මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ රට මුහුණ දී සිටින ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට මෙම නව ආරක්ෂක නීතිය අත්‍යවශ්‍ය බවයි.
ඒ යටතේ පොලිසියට සහ ආරක්ෂක අංශ වලට අසීමිත බලතල භාවිතා කිරීමට අවසර ලැබෙන අතර ඔවුන් විසින් සිදු කරනු ලබන සියළු ක්‍රියාවන් සඳහා මුක්තිය හිමි වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ලෝරන්ට් මයිලන්ට් කියා සිටියේ නව නීතිය හරහා මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වීමට ඇති ඉඩකඩ ඉහළ යන බවයි.