගන්නා බවට මෙරටේ ක‍්‍රියාකාරී වෘත්තීය සමිති කිහිපයක් කරුණු දක්වා ඇති හෙයින් බව සඳහන් වේ. සේවක අයිතිවාසිකම් දිනා ගැනීමෙහිලා වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ග වලට එළඹීම කවර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක වුවද පැවතිය යුතු අයිතිවාසිකමක් බව අවිවාදිත කරුණක් බවත්, කරුණු එසේ වුවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිවේදනය පිළිබඳව සවිඤ්ඤාකව කරුණු විමසීම අත්‍යාවශ්‍යය කරුණක් බවත්  මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය කියා සිටී.

මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය ද (මැ.ප‍්‍ර.නි.ම) මේ පිළිබඳ තම බරපතල අවධානය යොමු කර ඇති බවත්, එහිලා මැ.ප‍්‍ර.නි.ම.හි අදහස වන්නේ මැතිවරණයක් පැවැත්වෙන කාල සමයක මෙලෙස වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සඳහා එළඹීම කවර ආකාරයෙන් හෝ අනුමත කළ නොහැකි අවර ගණයේ තෝරා ගැනීමක් මෙන්ම වැරදි පූර්වාදර්ශයක් ද බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

එළඹෙන පෙබරවාරි මස 10 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන ආයතනවල වසර 04 ක් වූ කාලසීමාව ගෙවී යෑමෙන් පසු ව්‍යවස්ථාපිතව පැවැත්විය යුතු ඡන්ද විමසීමක් නොවේ. තෙවසරකට ආසන්න කාලයක් තාක්ෂණික හා දේශපාලනික කරුණු මුල්කර ගනිමින් අසාමාන්‍ය ලෙස කල් තබන ලද ඡන්ද විමසීමකි. ඊට අදාළ පූර්ව මැතිවරණ සමය පිළිබඳව සළකා බැලීමේදී ද පැහැදිලි වන්නේ තැන තැන යම් යම් සිදුවීම් වාර්තා වුවද සාමකාමී මැතිවරණයක් සඳහා පැවතිය යුතු පෙරබිම සකස්වෙමින් පවතින බවයි. එවන් පසුබිමක මෙවන් ක‍්‍රියාමාර්ග සඳහා එළඹීම චේතනාන්විතව සිදු කරන ක‍්‍රියාදාමයක් මිස සැබෑ වෘත්තීමය අයිතිවාසිකම් දිනාගැනීමෙහිලා සිදු කරන අරගලයක් යැයි සිතීමට තරම් මෙරටේ පුරවැසියන් අවිඥ්ඥානක පිරිසක් යැයි කිසිවිටෙක නොසිතිය යුතුය.

දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය පැවැත්වීම සඳහා තවත් ඇත්තේ දින 10 ක පමණ කාල සීමාවකි. මෙකී දින 10 ක කෙටි කාල සීමාව ඉවසා සිටිමින් මැතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත සහාය වන ලෙස වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සඳහා එළඹී සිටින සියලූම වෘත්තීය සමිති නායකයන්ගෙන් මැ.ප‍්‍ර.නි.ම. ඉල්ලා සිටී. මෑත ඉතිහාසයේ කවර කලෙක හෝ මැතිවරණයක් පැවැත්වෙන කාල සමයක වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පෙරට ගෙනවිත් මෙලෙස මැතිවරණ ක‍්‍රියාවලිය අඩපණ කිරීමක් සිදුව නැත. ඒ අනුව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග සඳහා එළඹීමට ප‍්‍රථම ඉහත කරුණු පිළිබඳ සලකා බලා තවත් දින කිහිපයක් ඉවසා සිට මැතිවරණය පැවැත්වීම සඳහා සහාය වන ලෙසත්, එය වෘත්තීය සමිති නායකයෙක් නොව පුරවැසියෙක් ලෙස ඔබවිසින් ඉටුකළ යුතු යුතුකමක් යැයි සිතා කටයුතු කරන ලෙසත් මැ.ප‍්‍ර.නි.ම. ඉතා වගකීමෙන් ඉල්ලා සිටී.

Leave A Reply

Your email address will not be published.