සෞදියේ අර්බුදයෙන් රැකියා අහිමි වෙයි.
ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිතව මතු වී තිබෙන අර්බුදය හේතුවෙන් සෞදියේ ජීවත් වන ඉන්දියානුවන් දස දහදාහකට පමණ රැකියා අහිමි වී තිබේ.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මේ නිසා ඔවුන්ට සිය ආහාර සහ නවාතැන් පහසුකම් සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි.
එලෙස රැකියා අහිමි වූ ඉන්දියානුවන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීමට ඉන්දීය විදේශ අමාත්‍යංශය මේ වන විටත් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
මෙම අර්බුදය හේතුවෙන් මේවන විට ශ්‍රී ලංකිකවන් 12 දෙනෙකුගේ රුකියාත් අහිමි වී ඇත් බවයි වාර්තා වන්නේ.