රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්ථාවේ.
උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සදහා ශ‍්‍රි ලංකාව විසින් ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා තිබිණි.උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නයි වරෙන්තු ගණනාවක් අධිකරණය විසින් ලබාදී තිබුණි.පසුගිය දිනවලදී ඔහුගේ බැංකු ගිණුම් මෙන්ම දේපලද අධිකරණය විසින් තහනම් කරන ලදී.රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙකුවන ඔහු පසුගිය පාලන සමයේ සිදුවු මිග්යානා ගණුදෙනුව වැනි බරපතල ගණුදෙනු ගණනාවකට සම්බන්ධ අයෙක් බව සඳහන්වේ.