topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුමාරපුරම් සමුහ ඝාතනයේ පීඩිතයෝ ජනපති හමුවී යුක්තිය ඉල්ලති.

කුමාර පුර

විසි අවුරුද්දකට ඉහතදී දෙමළ විසිහය දෙනකු මරා දැමූ බවට තමන් විසින් හඳුනාගනු ලැබූ යුද හමුදා නිලධාරීන් කිසිදු දඬුවමකින් තොරව නිදහස් කර හැරීම නිසා රටේ අධිකරණ පද්ධතිය කෙරේ තබන ලද විශ්වාසය බිඳ වැටී ඇතැයි පවසන ත්‍රිකුණාමලයේ කුමාරපුරම් ගම්වාසීන් පිරිසක් යුක්තිය පසිඳලීම සඳහා එම දිස්ත්‍රික්කයේම ඉදිකරන ලද  මන්දිරයක් විවෘත කිරීමට පැමිණි ජනාධිපතිවරයා හමුවී තමන්ට සාධාරණය  ඉටු කිරීම වෙනුවෙන්  මැදිහත්වන ලෙස ඉල්ලා සිටියහ.

“අපිට යහපාලනය විසඳුමක් දෙන්න ඕනේ. අද මුතුර් උසාවිය විවෘත කරන උත්සවයටයි අපි ඇවිල්ලා ඉන්නේ. ඒකෙන් හොඳ විසඳුමක් ලැබෙන්න ඕනේ කියලා අපි ඉල්ලා සිටිනවා,” යි ගර්භනීව සිටි සිය  මව ඇතුළු හත් දෙනකු 1996 පෙබරවාරි 11 වැනිදා ඝාතනය කෙරුනු කාන්තාවක් තම ඉල්ලීම් රැගත් සංදේශය ජනාධිපතිවරයා අත පත් කිරීමෙන් අනතුරුව කියා සිටියා ය.

කුමාරපුරම් ගමේ නිරායුද දෙමළ වැසියන් 26  දෙනකු වෙඩි තබා ඝාතනය කොට තවත් 26 දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට අධිචෝදනා ලැබ සිටි යුද හමුදා සාමාජිකයන් හය දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණය ලබා දුන් තීන්දුව පිළිගත නොහැකි බව මුතූර්හිදී  ජනාධිපතිවරයාට පෙන්වා දුන් ගම්වාසීන් ඉල්ලා ඇත්තේ නඩුව නැවත විභාග කිරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන ලෙසයි.

මුතුර් දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය වෙනුවෙන් ඉදිකෙරුනු නව ගොඩනැගිල්ල විවෘත කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උත්සව සභාවට සිහිපත් කර දුන්නේ නීතියේ ස්වාධීනත්වය රැකීම තමන් බලයට පත්කළ ලක්ෂ සංඛ්‍යාත ජනකායක ප්‍රධාන අරමුණක් වූ බවයි.

යුක්තිය පසිඳ ලීමේදී සිදුවන පමාව පොදු ජනතාවගේ දුක් ගැනවිල්ලක් බව ජනාධිපතිවරයා කියා සිටියේය.

“නීතිය අපේ උස මහත හෝ බර හෝ පාට හෝ අපේ වර්ණය හෝ අපේ ආර්ථිකය පිළිබඳව කිසිසේත් බලපාන්නේ නෑ. ඒ සියල්ලට ඉහලින් නීතිය පැවතිය යුතුයි,” කී ජනාධිපතිවරයා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් තමන්ගේ නිල කාලය තුලදී කළ හැකි සැම දෙයක්ම කරන බවට සහතික විය.

“අපිට මේකට විසඳුමක් ඕනේ. ආණ්ඩුවෙන් උනත් කමක් නෑ. ජනාධිපති උනත් කමක් නෑ. කාගෙන් උනත් කමක් නෑ,” ජනාධිපතිවරයාගෙන් යුක්තිය පතා ආ තවත් කුමාරපුර කාන්තාවක් ප්‍රකාශ කළාය.

“මියගිය අය අතර කාන්තාවන් හයදෙනකු, පිරිමි පහක් සහ ළමුන් 13ක් සිටි බව සිහියේ තබා ගැනීම වැදගත්ය. ඒ කාන්තාවන් අතර නව මස් ගැබිණි මාතාවක් සහ දුෂණය කොට ඝාතනය කරන ලද දහසය හැවිරිදි දැරියක්ද සිටි බව,”  ජනාධිපතිවරයා හට දුන් සංදේශයේ සඳහන් වෙයි.

කුමාරපුරම් සමුලඝාතනය සම්බන්ධයෙන් චෝදනා නගා තිබුනේ මුතූර්, දෙහිවත්ත හමුදා කඳවුරේ සේවය කළ කෝප‍්‍රල්වරුන් වන  එස්.ජී.නිශාන්ත, එන්.එම් අජිත් සිසිර කුමාර, එම්.පී කපිල දර්ශන, එච්.එම් අබේසිංහ, පී.පී උපසේන හා එච්.එම් අබේරත්න  යන  අයටය.

කුමාරපුරම් ගම්මානයට යන කිලිවෙට්ටි-මුතුර් මාර්ගයේ 58 හන්දිය අසල හමුදා සෙබළුන් දෙදෙනකු වෙඩි තබා මරා දමා තිබෙනු දැකීමෙන් පසු යුද භටයන් හා ග්‍රාමාරක්ෂකයන් පිරිසක් ගම් වැදී එම අපරාධය කළ බව එකල වාර්තා වී  තිබුනි.

“අපි වෙඩි තියපු කෙනාව පෙරෙට්ටුවේදී අඳුරගත්තා. අපි ඊට පස්සේ යන්න කියපු හැම උසාවියකටම ගිහින් කිව්වා,” නිවසට කඩා වැදී තම මව මරා දමනු දැක තිබු එක් කුමාරපුරම් කාන්තාවක් ප්‍රකාශ කළාය.

ඇය ඇතුළු හතළිහකට අධික පිරිසක් කුමාරපුරම් සමුහඝාතනය පිළිබඳව සාක්ෂි දී තිබුණහ.

Leave A Reply

Your email address will not be published.